Featured

අනේ සිරි පනේ …මට ප්‍රභාගේ මරණ සහතිකය දෙන්නකෝ…

මිනීමරු කොටි නායක ප්‍රභාකරන් මියගිය බව කවුරුන් විශ්වාස කලද මරණ් සහතිකයක් ලැබෙන තෙක් තමන් එය විස්වාසය නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්ගේ සෙවනැල්ල අන විජේකලා මහේෂ්වරන් පවසා තිබේ.

ලංකාදිප පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය සදහන් කර ඇත්තේ තමන්ට මරණ සහතිකයක්
ලබාදුනහොත් තමන් ප්‍රභාකරන් මියගිය බව විශ්වාසය කරන බවයි.

ප්‍රශ්ණය-ඔබ ප්‍රභාකරන් සැමරුවේ නෑ

පිළිතුර – නෑ…නෑ… ප්‍රභාකරන් සමරන්න ගියේ නෑ ..අනික ප්‍රභාකරන් මැරිලා නෑ …ඔයාලා දැක්කාද?

ප්‍රශ්ණය -කරුණා අම්මාන් ගිහින් දේහය හදුනා ගත්තා?

පිළිතුර-ඒ එයානේ…දෙන් යුද්ධේ ඉවර වෙලා අවුරුදු හතක් වුනා….මරණ සහතිකයක් අපට දුන්නාද?දුන්නා නම්
පෙන්නනකෝ….මිඩියා එකෙන් පෙන්වන්න …මරණ හතිකය දෙන්නකෝ…

ප්‍රශ්ණය-ඒ කියන්නේ ප්‍රභාකරන් මැරිලා කියලා ඔබ පිළිගන්නේ නෑ

පිළිතුර- මම විශ්වාස කරනවා මරණ සහතිකය ගෙනල්ලා ඔයගොල්ලෝ පෙන්වනවානම්…

DIGITAL CAMERA

ප්‍රභාකරන් වෙඩි කා මළ දවසේ මහේෂ්වරන්ලා ගත්තු සිගීති ආතල්

මේ හරහා රාජ්‍ය අමාත්‍යවරිය උත්සහ ගන්නේ එදා නන්දිකාඩාල් කලපුවේ බල්ලේකු මෙන් යුධ හමුදා ප්‍රහාරයකින්
මියගිය ත්‍රස්තවාදී නායකයා සදහා රජයේ පිළිගත් මරණ සහතිකයක් ලබා ගැනිම බවත් මරණ සහතිකයේ ලබාගැනිමට
උත්සහ කරනේ මන්ද යන්න අමුතුවෙන් කිවයුතු නෑ.

යම් දවසක ප්‍රභාකරන් බල්ලාට මරණ සහතිකයක් ලබාදෙන්නේ නම් එහී මරණයට හේතුව ලෙස සදහන් කල යුත්තේ
කුමක්ද?

ප්‍රභාකරන් හා පොට්‌ටුඅම්මාන්ගේ මරණයන් සම්බන්ධව මරණ සහතික නිල වශයෙන් නිකුත් කර නැතත් ඔවුන් යුද්ධයේදී එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය බවට ශ්‍රී ලංකා පොලිසිය මගින් වාර්තාවක්‌ ඉදිරිපත් කර තිබිණි. අනතුරුව ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශයත් සමගම චූදිත එල්. ටී. ටී. ඊ. නායකයන් දෙදෙනාම මිය ගොස්‌ සිටීම නිසා අදාළ නඩු විභාගය නතර කිරීමට නීති අංශ පියවර ගෙන තිබේ.

Top