Featured

සිරිසේනගේ පුත්‍රයා ගංවතුර ආධාරයට කෙලවලා

ගංවතුර හා නාය යාම් ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම මුවාවෙන් ජනපති පුත් දහම් සිරිසේන කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ පවත්වාගෙන ගිය සහනාධාර ව්‍යාපාරයට ලැබුනු මිලියන 8ක පමණ මුදල් චෙක්පත් අතුරුදහන් වි ඇති බව ජනාධිපති මන්දිරයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

අවතැන් වුවන් සදහා කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයට ආධාරට ගෙනවිත් දෙන ලෙසට දහම් සිය ෆේස්බුක් පිටුවෙන් ඉල්ලා දැන්විම් පලකර තිබුනු අතර ඊට අමතරව ඔහුගේ නම භාවිතා කරමින් ව්‍යාපාරිකයන්ට ඇමතුම් ලබාදි ආධාර ඉල්ලා ඇති අතර ද්‍රවයම ආධාර වලට අමතරව මුදල් චෙක්පත් රැසක්ද ලැබි තිබුන අතර ඒ අතර මිලියනයේ චෙක්පත් දෙකක් සහ ලක්ෂ 5, සහ ඊට වැඩි චෙක්පත් කිහිපයක්ද තිබුන බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

කෙසේවෙතත් අදාළ ද්‍රවමය ආධාර බෙදා හැරිමට කටයුතු කර තිබුනද මුදල් චෙක්පත් සියල්ලම අස්ථාන ගතව ඇති අතර එම චෙක්පත් අතර තිබු මිලියන 10ක් වටිනා මුදල් චෙක්පත් දහම්ට ලබා දි ඇත්තේ පසුගියදා කතාබහට ලක්වු ජනතා මුදල් කොල්ල කන ආයතනයක් වන බෙස්ට් ලයිෆ් ( Best Life International)නැමති වංචනික සමාගමෙන් බවද අනාවරණය වි තිබේ.

අදාළ වැඩපිළිවෙළ කිසිදු සංවිධානාත්මක ක්‍රමයකට සකස්ව නොතිබු අතර ඒ හේතුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කල දහම්ගේ යහලුවන් එම චෙක්පත් වලට වැඩක් දුන්නාද යන්න තවමත් තහවුරු වි නෑ

Top