Anonymous Reporter

මෙන්න යහපාලනය ගංවතුරට සැඟවී ‘එට්‌කා’ අත්සන් තබයි

පවතින ආපදා තත්ත්වයට මුවා වී යෝජිත ඉන්දු ලංකා ආර්ථික හා තාක්‍ෂණ ගිවිසුම (එට්‌කා) ගිවිසුම් රාමුවක්‌ ලෙස හඟවා අත්සන් කිරීමට ආණ්‌ඩුව සූක්‍ෂ්ම ලෙස කටයුතු කරමින් සිටින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

මේ බව අනාවරණය වූ වහාම ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්‌වරාඡ් මහත්මිය වෙත විශ්වවිද්‍යාල ආචාර්යවරු 94 දෙනකු එක්‌ව ලිතව සිය අප්‍රසාදය පළකිරීමට ද පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්‌වාධීනත්වය යෝජිත ගිවිසුම මගින් උග්‍ර ලෙස කෙලෙසන බවත් මීට…

පෙර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කර දැන් පහළොස්‌ වසරක්‌ ගෙවී ගොස්‌ ඇතත් මෙතෙක්‌ එම ගිවිසුම අනුව ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ කිසිවක්‌ ලැබී නොමැති බව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මෙමගින් ඉන්දීය විදේශ ඇමැතිනියට අවධාරණය කර ඇත.

යෝජිත නව ගිවිසුම හේතුවෙන් දැනටමත් ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් බහුතරය දැඩි කලකිරීමෙන් පසුවන බව ද එමගින් තවදුරටත් ප්‍රකාශ කර ඇති ඔවුන් මෙය ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය ආක්‍රමණයක්‌ ලෙස සලකන බව ද සඳහන් කර තිබේ.

මෙම ගිවිසුම මගින් දෙරට අතර ස්‌ථිර අහිතවත් බවක්‌ ගොඩනැඟෙන බව ද මෙමගින් පෙන්වා දී ඇති ආචාර්යවරුන්ගේ සංගමය ඉකුත් මාර්තු 17 වැනි දින ශ්‍රී ලංකාවේ වෘත්තීක අංශ සියල්ලට අයත් වෘත්තීය සමිති 60 කට වැඩි ප්‍රමාණයක්‌ විරෝධතා රැලියක්‌ පවත්වමින් යෝජිත ගිවිසුම් රාමුව හෝ ඉදිරියට ගෙන නොඑන ලෙස ශ්‍රී ලංකා රජයට බල කළ බව ද සඳහන් කර ඇත.

සමන් ගමගේ

Top