Featured

අර්බුදය උග්‍ර අතට,සජිත්ට තහනමක්!

හම්බන්තොට දිස්ත්‍රික්කය තුල පක්ෂයේ දේශපාලන සංවිධානයන් සාර්ථකව අවසන් කිරිමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අසමත් විම හේතුවෙන් හමිබන්තොට එජාප දිස්ත්‍රික් බලමණ්ඩලය නැවත් දන්වන තුරු නොපවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් කබිර් හෂිම් මහතා අමාත්‍ය සජිත් ප්‍රේමදාසට නියෝග කර තිබේන බව එජාප අප වාර්තාකරු අනාවරණය කලා.

පසුගිය කාලය පුරාම හම්බන්තොට දිස්ත්‍රික්කයේ එජාප ශාඛා සමිති කිසිවක් ප්‍රතිසංවිධානය කිරිමට කටයුතු නොකර ඇති බවට පැමිණිලි රාශියක් ලැබි ඇති බවත් පසුගිය කාලයේ දිස්තිරික්කයේ පක්ෂය සම්බන්ධයෙන් කෙරුණු කිසිදු ප්‍රතිසංවිධානයකට අදාලව වාර්තාවක් පක්ෂයට සැපයිමටද සජිත් අසමත් වි තිබේ.

පසුගියදා මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩලයේ රැස්විමේ දිවා ආහාරය ගනනා අතරතුර හම්බන්තොට දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වි ඇති අතර එහිදි අමාත්‍ය මංගල සමරවිර එජාප මහා ලේකම් කබිර් හෂිම්ට පවසා ඇත්තේ “සජිත් හම්බන්තොට පක්ෂය හැදුවේ නෑ….එයා කලේ තාත්තා වගේ එක එක සමිති හද හද මිනිසුන්ට සල්ලි බෙදපු එක ”

පසුව එජාප මහා ලේකම්වරයා හම්බන්තොට සම්බන්ධයෙන් ගන්නා තින්දු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිරණයක් ගැනිමට කටයුතු කරන බවත් පක්ෂයේ ක්‍රියාකාරිත්වයට හානි කරමින් කටයුතු කරන අය සම්බන්ධයෙන් ඉදිරියේදි දැඩි ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන බවද අවධාරණය කර තිබේ.

Top