Anonymous Reporter

චොක්ලට් කැල්ලට මිනිමරුවන්ට සෙත් පතන ඕමල්පේ සෝභිත

මෛත්‍රීපාල සිරිසේනගේ ජඩ පොලිසිය අරක්කු බොතලයක් නොදිම නිසා පහර දි ඉහල මාලයෙන් පහලට විසිකිරිමෙන් ඝාතනය කල සුමිත් ප්‍රසන්නගේ තරුණයාගේ මරණ පරික්ෂණය සම්පුර්ණයෙන්ම ඔහු විසින්ම සියදිවි නසා ගැනිමක් ලෙස අර්ථකතනය කර ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මහතා නිදහස් කිරිමට යහපාලන අධිකරණය කටයුතු කර තිබේ.

මෙහි ඇති නියම කොටසනම් යහපාලන අධිකරණය හරහා නිදහස ලබාගත් මිනිමරු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න පිලිගැනිමට කටයුතු කලේ ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ඝාතනය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග නොගන්නා ලෙස මියගිය අයගේ බිරිඳ වන ශෂිකා නිශාමනී මුණසිංහට බලපෑම් කල හෙළ උරුමයේ නල්ල මලේ නායක ඕමල්පේ සෝභිත හිමියන් ය.

ඇප පිට නිදහස් වූ ධර්මරත්න පෙරගමන් පොලිස් ජිප් රියක ආරක්ෂාව යටතේ බෝධිරාජාරාමයට ගියේය. එහිදී හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමි ඇතුළු සංඝරත්නය සධාතුක කරඬුව හිසේ තබා පිරිත් දේශනා කර සෙත් පැතූහ. පිරිත් දේශනා කළ හිමිවරුන්ට ධර්මරත්න චොක්ලට් පූජා කළේය. බෝධිරාජාරාමයේද ආරක්ෂාව තර තිබිණි.

සිය ගණනක් ජනතාව ඉදිරියේ ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ඉහල මාලයේ සිට බිමට තල්ලු කරදමා ඝාතනය කල ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්දට අද ඕමල්පේ සෝභිත හිමියන් ආගමික වතාවත් කර බෞද්ධ ආගමටත් නිග්‍රහ කිරිමට කටයුතු කර තිබේ.

හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමි සහ චන්දිමා කොඩිතුවක්කු නම් ව්‍යාපාරික කාන්තාවක් ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ඝාතනය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග නොගන්නා ලෙස මියගිය අයගේ බිරිඳ වන ශෂිකා නිශාමනී මුණසිංහට බලපෑම් කරන බවට ඇය විසින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා ඇත. අගතියට පත් පාර්ශවයේ නීතිඤ විජිත පුංචිහේවා සහ ජනාධිපති නිතිඤ හේමන්ත වර්ණකුලසූරිය අනාවරණය කරනු ලැබුවා.

සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නට ලගදිම ඇප ලැබිමට නියමිතය බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කලා.

කියවන්න –අපි කියු දෙයක් වැරදිලා නෑ -ඇඹිලිපිටිය ඝාතනයෙන් පොලිසිය බේරෙයි

හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමි හා ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න ගණුදෙනුව මොකක්ද?

හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමි සම්බන්ධයෙන් ඇති චොදනා රැසක් පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න විසින් හොර රහසෙම සමතයකට පත්කර ඇති අතර ඒ අතර හොරෙන් ගස් කැපිම,ස්ත්‍රීයන් කිහිප දෙනෙකුට අතවර කිරිම සහ මුල්‍ය වංචා කිහිපයක්ද ඇති බව අප වාර්තාකරු අනාවරණය කර සිටියා.

ඒ පිළිබඳව සම්පුර්ණ අනාවරණයක් ලගදිම බලාපොරොත්තු වන්න …………………

අනිල් විරවන්නි ඇඹිලිපිටිය

Top