Breaking
25 Feb 2025, Tue

කොස්ගම පිපුරුමේ ඇත්ත පස් යට යයි -ගෑණු හොරෙක් පරික්ෂණ කමිටුවට

ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර පසුගිදා කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකල යහපාලනය දැන් එම සත්‍ය රටේ ජනතාවට වසන් කිරිම සදහා සියලු පරික්ෂණ මෙහෙයවමින් සිටින බව අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

ගින්න පිළිබද සොයාබැලීමට යුද,ගුවන්,නාවික හමුදා නියෝජනය කෙරෙන ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර ඇත.එයාර් වයිස් මාර්ෂල් කි‍්‍රෂාන් යහම්පත්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වැට්ටව,මේජර් ජෙනරාල් ධනන්ජිත් කරුණාරත්න එහි සාමාජිකයෝය.ආරක්ෂක අමාත්‍යංශය නියෝජනය කරමින් අතිරේක ලේකම්වරයකුද, යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශයේ විශේෂඥයකුද මෙම කමිටුවට එක්වීමට නියමිත අතර මෙම පරික්ෂණ වල ප්‍රබලම කොටස අයත් වන යුධ හමුදාව නියෝජනය කරන මේජර් ජෙනරාල් ධනන්ජිත් කරුණාරත්න යනු යුධ හමුදාවේ විනය කඩා උසස්විමි ලබා නොදි විශ්‍රාම ගන්වන ලෙස නිර්දේශ ලබා සිටි අයෙකු වන අතර ඔහු අදාළ උසස්විම් සදහා හදිසියේම නිර්දේශ කර ඇත්තේ වර්තමාන යුදහමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා

හිටපු යුධ හමුදාපති වත්මන් අමාත්‍ය සරත් ෆොන්සේකා සමයේ මාණ්ඩලික විද්‍යාලයේ යුධ හමුදා ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කල බ්‍රිගේඩියර් ධනන්ජිත් කරුණාරත්න යුද හමුදා නිළධාරින්ගේ බිරින්දෑවරුන් ඔහුගෙන් ආරක්ෂා කර ගැනිම පිළිබඳව ඔහුට අපචාර චොදනා එල්ල වි ඇති අතර යුධ හමුදා අධිකරණය මගින් වරදකරුවෙකු විම හේතුවෙන් පසු ඔහුට උසස්විමි ලබා නොදි විශ්‍රාම ගන්වා තිබු අතර වත්මන් හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ රෙජිමේතුවේ විම නිසා මෙන්ම ඔහුගේ කාන්තා අශාවන් පිනවිමට ධනන්ජිත් ගන්නා මහන්සියද හේතුවෙන් නිසා ඔහු මේජර් ජෙනරාල්වර තනතුරට උසස් කර තිබේ.ඒ අනුව මෙවන් පුද්ගලෙයෙකුගෙන් විශ්වාස පරික්ෂානයක් බලාපොරොත්තුවක් තැබිය හැකිදැයි සෙසු හමුදා නිළධාරින් ප්‍රශ්න කරමින් සිටින බවත් ඒ හේතුවෙන් පරික්ෂණ සම්බන්ධයෙන් විවිධ ගැටලු පැන නැගී තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

අදාළ කමිටුවට යුධ හමුදාවේ විශ්වාසය දිනාගත් යුද හමුදාවේ ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පත් කිරිම සදහා නිර්දේශ වි සිටි අතර හමුදාපතිවරයගේ දැඩි ඉල්ලිම මත එය වෙනස් කල බවයි ආරක්ෂක අමාත්‍යංශ වාර්තා තහවුරු කර සිටියේ.

කොස්‌ගම හමුදා අවි ගබඩාව පිපිරීමේ ඛේදවාචකයට යුද හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, තමා ආරක්‍ෂක ලේකම් වශයෙන් සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් ඉවත් කරන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාද පසුගියදා ප්‍රසිද්ධියේම සදහන් කල අතර ඒ අනුව හමුදාපතිගේ වරද වසා ගැනිම සදහා සිය සුවච කිකරු ධනන්ජිත් කරුණාරත්න පත්කර ගැනිමට කටයුතු කර ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළේ.

LTTE මරමස්ථානයක් වු කොස්‌ගම හමුදා අවි ගබඩාව,,…

ආනයනය කරන ලද අවි යුද පිටියට යැවීමට මත්තෙන් ගබඩා කෙරුණේ මෙම කඳවුරේය.දැන ගැනීමට ඇති පරිදි එල්.ටී.ටී.ඊ ය අවස්ථා දෙකකදී සාලාව කඳවුර විනාශ කිරීමට යත්න දරා ඇත.එක් අවස්ථාවකදී රාජ්‍ය බුද්ධි අංශය සාලාව කඳවුර අවට කිසියම් කණ්ඩායමක් ඔත්තු බලමින් සිටින බවද ඔවුන් අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ නවාතැන් ගෙන සිටින බවද අනාවරණය කරගත්තේය.මෙම කණ්ඩායම පිළිබඳ සොයාබැලීම ආරක්ෂක අංශ වලට පැවරුණු අතර කොටි සංවිධානයෙන් මිදී රජය හා එක්ව සිටි කරුණා අම්මාන් ප‍්‍රමුඛ සාමාජික පිරිසද මෙහෙයුමට අනුයුක්ත කෙරුණි.

නමුත් මේ සැකකටයුතු කණ්ඩායම ප‍්‍රදේශය අතහැරගොස් ඇති බව පසුව දැනගත හැකිවිය.තවත් අවස්ථාවකදී රාජ්‍ය බුද්ධි අංශ නිලධරයින් යටියන්තොට වතු කම්කරු නිවස්නයක නවාතැන් ගෙන සිටි ගරිල්ලා කණ්ඩායමක් අත්අඩංගුවට ගත්තේය.දිනය 2008 ජූනි මස තුන්වැනිදා විය.සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, ග්‍රෙනේඩ්, ජෙලග්නයිට් කූරු, ටී 56 අවියක්, උණ්ඩ ආදිය ඔවුන් සතුව තිබුණේය.පිරිස යටියන්තොට පොලිසියට භාරදෙනු ලැබුණු අතර ඔවුන් කළ පාපොච්චාරණයකින් අනාවරණය වූයේ මෙම අවි යොදාගෙන සාලාව කඳවුරට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සැළසුමක් තිබුණු බවය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.