Featured

මලික්ට එරෙහිව කැරැල්ලක් -සජිත් පිළට අමතරව මෛත්‍රී පිළේ නවකයොත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමිපතමයා මෙන්ම ජාතික අණ්ඩුවේ එජාපයේ තීරකයා ලෙස කටයුතු කරන සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ මලික් සමරවික්‍රම මහතා ඉලක්ක කර එජාපයේ සජිත් පිලේ කණ්ඩායම සහ එජාප තරුණ් මන්ත්‍රීන් කණ්ඩායම අභ්‍යන්තර කැරැල්ලක් අරම්භ කර තිබේන බව එජාප අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මැතිවරණයේ ලබා දුන් පොරෝන්දු මෙන්ම ආර්ථික කළමණාකරණයේ දුරුවලතා සමිබන්ධයෙන් රනිල් වික්‍රමසිංහ හා සභාපති මලික් සමරවික්‍රම අනුගමනය කරනු ලබන වැඩපිළිවෙළ කෙරෙහි ද එජාපයේ තරුණ මන්ත්‍රිවරු විවේචනය කර ඇති අතර රාජපක්ෂ ආණ්ඩුවේ දුෂණ පරික්ෂන සියල්ලම යට කිරිමටද මලික් කටයුතු කරන බවට නවක මන්ත්‍රිවරුන් අනාවරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අභ්‍යන්තරයේ පරිපාලනය සියල්ලම මලික් අතට ගැනිමත් රජයේ අමාත්‍යංශ හරහා නව ව්‍යාපෘති හෝ කිසිවක් මලික්ගේ අනුමැතියෙන් ක්‍රියාත්මක කර ගැනිමට නවක අමාත්‍යධුර දරණ එජාප මෙන්ම ශ්‍රීලනීප මන්ත්‍රීවරුන්ට නොහැකි විම මෙම අර්බුදය තීව්‍ර කිරිමට සමත්ව ඇති බවයි විශේෂ වාර්තාකරු අනාවරණය කළේ.

මලික් සමරවික්‍රමගේ ඒකාඩිපති මෙහෙයවිම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 25 කට වඩා වැඩි කාලයක් ස්වේච්ඡාවෙන් තම සේවාවන් සැපයූ වෘත්තීයවේදීන් සහ තවත් පක්ෂයේ විවිධ තනතුරු දරණ 30 කට අධික සංඛ්‍යාවක් ඉල්ලා අස්විමට මේ වනවිටත් තින්දුවක් ගෙන තිබේන බවත් ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ පක්ෂයේ ප්‍රතිසංවිධාන සදහා තමන්ගේ සාධාරණ ඉල්ලිම් අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදිමට සැලැස්වුවද එම ඉල්ලිම් සියල්ලම මලික්ගේ නිලධාරි වාදය හෙතුවෙන් කුණු කුඩයට යැම නිසා බවයි අනාවරණය වි ඇත්තේ.

Top