Featured

කොස්ගම තවත් අනතුරක් අතලග!

පසුගියදා යහපාලන කුමන්ත්‍රණකාරීන් පුපුරුවාහැරි සාලාව අවි ගබඩාව අවට ජනතාවට තවත් අනතුරක් අත ලගටම පැමිණ ඇති බව එම ප්‍රදේශයේම ජිවත් වන ප්‍රියංගික ගුණවර්ධන විසින් අනාවරණය කර තිබේ.

ඉකුත් දා සාලාව අවි ගබඩා සංකීර්ණයේ සිදු වූ පිපිරිම නිසා භීතියට පත් ජනතාවට තවත් අපලයක් ලගා වෙමින් පවතී.1994 වර්ෂයේ දී ඉහල කොස්ගම පිහිටුවන ලද රෝයල් ෆ්ර්න්වුඩ් පෝසිලෙන් ලංකා කර්මාන්ත ශාලාවෙහි ඇති ගෑස් ටැංකි 3 පිපිරීමේ අවදානමක් උද්ගත වුවහොත් ඒ සදහා කිසිම ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් නැති වීම මෙහි ඇති දරුණුම තත්වයයි.ඉතා උසස් තත්වයේ භාණ්ඩ නිපදවන ආයතනයක් වුවද මෙහි නිසි ආරක්‍ෂිත ක්‍රම අනුගමනය නොකිරීම දක්නට ඇති අතර අවට ප්‍රදේශ වාසීන්ට ගෑස් ටැංකි නොපෙනීම සදහා ඇස්බැස්ටෝස් තහඩු වලින් වැට ආවරණය කර තිබේ.

පසුගිය දින වල සාලාව කදවුරේ සිදු වූ පිපිරීමත් සමග කම්හලේ පාලනාධිකාරිය වතුර හෝස් යොදා ගනිමින් අදාල ටැංකි රත් වීම වැලක්වීමට කටයුතු කරන අතර ප්‍රදේශ වාසීන් එම ප්‍රදේශයට පැමිණීමද වැලක්වීමට කටයුතු කලේ එහි ඇති අනාරක්ෂිත බව නිසාය.ඉහල කොස්ගම තවත් සාලාවක් නොකිරීමට වගකිවයුත්තන් දැනුවත් කිරීමට වගකිවයුතු ජනමාධ්‍යවේදීන් ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර ප්‍රදේශවාසින්ගෙන් වැඩි විස්තර අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනු ඇත.

Salawa01 (1)

කර්මාන්ත ශාලාවේ පිහිටීම සහ අවට නගරයන්

Salawa01 (2)

කර්මාන්ත ශාලාවේ පිහිටීම හා ගෑස් ටැංකි

Salawa01 (3)

ගෑස් ටැංකි

Salawa01 (4)

ගෑස් ටැංකි වල සමීප දර්ශන

Salawa01 (5)

ඇස්බැස්ටෝස් තහඩු වලින් වැට ආවරණය කිරීම

6

කර්මාන්ත ශාලාවේ ගේට්ටුව

ගූගල් මැප්ස් ලින්කුව https://goo.gl/maps/ToYD9NpRUqE2

මිට,

විශ්වාසී,
ප්‍රියංගික ගුණවර්ධන
ඉහල කොස්ගම.

Top