Featured

වෙල් විදානේට ගෝඨාභය කන රත්වෙන්න දෙයි

ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය ඉන්දිය රජයේ අනුග්‍රහයද ඇතුව තමා සතු කර ගත් වෙල් විදානේ ෆෝන්සේකා පසුගිය 03 වෙනිදා පාර්ලිමේන්තුවේදී ගෝඨාභයට එල්ල වූ පිත්තල හන්දියේ බෝම්බය ඔහු විසින්ම අටවා ගත් එකක් යනුවෙන් කරන ලද අමන තකතිරු කතාව සම්බන්ධයෙන් අද හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා නිසි පිලිතුරු ලබාදුන්නා…

කොළඹ කොල්ලුපිටිය පිත්තල හන්දියේදි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරමින් ත්‍රිවීල් බෝම්බයක් පුපුරුවාහැර හමුදා නිලධාරීන් තිදෙනකු මරණයට පත්කළ එල්ටීටීඊ සැකකරුවන් පස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ දී අධි චෝදනා ගොනු කරමින් නඩු පවරනු ලැබුවා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීමට තැත්කිරිම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරිම, ආධාර අනුබල දීම, හමුදා නිලධාරින් තිදෙනකු මරණයට පත්කිරිම ඇතුළු චෝදනා යටතේ මේ නඩුව පවරා තිබිණි.

2006 ජුලි මස හා දෙසැම්බර් මාසය අතර කාලය තුළදි දැනට මියගොස් ඇති බාල සිංහම් විජේ කුමාර් නමැති අය සමඟ එක්ව කුමන්ත්‍රණය කැර ත්‍රස්තවාදි කටයුතු කිරිම, දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය යුතු වැරැදි සිදු කිරිම ඇතුළු චෝදනා නීතිපතිවරයා ඉදිරිපත් කැර ඇත.පොන්නසාමි කාතුගේසු සිවාජි, සිවලිංගම් අරූරන්, පද්මනාදන් අයියර්, ශ්‍රි ස්කන්ධ රාජා ශර්මා,හා සෙල්වචන්ද්‍රන් වෙල්ලයියා තලායන් යන සැකකරුවන්ට මේ චෝදනා ගොනු කෙරිණි.

Top