LNN SPY

ශ්‍රිලනිපය ඇතුලු සන්ධානයම මහින්ද සමගයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුලු සමස්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයම මේ වනවිට මහින්ද රජපක්ෂ මහතා සමග එක්සත් ජාතික පක්ෂය පරාජය කිරිම වෙනුවෙන් එකට එකමුතුව සටන ආරම්භ කර තිබේන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.
“විවිධ කණ්ඩායම් පසුගිය දින කිහිපයේ පක්ෂය කඩාගෙන ගිහින් වෙනත් විකල්ප කණ්ඩායම් නිර්මාණය කිරිමට කටයුතු කලා …නමුත් අද වෙනකොට ඒ තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වෙලා….ඊයේ වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග යම් හෝ අවුලක් තිබුනු හැමොමත් දැන් ඒ ප්‍රශ්ණ විසදගෙන ඉවරයි….””මේ සමගිය බලාගෙන ඉන්න බැරි ඔය සමහර කට්ටිය දැන් රටෙත් නෑ”
” මම හිතන්නේ ශ්‍රි ලංකාවේ ඉහලම ආසන සංඛ්‍යාවක් සහිතව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් අපි අගොස්තු 17 වැනිදා මැතිවරණයෙන් හදනවා එකේ දෙකක් නෑ….ඒ වගේම අපි කල්පනාකාරිව කටයුතු කරන්න ඔනෑ….මොකද බෙදුම්වාදී කුමන්ත්‍රණකරුවන් හැමතැනම ඉන්නවා..”
Top