Featured

“සර් බය වෙන්න එපා මම ඉන්නකම් කියටවත් මහින්ද ඉන්න ආණ්ඩුවක් හදන්න ඉඩ දෙන්නේ නෑ….”

“සර් බය වෙන්න එපා මම ඉන්නකම් කියටවත් මහින්ද ඉන්න ආණ්ඩුවක් හදන්න ඉඩ දෙන්නේ නෑ….මට මේ බම්පු පක්ෂයේ(ශ්‍රිලනිප) ලොකු .නෑ…හිටං …”යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුහුණටම පවසා තිබේ.ගංගාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන බුද්ධ රෂ්මි වෙසක් කලාපය විවෘත කිරීම ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවු අතර එම අවස්ථාවට එක්ව් සිටි කැබිනට් අමාත්‍ය දයා ගමගේ සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඇසු ප්‍රශ්ණයකට මෙම් පිළිතුරු ලබාදි ඇති බවයි එම අවස්ථාවට එක්වු අප වීශේෂ වාර්තාකරු සදහන් කළේ.

“ජනාධිපතිතුමා මේ දවස් වල හැමතැන්ම කසුකුසුවක් යනවා අලුත් ආණ්ඩුවක් හදන්වා කියලා…” යනුවෙන් දයා ගමගේ අමාත්‍යවරයා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉදිරියේම කියා තිබේ.ඒ සමගම කලබලයට පත්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත “සර් බය වෙන්න එපා මම ඉන්නකම් කියටවත් මහින්ද ඉන්න ආණ්ඩුවක් හදන්න ඉඩ දෙන්නේ නෑ….මට මේ බම්පු පක්ෂයේ(ශ්‍රිලනිප) ලොකු .නෑ…හිටං …” පවසා තිබේ.ඒ කතාව ඇහුණාම රනිල්ටත් පොඩි මල් හිනාවක් මුහුණට වැටි තිබේ.පසුව රනිල්ගේ රථයේම දයාවද නංවාගේන දයාගේ කොසොල් රජතුමාගේ කතාව ගැන කියන තොරණ විවෘත කිරිමට පැමිණ තිබේ.

මහින්දගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය ශ්‍රිලනිපයේ මෛත්‍රී පිළේ ගොදුරක් කර ගැනිමට ගත් උත්සහයන් සියල්ලම අසාර්ථක විම හමුවේ මේ වන විට මෛත්‍රී පිළේ අභ්‍යන්තර ගැටුමක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.ඒකාබද්ධ විපක්ෂය වරින් වර ඉදිරියට එන අවස්ථාවලදි විවිධ උපක්‍රම භාවිතා කරමින් එම ගමන අධාල කිරිමට කටයුතු කල මෛත්‍රී පිළ අවසානයට තවත් මාස 6කින් ශ්‍රිලනීප ආණ්ඩුවක් එන බවටද මාධ්‍ය හරහා කතාවක් නිර්මාණය කිරිමට කටයුතු කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පසුගියදා ඉවත් කළ ආසන සංවිධායකයින් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් ලෙස පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කිරිමත් සමග යලිත් මෙම මෛත්‍රීගේ අමුතුම සතා අවදිකර ඇති අතර රටේ ජනතාව් වෙනුවෙන් පණවුනත් දෙන්නම් කියමින් මහින්ද සමග සිටින ඇතැම් බලයට කෑදර පිරිස් ඩැහැගැන්ම මේ වනවිට ආරම්භ කර තිබේ.ඒ සදහා මෛත්‍රීපාල සිරිසේන සියුම් උපක්‍රමයක් භාවිතාකර ඇති අතර ඒ සදහා හැකිතරම් තමන් සමග බැසිල් රාජපක්ෂ මහතා සමිපව කටයුතු කරන බවත් ඒ හරහා ඉතා ඉක්මනින්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් නිර්මාණය වන බවත් ඉතා සියුම්ව සමාජගත කරන ලෙසයි.

ඒ අනුව මුදල් අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන මාතර අධිකරණය වෙත රැගෙන ගිය අවස්ථාවේ අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතාට අධිකරණයෙන් ඇප ලබා දීමට ශ‍්‍රීලනිපයේ ප‍්‍රබල ඇමැතිවරයකු මැදිහත්ව තිබූ බවට මෛත්‍රී පිළේ වෙබ් අඩවි භාවිතා කර පුවතක් පලකිරිමත් පසුගිය සඳුදා සි.බි රත්නායකගේ විවාහ උත්සවයට මහින්ද යනකම් සිට හොරෙකු මෙන් ආ සිරිසේන ජනාධිපතිවරයා එහෙට මෙහෙට කේලාම් කියන කිහිප දෙනෙකු හමුවේ පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ  සමඟ තමන්ට පෞද්ගලික කෝන්තරයක් නොමැති බවයි.

 

මේ අතර මහින්ද පිළ අකර්මණ්‍ය කර දෙනබවට දිවුරා පොරොන්දු දෙමින් මෛත්‍රීපාල ඉදිරියේ පොරක් වි මහින්දට වෙනම එයි රැළියක් කරන්නටවත් නොදෙන බව පවසමින් තැන තැන පොර ටොක් දුන් එස්.බී. දිසානායක මහතා බත්තරමුල්ලේ පිහිටි නිවසකදී සිය හිතවතුන් පිරිසක් හා පවසා ඇත්තේ ශ‍්‍රිලනිපයේ ආණ්ඩුවේ කොටස, ඒකාබද්ද විපක්‍ෂය හා එජාපයේ කොටසක් එක් කරමින් අලූත් ආණ්ඩුවක් පිහිටවා එහි අගමැතිකම තමනට ලබා ගැනීමේ හැතියාවක් ඇති බවයි.

අදාළ සාකච්ඡා සදහා කිසිදු වැදගම්මකට ඇති අයෙකු පැමිණ නොසිටි අතර එම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යයටද තොරතුරු ලබාදෙන ලෙස බණ්ඩා පවසා ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ ශ්‍රිලංකා නිදහස් පක්ෂය මුහුණ දී සිටින අර්බුදය එනතකට යොමු කිරිම බවයි එහි සිටි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

 

Top