Breaking
24 Feb 2025, Mon

ගෝඨාගේ කේන්දරය අරන් දිල්රුක්ෂි,නිලුකා හමුවේ

බෙදුම්වාදී රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යමපලාන දඩුවම මන්දිරයේ දඩයම් කුමාරි නොහොත් අල්ලස් කොමිසමේ විධායක බලතල හිමි අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් මේ දවස්වල ගැහැණුද පිරිමිද කියලා දන්නේ නැති සිරිසේන මහත්තයාගේ ජ්‍යොතිෂය පිනවන්නි සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් නිලුකා ඒකනායක හමුවිමට ඇයගේ පැලවත්තේ නිවසට පසුගියිදා ගොස් ඇති අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනිමට ඔහුගේ කෙන්දරයට අනුව හොද දවසක් එනම් ගෝඨාභයට නරක දවසක් ලබාදෙන ලෙස ඉල්ලිමක් කර තිබේන බව නිලුකා පාර්ශවයෙන් වාර්තා වේ.

පසුව ගෝඨාභය රාජපක්ෂගේ කෙන්දර කොපිය සහ ඔහුගේ උපන් දිනයට අනුව සිදුවන අංක විද්‍යාත්මක ක්‍රමවේදයන්ද සකස් කර බැලු නිලුකා පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මේ කපේට අත් අඩංගුවට ගැනිමට නොහැකි බවත් ඒ සදහා උත්සහ ගැනිම හේතුවෙන් තව තවත් ඔහුගේ ජනප්‍රියත්වය වැඩි වන බවත්‍ ය.

කෙසේ නමුත් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ පසුගිය කාලසීමාව තුලම ගෝඨා පැහැර ගැනිම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළෙ බත් බැලයන් ගත් උත්සහයේ අලුත්ම පියවර නිලුකා ලවා කෙන්දර පරික්ෂා කිරිම හරහා සමාජ මතය වෙන දිශාවකට යොමු කිරිමේ උත්සහයක් බවයි.

ගෝඨාභය රාජපක්ෂට එල්ල වි ඇති අසත්‍ය චොදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට ගෙනවිත් ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත් කිරිමට අවස්ථා ගණනාවක උත්සහ ගත්තද ගෝඨාභය හිරේ දමා ආණ්ඩුව ලක්ව ඇති ජනතා අප්‍රසාදය තවත් වැඩි කර ගැනිමට ඇති අකමැත්ත නිසා එය අතහැර දමන්නට වුනා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.