Featured

මල කෙලියයි ජුලි හතයි!!! ආණ්ඩුව අවසන් බව ප්‍රා නායකයා කියයි

ප්‍රා නායක අමාත්‍ය පාඨ්ලී චම්පික රණවක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම යහපාලන සුරතලා වන පොලිස්පති කූජිත් ජයසුන්දර සහ රනිල් පිළේ ප්‍රභලයන් මෙන්න විශ්වාසවන්ත කොලු ගැටයන් වන අකිල,සාගල ඇතුලු කිහිප දෙනෙකු අතර පැවති සාකච්ඡාවක තොරතුරු අනාවරණය වි තිබේ.

අදාළ සාකච්ඡාවෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගැනිම වේගවත් කිරිමට අගමැතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇති අතර එම නියෝග වලට අනුව මේ සෙනසුරාදා මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ අනිවාර්යයෙන් අත් අඩංගුවට ගැනිමටද නියමිතව තිබේ.

යහපාලන ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් මේ යන අකාරයට කිසිදු අකාරයකින් විස්වාසය තැබිය නොහැකි බවත් ඉතා ඉක්මනින්ම මහින්ද පිළට එරෙහිව මර්දණය දියත් නොකලහොත් මේ වසර අවසානයේ මහින්දලා ආණ්ඩු හදන එක වලක්වන්න සක්කරයාට තියා වයිමාටවත් බැරි බවත් මේදා මහින්ද ආණ්ඩුව හැදුවොත් අපිට ගුටි කාලා මැරෙන්න වෙන බවද ප්‍රා නායක චම්පික පවසා තිබේ.

චම්පික අදාළ හමුවට පැමිණ ඇත්තේ විශේෂ ෆයිල් කවරයක්ද අතේ රැගෙන වන අතර එහිදි චම්පික අගමැතිවරයාගේ අවධානය යොමු කරමින් පෙන්වා දි ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයාට තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනිමට තරම් ශක්තියක් නොමැති බවත් එජාපයේ බොහෝදෙනාද මේ වනවිට මහින්ද රාජපක්ෂට සහය දක්වමින් සිටින බවත් ලබන ජුලි 7 වැනිදා මහින්ද පිළ දැවැන්ත මෙහෙයුමක් දියත් කිරිමට කටයුතු සුදානම් කර තිබේන බව තමන්ට දැන ගන්නට ලැබි ඇති බවද චම්පික එහිදි පෙන්වා දි තිබේ.

ගෙවුනු සති දෙකක කාලය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුල සිදුවු සාකච්ඡා සම්බන්ධයෙන් තමන්ට වාර්තාවු තොරතුරු සුභදායි නොවන බවත් ශ්‍රිලංකා නිදහස් පක්ෂය ඉතා ඉකමනින්ම ජාතික ආණ්ඩුවෙන් ඉවත් විමට කටයුතු කරනු ඇති බවත් අමාත්‍යවරයා සදහන් කර තිබේ.

මේ වනවිට රටේ උද්ගතව ඇති තත්වය හමුවේ ජනතාව කලකිරීමට ලක්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් බවත් ඒ තත්ත්වය ශ්‍රිලනීප මධ්‍යම කාරක සභාව තුල දිගින් දිගටම සාකච්ඡා කර ඇති බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් සහ මහින්ද පිළේ ප්‍රබලයන් අතර රහසිගත සාකච්ඡා අවස්ථා ගණනාවකදි සිදුවි ඇති බවත් පැවසු චම්පික අදාළ සාකච්ඡා සිදුවි ඇති අකාරය පිළිබඳව සිය ෆයිල් එකෙන් ගත් කොලයක වු සටහනක්ද කියවා තිබේ.

මේ අතර ඔහුගේ සමිපතම ගොලයෙකු වන අනාවැකි කිමේ දක්ෂයේකු ලෙස තමන්ම හදුන්වා ගන්නා ජෝතිශ්‍යවේදී ඉන්දික තොටවත්තගේ පවතින ආණ්ඩුවේ අවසානය සම්බන්ධයෙන් කල තොරතුරු අනාවරණයක් සහිත සටහනක්ද රැගෙන පැමිණ ඇති ප්‍රා නායකයා එහි ඇති විස්තර කිහිපයක්ද අනාවරණය කර තිබේ.

“මෙම වසර අතිශයින්ම අහිතකර අයහපත් වසරක් වන බවත්, විශේෂයෙන්ම 1988 හා 89 වර්ෂ හා සමාන ආකෘතික ලක්ෂණ එනම්, එම වර්ෂවල සිදුවූ සිදුවීම්වලට සමාන සිදුවීම් සිදුවන වසරක් බව ද සඳහන් කරන තොටවත්ත මහතා, තමන් විසින් සංස්ලේෂණයෙන් කියූ කාරණා පසුගිය කාලසීමාව පුරාවටම සිදුවෙමින් තිබෙන බවත් සැප්තැම්බර් 18 දක්වාම ඒ තත්ත්වය පවතින ඉන්දික තොටවත්තගේ සඳහන් කර තිබේ.

මේ අතර ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව තමාටද දැඩි ප්‍රශ්න පවතින බව ඇමැති රාජිත සේනාරත්න මහතා ද අද අනාවරණය කලා. පසුගිය ආණ්‌ඩුව පරාජය කර මේ ආණ්‌ඩුව පිහිටුවනු ලැබුයේ පසුගිය වැරදිම නැවත කිරීමට නොවන බවද මේ ආණ්‌ඩුව සුවිශේෂී ආණ්‌ඩුවක්‌ බවට පත් කිරීමට බවද හෙතෙම කීය.ආණ්‌ඩුව වෙනස්‌ වුවත් රජය වෙනස්‌ නොවී එලෙසම පැවැතිය යුතු නැති බවත් මේ වෙනස කරන්න බැරිනම් ආණ්‌ඩුවෙන් වැඩක්‌ නැති බවත් ඇමැතිවරයා පැවැසීය.

Top