Breaking
24 Jan 2025, Fri

අර්ජුන හත්පොලේ ගා ගනී-අම්මාවත් ගොනාට අන්දලා

වරාය සහ නාවික අමාත්‍යාංශයේද කිසිදු තනතුරක් ඇමතිවරයාගෙ මවට ලබා දී නැතැයිද පවසන මාධ්‍ය ලේකම්වරයා අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයාගේ බිරිඳකට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළම තනතුරක් ලබා දුන් බවට පල වන වාර්තා ප්‍රතිකේෂ්ප කරමින් අර්ජුන රණතුංග වරයා වෘත්තීය සමිති විවේචනය කලද ඇත්තටම අර්ජුනගේ මව වන නන්දනී රණතුංග මහත්මිය වරායට අනුබද්ධිත ආයතනයක අධ්‍යක්ෂක ධුරයක් දරණ බව තහවුරු වි තිබේ.

අමාත්‍ය අර්ජුන රණතුංගගේ මවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කිසිම තනතුරක් ලබා දී නැති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් තමීර මංජු මහතා ද ඊයේ අර්ජුනගේ වෙබ් අඩවියක් අන ඒආර් මිඩියා නැමැති වෙබ් අඩවියෙන් සහ නිවේදනයක් මගින්ද මාධ්‍යයට අසත්‍ය තොරතුරු ලබාදි තිබේ.

ඇමති අරුජුන රණතුංග මහතාගේ මවවන නන්දනී රණතුංග මහත්මියට වරායේ එස්. එල් එමි. පී ,එස්,සී ආයතනයෙන් අධ්‍යක්ෂධුරයක් ලබාදි ඇති බවත් වරායට සේවා සපයන ආයතනයක් ලෙස එම ආයතනය කටයුතු කරන බවද අනාවරණය වි තිබේ.

එම ආයතනයෙන් ඇමති අරුජුන මහතාගේ මවට මාසිකව රුපියල් අසු දහසක වැටුපක් හා වාහනයක් සහ ඊට අදාළ ඉන්ධන ද ලබා දී ඇති නමුත් නන්දනී රණතුංග මහත්මිය මාසික වැටුප ලබා නොගන්නා අතර එම වැටුප සිය මවවද ගොනාට අන්දවා ලබා ගන්නේ ද ඇමති පුතා බවද අනාවරණය වි තිබේ.
පසුගිය ආණ්ඩුව සමයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් රුවන් රණතුංග මහතාට ලබාදි තිබු KG 6245 යන වාහනය නන්දනී රණතුංග මහත්මිය මිට පෙර ලබා දි තිබිණි.මිට මාස කිහිපයකට පෙර බෞද්ධාලෝක මාවතේ දී අනතුකට ලක්ව එහි රියදුරු මාධ්‍යවේදීයෙකු සමඟ ගැටුමක් ඇතිකර ගත්තේ ද එම වාහනයයි.

“අඩෝ උඹ දන්නවද ඩෝ මම කවුද කියලා.. දැනගනින් පරයා..” යෑයි ගුගුරමින් සුඛෝපභෝගී ජීප් රථයක පැමිණි පුද්ගලයකු පසුගිය අප්‍රියෙල් 4 වැනිදා දහවල් “දිවයින” මාධ්‍යවේදියකුට බැණවැදී ඔහු ගමන් කරමින් සිටි කාර්යාල රථයේ රියෑදුරාට කොළඹ බෞද්ධාලෝක මාවතේ විඡේරාම හන්දිය අසලදී පහර දෙනු ලැබීය.

කියවන්න – යහපාලන පඩත්තලයෙක් දිවයින මාධ්‍යවේදීයාට පාර මැද තර්ජනය කරලා 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.