Anonymous Reporter

ගාමිණී සෙනරත් නාටකයේ තවත් පියවරක්-නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මාරුකරයි

2015 ජනවාරි 07 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණී සෙනරත්ගේ රියදුරු විසින් රුපියල් කෝටි 1260ක චෙක්පත් මාරු කර එම මුදල් ගාමිණී සෙනරත් මහතාට රොස්මිඩ් පෙදෙසේ පිහිටි නිවසට ගෙන ගොස් බාරදුන් බවට සරත් දිසානායක නැමති හොරෙකු ලවා අතේ පැලවෙන් කෙප්පයක් ගැසු රනිල්ගේ දුෂණ විරෝධී බත් බැලයන් තමන් කියු කෙප්පය ඇත්ත කිරිම සදහා ඇති බාධාවක් වන නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාව මාරු කර යැවිමට කටයුතු කර තිබේ.

හිටපු ජනපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානීව සිටි ගාමිණී සෙනරත් මහතාගේ රියදුරු බව කියන පුද්ගලයාව සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම අදාළ මාරු කිරීමට හේතුවී ඇති අතර ගාමිණී සෙනරත් මහතාගේ රියදුරු බව බොරු කී සරත් දිසානායක නැමති හොරා අත්අඩංගුවට ගැනිමට කටයුතු කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතා වන අතර ඔහු එම සිද්ධිය සම්බන්ධයෙන් සියලු සත්‍ය දැනගෙන සිටිම පසුව ගොතන ලද කතාවට නුව කරන පරික්ෂණ වලට බාධාවක් බැවින් වහාම අදාළ මාරු කිරිම සිදු කිරිමට පොලිස්පති කූජිත විජේසුන්දර කටයුතු කර තිබේන බවයි අනාවරණය වි ඇත්තේ.

නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාව මාරු කර ඇත්තේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයටයි.

අදාල කතා නිර්මාණකරු කිසිම දිනක ගාමිණී සෙනරත් හෙවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ රියදුරු ලෙස කටයුතු කර නැති අතර ඔහු ගාමිණී සෙනරත්ගේ මිත්‍රයේකු වන රෝහාන් ලොකුමුදලි නැමත්තාගේ එක් රියදුරෙකු ලෙස සේවය කර තිබේ.පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කටයුතු සදහා ලොකුමුදලි නැමත්තා සහය ලබාදි ඇති අතර ඒම කටයුතු අස්සේ ඔහුගෙ නිවසේ තිබු පරිගණක ඇතුලු වටිනා භාණ්ඩ අවස්ථා ගණනාවක හොරෙන් රැගෙන යැමට අදාළ කතාකරු නොහොත් රියදුරු සරත් දිසානායක කටයුතු කර තිබේන අතර පසුව මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සරත් දිසානායක නැමැත්තා අතේම මාට්ටු වි ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණි කිරිමත් සමග ඔහු අතුරුදහන් වි තිබේ.පසුව දිගින් දිගටම සිදුකල පොලිස් පරික්ෂණ වලදි ඔහු අත් අඩංගුවට ගැනිමට පොලිසිය සමත් වුනා.

කියවන්න – ගාමිණී සෙනරත් ගැන ලියවුන “නාටක මාරයි -ගොන්ජා හමාරයි” දෙරණේ 7ත් පරාදයි 

කෝටි 1,260ක් කියන්නේ මිලියන 12,600ක්. ලංකාවේ තිබෙන ඉහළම මුදල් නෝට්ටුව රුපියල් 5000. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි හිතනවා මේ සියළුම මුදල් ගත්තේ පන්දාහේ නෝට්ටු වලින් පමණයි කියලා. එහෙම දුන්නත් පන්දාහේ නෝට්ටු 25,20,000ක්. අපි බැංකු නිළධාරින්ගේ සහයෙන් මැනලා බැලුවා 5,000 නෝට්ටු 1000ක් කිලෝ එකයි ග්‍රෑම් 20ක් බරයි. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි කිලෝ 1ක් කියමු. රුපියල් මිලියන 5ක් 1කිලෝ එකක් බරයි නම්, එතකොට මේ මුදල කිලෝ 2,520ක් නැති නම් ටොන්දෙකහාමාරක් බරයි.

බර ඉසිලීමේ ලෝක වාර්තාව උසුලන රුසියානු ජාතික ඇලෙක්සිලොව්චෙව් 2015 නොවැම්බර් 28 දින ලෝක ශූරතා තරගයේ දී එසවූ බර කිලෝ 264ක්. එතකොට ටොන්දෙකහාමාරක් ඔසවා ගෙන පහල තට්ටුවේ සිට ඉහළ මාලයට ගිය ගාමිණි සෙනරත්ට බර ඉසිලීමේ රන් පදක්කමක් ලබා දෙන්න වෙනවා. ටොන්දෙකහාමාරක් කාර් එකේ සිට නිවස තුලට ගෙන ආ ගාමිණි සෙනරත් මහතාගේ රියදුරාය කියන සරත් දිසානායක කියන මේ සාක්ෂිකරුට රිදී පදක්කම දෙන්න වෙනවා.

කියවන්න –ගාමිණි සෙනරත්ට බර ඉසිලීමේ ලෝක ශූරතාවය

Top