Featured

නෂීර් අහ්මද් අමනයාට එරෙහිව ත්‍රිවිධ හමුදාව කෙලින් හිටගනී

වළං කඩේට පැන්න ගොනා හෙවත් නැගෙනහිර පලාත් මහ ඇමති නෂීර් අහ්මද් අමන තකතිරුවාගේ ක්‍රියාකලාපය හෙළාදකිමින් යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත සිල්වා මහතා නෂීර් අහ්මද් අමන තකතිරුවා යුධ හමුදා උත්සවයකට හෝ කිසිදු හේතුවක් මත හමුදා කදවුරක් තුලට ඇතුලූ කර නොගන්නා ලෙසට සියලුම හමුදා නිළධාරින්ට උපදෙස් දි තිබේ.

සාමිපූර් නාවික කදවුර භාර ප්‍රධානී කපිතාන් රංජිත් ප්‍රේමරත්න මහතාට ඉතා පහත් අන්දමින් කතා කිරිමත් සමග ත්‍රිවිධ හමුදාව තුල දැඩි කැළඹීමක් ඇතිව ඇති අතර ආරක්ෂක ප්‍රධානින් සහ රජයේ වගකිවයුතු නිළධාරීන් නීතිය හමුදාවේ කිර්තිය රැකිමට උත්සුක නොවන්නේ නම් තත්ත්වය දරුණු විය හැකි බවද හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්වරයාටද (පයිප බාස් ) දැනුම් දි තිබේ.

මේ අතර මෙරට ඉතිහාසයේ හමුදාවක් විසින් මහ ඇමතිවරයෙකුට විරෝධය දැක්වු අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට මේ සම්බන්ධයෙන් වූ වාර්තාවක් ලබා දීමට කටයුතු කර තිබේ.

එම වාර්තාව හරහා නාවික හමුදා නිලධාරියෙකුට නැගෙනහිර මහ ඇමතිවරයා ප‍්‍රසිද්ධ උත්සවයකදී පහත් ලෙස බැන වැදීම සම්බන්ධයෙන් නාවික හමුදාව අප‍්‍රසාදය පල කර තිබේන බවද වාර්තා වේ.

Top