Anonymous Reporter

යුද හමුදා අවි ගබඩාව පුපුරුවා හැරිම කුමන්ත්‍රණයක්! අපි කියූ දෙයක් වැරදිලා නෑ

Published on: Jun 9, 2016 – ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර ඊයේ සවස කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකර ඇති බවට අප කළ අනාවරණයන් මේ වනවිට රටේ ප්‍රධාන මාධ්‍ය හරහාද තහවුරු වෙමින් තිබේ.

අද දිවයින අනාවරණය 

කොස්‌ගම සාලාව යුද හමුදා අවි ගබඩාව ඉරිදා (05 වැනිදා) සවස හදිසියේ පිපිරී විනාශවී යැම තවමත් අභිරහසකැයි ආරක්‌ෂක අංශ පවසයි. වසර තිහක්‌ පුරා පැවැති යුද සමයේදීවත් මේ සා විශාල අවි ගඩබාවක්‌ මෙලෙස පිපිරී විනාශවී ගියේ නැතැයි සාලාව යුද හමුදා කඳවුරේ නිලධාරීහු ‘දිවයින’ට පැවසූහ.

මේ වනවිට මෙම පිපිරීම සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙන වෙනම පරීක්‍ෂණ සිදු කරන බවත් එම පරීක්‍ෂණ වාර්තා ලැබෙන තෙක්‌ පිපිරීමට ආසන්න හේතුවක්‌වත් සිතා ගැනීමට නොහැකි බවත්, සාලාව කඳවුර පරිශ්‍රයේ මේ වනවිට රැඳී සිටින හමුදා නිලධාරීහු කියා සිටියහ.

ඉරිදා සවස 5.45 ට පමණ කඳවුරේ අවි ගබඩා පරිශ්‍රයේ විශාල දුම් වළාවක්‌ අහසට නැගුණු බවත් ඊට ටික වෙලාවකට පසු ගඩබාවේ සුළු අවි ගිනිගෙන පිපිරීමට පටන්ගත් බවත් ඔවුහු කියා සිටියහ.

අවි ගබඩාව පිපිරෙන බව දැනුන වහාම ප්‍රදේශවාසීන් කඳවුර පරිශ්‍රයෙන් ඉවත් කිරීමට ආරක්‌ෂක අංශ ක්‍ෂණිකව පියවර ගැනීමෙන් පසු සවස 6.30 පමණ වනවිට ගබඩාව පිපිරී විනාශ වූ බවද ඔවුහු කියා සිටිති.

මෙම පිපිරීම සම්බන්ධ ප්‍රදේශවාසීන් විවිධ අදහස්‌ පළ කරන අතර ඇතැමුන් කියා සිටියේ යුද්ධය පැවැති කාලයේවත් සිදුනොවූ මෙම පිපිරීම කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ දැයි සැක සිතෙන බවයි.

කෙසේ වෙතත් දැනට සිදුකරන පරීක්‍ෂණවල වාර්තා ලැබුණු පසු පිපිරීමට ආසන්න හෝ නිශ්චිත හේතුව රටට කීමට රජය කටයුතු කරනු ඇතැයි අප කළ විමසීම්වලදී ආරක්‌ෂක අංශ ප්‍රධානීහු කියා සිටියහ.

අපේ සටහන – මේ වනවිට අප විසින් සිදුකර ඇති සියලු අනාවරණයන් සත්‍ය වෙමින් තිබේන අතර ඊට අදාළ තවත් සාක්ෂි රැසක් අපට මේ වනවිට ලැබි තිබේ.ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි අනාවරණය කිරිමට අප සුදානමින් සිටි.

http://www.lankanewsweb.today/archives/11152

http://www.lankanewsweb.today/archives/11176

Top