Anonymous Reporter

මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කක්කුස්සි කටාගෙන් තර්ජන

සෞඛ්‍ය අමාත්‍යංශයට වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කැදවා ඇති රාජිත සේනාරත්න මාලබේ හොර උපාධි කඩයට වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා දෙන ලෙස තර්ජනාත්මකව බල කර ඇති බව වාර්තා වේ.එහිදී තව වසරක්වත් සායනික පුහුණුවක් මාලබේ සිසුන් සිදුකලයුතු බව ෆොන්සේකා මහතා පවසා ඇති අතර නමුත් එම විරෝධය නොතකා අමාත්‍යවරයා නියෝග කර ඇත්තේ සීමාවාසික අවුරුද්දක් කරන බැවින් කිසිදු පුර්ව කොන්දේසියකින් තොරව අනුමැතිය ලබා දියයුතු බවයි.

එහිදි රාජිතගේ ප්‍රකාශයට විරුද්ධ වෙමින් කාලෝ ෆොන්සේකා මහතා සදහන් කර ඇත්තේ “ඇමතිතුමා SAITM එකට අනුමැතිය දුන්නෝත් මිනිස්සු SLMC එකටයි අපිටයි ගල්ගහයි….මේක සෙල්ලමක් නොවේ …”

ඒ අනුව අද දින හදිසි රැස්වීමක් වෛද්‍ය සභාවේ කැදවා මේ ගැන සාකච්චා කර ඇති අතර ඒ අනුව ලබන 24 වෙනි දින අවසන් තීරණයක් ගැනීමට නියම කරගෙන ඇත. දැන ගන්නට ලැබෙන තොරතුරු අනුව තර්ජන වලට බියෙන් සහ වෛද්‍ය සභාවේ සිටින මාලබේට හිතෛෂී අතකොලු (ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වරයා ඇතුළුව) නිසා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබන 24 දින මාලබේට පිරි නැමීමට 99% ක පමණ ඉඩක් පවතින බවද එම වාර්තා සදහන් කරයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙපිටින් ප්‍රශ්නය ගොඩ දමා ගැනීමට සුදානම් වන අතරම එසේ නොවුන හොත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී එයට අනුමැතිය දීමට සුදානම් දැයි අසන ඕනෑම මොහොතක සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජිතයා එයට එකග වීමට මේ වනවිටත් සයිටම් ආයතනය සමග එකගතාවයකට පැමිණ තිබේ.

මෙවැනි තර්ජනය කිරීමක් නිසාම පසුගියදා ඖෂධ අධිකාරියේ සභාපති වරයද ඉල්ලා අස්වූ අතර යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙන බවට මෙයද කදිම නිදසුනකි. ඒ නිසා මේ මොහොතේ රටේ සියලුම වෛද්‍යවරු මෙයට එරෙහිව පෙරට පැමිණිය යුතු අතර වෛද්‍ය සිසුන්ද වඩා සක්‍රිය ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇති බව මාලබේ හොර උපාඩි කඩයට විරුද්ධයට විරුද්ධ කණ්ඩායම් පෙන්වා දෙනවා.

SITEM

Top