Anonymous Reporter

වෙන්ව ගමන් කරමු එක්ව පහර දෙමු

1815 ඓතිහාසික ඛේදවාචකය

සිංහලේ අවසාන රාජධානිය වූ සෙංකඩගල 1815 ගිවිසුමෙන් පසුව අවසන් විය. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව සිංහලේ එතෙක් පැවැති පාලන රටාවෙහි බලවත් වෙනස්කම් රාශියක් ජනතාවට දැනෙන්නට විය. දළදා පෙරහැරේ රජකු නැති අඩුපාඩුව දැනිණ. ගිවිසුමෙහි හතරවන කොන්දේසිය අනුව චිරාගත සම්ප්‍රදායට අනුව දිසාවේ, කෝරලේ, විදානේ ආදි පදවිවලට පත් වලට පත්වීම් කල යුතු වුවද එය අමු අමුවේ උල්ලංඝනය කලේය. 1817 දී ,වෙළෙඳාමෙහි යෙදී සිටි මුස්ලිම්වරුන් ඌව වෙල්ලස්සේ මුහන්දිරම්වරයෙක් ලෙස නයිනා මරික්කාර් නම් මුස්ලිම් අයෙක් පත් කර ගැනීමට සමත් විය.. මුස්ලිම් මුහන්දිරම්වරයකු පත් කිරීම චාරිත්‍ර විරෝධී බව සිංහලයන්ගේ අදහස විය. මෙම සිදුවීම පාදක කොට 1817 කැ‍රැල්ල ඌව වෙල්ලස්සෙන් පැන නැගිනි.කැරැල්ල ගැන විභාග කිරීමට ඉංග්‍රීසින් විසින් පිටත් කර හැරියේ අලුතින් පත් කරන ලද නයිනා මරික්කාර් හඡ්ජි මුහන්දිරම් ය. සිංහලයෝ හඡ්ජි මුහන්දිරම් අල්ලා කස පහරදී මරා දමනු ලැබූහ. අනතුරුව හමුදා භට පිරිසත් සමඟ දිසාපති විල්සන් පිටත් විය. විල්සන්ගේ මළ සිරුර පවා සොයා ගැනීමට නොහැකි විය.

ජෝන් ඩොයිලි, කැරැල්ල මැඩපැවැත්වීම සදහා කැප්පෙටිපොළ පිටත්කර යෑවීය. මහ නිලමේට අළුපොතදී කැරැලිකරුවන් හමු විය.මොවුන් අතර බූටාවේරාළ, කිවුලේගෙදර මොහොට්‌ටාල වැනි මුල් පෙළේ කැරැලි නායකයෝ වූහ. තම මව්බිම පරදේශක්‌කාරයන් ගෙන් මුදාගනු වස්‌ හෙලයන්ට පක්‌ෂව ක්‍රියා කළ යුතු මැනැවැයි ඔවුන් පෙන්වා දුන්හ. .ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කිරීමට තමා සූදානම් බවට කැප්පෙටිපොල ‍රැස්ව සිට මහ සෙනග ඉදිරියේ ප්‍රතිඥ දුන්නේය. ආණ්‌ඩුවේ ගබඩාවෙන් රැගෙන ආ අවි-ආයුධ ආපසු යෑවූ කැප්පෙටිපොළ , බ්‍රවුන්රිග් වෙත පණිවිඩයක්‌ යෑවීය. “තොපේ තුවක්‌කුවලින් තොපට වෙඩි තැබීම සිංහල අපට තරම් නොවේ, ඌවේ දිසාව ඉංග්‍රීසින්ට එරෙහිව නැගී සිටින බව දන්වා සිටිව්” .දේශ ද්‍රෝහී හංවඩුව ගසාකැප්පෙටිපොළගේ හිස ගසා දැමුවද , වීරත්වයේ සහ දේශප්‍රේමයේ සංකේතයක් ලෙස අදද මතුවටද ඔහු ජීව මානය.

2015 ඓතිහාසික ඛේදවාචකය

එදා 1815 උඩරට ගිවිසුමෙන් සිංහලයාට කල විනාෂය මෙදා 2015 යහපාලන ආන්ඩුවෙන් සිදු කරමින් පවතියි. ඇමෙරිකානු අධිරාජ්‍ය වාදයේ මූලෝපායයන්ට ලංකාව යටත් වී ඇත. චීනයට එරෙහි වූ යහපාලන රජය ඉන්දියාව සමග සන්ධාන ගත විය. මහ ජාතිය වූ සිංහලයා සුලු ජාතීන් හා සමතැන්හි ලා සලකනු ලබයි. උතුරේ අධිආරක්ෂිත කලාප ගලවා අවසානය. ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියාවට විකිනීමට සැලසුම් සකසයි. ඊනියා ඉන්දු ලංකා ගිවිසුමේ සියලු කොන්දෙසි ඉටු කිරීමට එකග වූයේය.මුස්ලිම් ජනතාව වෙනුවෙන් වෙනම කලාපයක් වෙන් කෙලේය.ඉන්දියාවේ වෙසෙන සරනාගතයන් ලක්ෂ දෙකක් මෙරටට ගෙන්වීමට එකග වී ඇත. ආර්ථිකය ඉන්දියානුවන්ට නිදහස් කිරීමට පිඹුරු සකසයි. ග්‍රමීය ආර්ථිකය නංනත්තාර කලේය. සුලු ජාතීන් පිනවීමට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එයි. ගිරිතලේ යුද හමුදා බුද්ධි බලකා කදවුර සීල් කලේය. හමුදාවේ ප්‍රධාන අනදෙන රේඛාවට ප්‍රසිද්ධියේ අවමන් කලේය.

ලෝක ආර්ථිකයේ පතාකයා

චීනය ලෝකයේ විශාලතම තෙල් ආනයනකරුය. විශාලතම ඛනිජ සම්පත් ආනයනකරුද චීනයයි, තෙල් අවශ්‍යතාවන්ගෙන් සියයට 60 මැද පෙරදිගින් ආනයනය කරයි. ඛනිජ සම්පත් වලින් සියයට 45ක් අප්‍රිකානු කලාපයෙන් උකහා ගැනීමට නියමිතය. චීනයට තෙල් ගෙනයාමේ මාර්ගය ඉදිකරනුයේ පකිස්ථානය හරහාය. මේ සදහා පාකිස්ථානය සමග අත්සන් කල අවබෝදතා ගිවිසුම් ඩොලර් බිලියන 71 ක අගයක් වෙයි. මෙය ඇමෙරිකාව එදා මෙදා තුර පකිස්ථානය තුල ආයෝජනය කර ඇති මුදල මෙන් තුන් ගුනයකි . ඒ අනුව පකිස්ථානයේ ගවදාර් වාරය අවුරුදු 40 කට චීනය වෙත පැවරුනි. ගවදාර් සිට චීනයට දිවයන තීරු 8ක අධිවේගී මාරගයේ දිග කි මි 3000 කි. මෙය හුදෙක් අධිවේගී පාරක් පමනක් නොව නල මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් ප‍්‍රවාහන, ජලවිදුලිබල, සංනිවේදනය සහ මහාමාර්ග ජාලයකින් ද සමන්විත වේ. අප්රිකානු මහාද්වීපයෙන් උකහා ගනු ලබන සම්පත් නල මගින් ලංකාවට රැගෙන විත් යලි චීනයට පැටවීමේ ක්‍රමෝපායක් විය. මෙකී ක්රියාවලියේ මධ්‍යම වැඩපොල ස්ථාපිත කිරීමට යෝජිත වූයේ හම්බන්තොටය. ආන්ඩු පෙරලියත් සමග මෙම ව්‍යපෘතිය ඇනහිටියේය.

පස මිතුරන්

වාපී සංස්කෘතියෙන් පෝෂනයවූ අනුරපුර රාජධානිය හැරදමා සිංහලයා දකුනට පසුබැස ගියේ ඉන්දියානු ආක්‍රමන හේතුවෙනි. ඉන්දියාව යනු සිංහලයාගේ අංක 1 පසමිතුරු රාජ්‍යයයි. අංක 2 සතුරු රාජ්‍ය වන්නේ සුලු ජාතීන්ට කත් අදින බ්‍රිතාන්‍ය ඇමෙරිකා හවුලයි. දන්නා ඉතිහාසයේ මොවුන් ඉදිරියේ දන නොනැමූ පාලකයන් ඇත්තේ දෙදෙනෙක් පමනි. එක් අයෙක් රණසිංහ ප්‍රේමදාසය අනෙකා මහින්ද රාජපක්ෂය. වර්තමාන පාලන වෘත්තයේ ප්‍රභල සාමාජිකයන් වන්නේ රනිල්, මංගල සහ චන්ද්‍රිකාය. ලියුම්කරු 1997 වසර ගතකලේ දියතලාව ගුවන් හමුදා කදවුරේ කැඩෙට් නිලධාරියෙකු ලෙසය. ගුවන් හමුදාවේ මුඛය කාර්ය එයාර් ඔපෙරෙෂන් ය. එම විෂය ඉගැන්වීම නම් කරතිබුනේ එ.ජා සංවිධානය නියොජනය කාල ඇමෙරිකානුවෙක් සහ ඉන්දියානු ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් භක්ෂි නම් අයෙකි. මොවුන්ගේ දේශනාව පුරාවට කලේ යුධ අපරාධ පිලිබදව හුබස් බිය ඇතිකිරීමය. ඉන්දියානු ගුවන් හමුදාවට අවැසි නම් පැය 24 තුල ශ්‍රීලංකාව යටත් කාල හැකි බවට භක්ෂි පාරම් බෑවේය. ලංකාවේ මර්මස්ථාන, හදිසියකදී ගුවන් යානා ගොඩබැස්විය හැකි පිට්ටනි පවා සිතියම් ගත කොට ඇති බව ඔහු කීවේය. කැඩෙට් නිලධාරීන්ට මෙවන් පුද්ගලයන් ලවා දේශන පැවැත්වීම මංගල – චන්ද්‍රිකා සමයේ සුලභ දසුනක් විය. ත්‍රස්තවාදියෙකු රජ්‍ය නායකයා හා සම තැන්හි තබා ගිවිසුම් ගැසුවේ රනිල් ය. මංගල-චන්ද්‍රිකා- රනිල් දේශ ද්‍රෝහී හවුල අද යලි බලයට පැමින ඇත.

කුලී හේවායන් සහ හමුදාවක් අතර වෙනස

රටක මුර දේවතාවන් වන්නේ ත්‍රිවිධ හමුදාවය, රටක දිශානතිය තීරනය වන්නේ ඔවුන් අතිනි. ඔවුන් රටකට අභිමානයක් ගෙන දිය යුතුය. වැටෙන දෙයක් කා බඩ වියත ‍රැක ගැනීමට සිතන හමුදාවකින් ඇති ඵලක් නැත. එදා නැගෙනහිර මහ ඇමති නාවික හමුදා නිලධාරියාට නිකරුනේ බැනවදින විට ” සොරි, සොරි ” යයි කියා හැකිලුනේය. එම හැසිරීම සෙන්පතියෙකුට තරම් වීද ? ඔහු සිංහල ජාතියට ඔහු ගෙනදුන් අභිමානය කුමක්ද ? අඩුම තරමින් ” මයින්ඩ් යුවර් ලැන්ග්වෙජ්” යයි වත් කීමට කොන්දක් ඔහුට නොතිබින. රටට – ජාතිය ගැන කැක්කුමක් නොමැති මුත් වැ‍ටුප ගැන පමනක් සිතන පිරිසක් ද වෙයි. ඒ කුලී හේවායන්ය. හමුදා සාමජිකයාගේ අභිමානය , දේශප්‍රේමය ඔහු විසින් ගොඩනගා ගත යුතු විනා බලෙන් ඇතුල් කල නොහැක. එසේ නොමැති වූ තරු පටි ජාතියේ අවසනාවකි.

සෙන්පතියකුගේ අභිමානය

සෙන්පතියන්ගේ අභිමානය කිම දැයි උදාහරණයකින් පෙන්වා දිය හැක. 1999 වසරේ පකිස්ථානයේ පාලකයා වූයේ නවාස් ශෙරීෆ්ය. හමුදා ප්‍රධානියා වූයේ පර්වේෂ් මුශාරෆ්ය. හමුදා ප්‍රධානි පර්වේෂ් මුශාරෆ් නිල සංචාරයක් සදහා ලංකාවට පැමිනියේය. සංචාරය නිමකොට P.K 805 ගුවන් යානයෙන් සිය රට බලා පිටත් විය. මේ වන විට නවාස් ශරීෆ්ගේ හදිසි ගැසට් නිවෙදනයක් මගින් මුශාරෆ් ගේ විශ්‍රාමය නිවේදනය කර තිබුනි . නවස් ශරීෆ්ගේ ගැත්තෙක්වූ බුද්ධි අංශ ප්‍රධානී ජෙනරාල් සියාවුඩීන් බට් හමුදා පති ධූරයේ පිහි‍ටුවා තිබුනි. P.K 805 යානය ගොඩ බැස්වීමට නියමිත වූයේ කරච්චි නුවරය. නමුත් කරච්චියේ හෝ පකිස්ථානු භූමියේ වෙනත් කිසිදු ගුවන් තොටක ගොඩ බැස්වීමට PK 805 ට අවසර නොමැති බව පාලන මැදිරියෙන් දැන්වීය. ව්‍යතිරේඛය වූයේ ඉරාණයේ චබාහර් හෝ ඉන්දියාවේ අහ්ම්මඩාබද් ගොඩ බැස්වීමය. හමුදා නායකයා කොක්පිට් එක තුලට ඇතුල් විය. පස මිතුරු ඉන්දියාවේ ගොඩ බැසීම මුශාරෆ් ප්‍රතික්ෂේප කලේය, ඉරාන ගුවන්තො‍ටුපලට යාහැකි තරම් ඉන්ධන නොමැති බව සැල කලේය. ඉන් නොනැවතුනු මුශාරෆ් පෙරලා පහරදීම ආරම්භ කලේය. පකිස්ථානු හමුදාවේ අනදෙන්නා තමා බව ශපත කලේය. රජ්‍යයේ පරිපාලන මුලස්ථාන , ජනමාද්‍ය ආයතන , ගුවන්තො‍ටුපල, සංන්නිවේදන කුලුනු වල පාලනය නතු කර ගැනීමට හමුදාවට නියෝග කලේය. නවාස් ශෙරීෆ් වහාම අත් අඩංගුවට ගැනීමට හමුදාවට නියෝග කලේය. සුලු මොහොතකින් අනුත්තර හමුදා අනදෙන්නා ආරක්ෂිතව මව්බිමට ගොඩ බැස්සේය.

වෙන්ව ගමන් කරමු එක්ව පහර දෙමු

ඉන්දියන් – ඇමෙරිකා පසමිතුරු කදවුරේ සෙවන ලබන යහපාලන රජය සෑම අතින්ම ජාතියට, ආගමට සහ ත්‍රිවිධ හමුදාවට ද්‍රොහී වී ඇත. ඉතිහාසයේ පෙර කිසිදා නොවු විරූ පරිදි බුද්ධ චීවරය හෑල්ලුවට ලක් කලේය . විවිධ පර්ශව පිනවීමට බුද්ධ පුත්‍රයන් සිර ගත කලේය . පනගසා නැගිටිමින් තිබූ ගොවිතැන වල පල්ලට ගෙන ගියේය. . දුෂණය ඉහ වහා ‍රැගෙන ගියේය. යහමින් එදා වේල සරිකරගත් කම්කරුවාගේ බඩට ගැසුවේය. වෙද , ගුරු ඇතුලු රාජ්‍ය සේවට කොකා පෙන්නුවේය. රජයේ හමුදාවේ අභිමානය කෙලෙසා සාහසික ලෙස නිරුවත් කලේය . ජාතික ආරක්ෂාව පසමිතුරන් අතට පත්කලේය. සොයුරණි..ගැමුනු, විජයබා රජ දවස පටන් මව්බිමේ ඒකීය භාවය වෙනුවෙන් දේශප්‍රේමීන් හෙලූ රුහිරයට අප ණය ගැතිය. මාතෘභූමියේ උරුමය මතු පරපුරට රක්ෂා කලේ ඔවුන්ය. මාතෘ භූමිය සු‍රැකීමේ යුතුකම අත් හල නොහැකි වගකීමකි. මව් බිමේ ආරක්ෂාව වෙනුවෙන් වෙනුවෙන් යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක හඹා යා යුතුව ඇත . පරයන් ඉදිරියේ දනින් වැටෙන රාජ්‍යක නිව‍ටුන් ලෙස නොව සටන්කාමී ධජය මව් බිමේ නාමයෙන් වැලදගත යුතු නිමේශය එලඹ ඇත.
විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක.

Top