Featured

මහින්දානන්දගේ ප්‍රහාරයෙන් රන්ජන්ගේ වෘෂණ කෝෂ තැලිලා- රන්ජන්ට ගොනිකා කොළ මැල්ලුමක්

පසුගිය දින පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ රන්ජන් රාමනායක අතර ඇතිවූ බහින්බස් වීම කෙලවරවී ඇත්තේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බඩකට පුරා ගුටි කෑමෙනි. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ යටි බඩ ප්‍රදේශයට එල්ල කරන ලද පා පහරක් හේතුවෙන් රාමනායක මන්ත්‍රීවරයාට එම අවස්ථාවේදී මුත්‍රා පහවී ඇති අතර වෘෂණ කෝෂ බරපතල ලෙස තැලීමට ලක්වීම නිසා මේ වනවිට දරුණු ලෙස ඉදිමී ඇති බවට වාර්තාවේ.

සිද්ධියෙන් පසු වහාම පාර්ලිමේන්තු වෛද්‍ය කාර්යමණ්ඩලය විසින් ප්‍රථමාධාර ලෙස අයිස් බෑග් තබන ලදුව ඉන් රාමනායක මන්ත්‍රීවරායට තරමක පහසුවක් සැලසී ඇත. ඉන්පසු විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගොස් ඇති රාමනායක මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇතිමුත් ආලේප කිරීමට දුන් ක්‍රීම් වර්ගය දැඩි දැවිල්ලක් ඇතිකරන නිසා බටහිර වෛද්‍ය ප්‍රතිකාර නතරකර ඇත.

පසුව පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍ය හිමිනමක් වෙත මන්ත්‍රීවරයා යොමුකර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි. උන්වහන්සේ විසින් නියම කරනලද ප්‍රතිකාර වලට තෙල් ගැල්වීම්, බෙහෙත් පොට්ටනි මගින් තැවීම්ද ඇතුලත්ය. මෙම ප්‍රතිකාර ක්‍රමයේ විශේෂම අංගය නම් ගොනිකා කොළ (psychotria saramentosa) ප්‍රමුඛ තවත් ඖෂදීය ශාක කොටස් යොදා සාදා ඉදිමුණු ප්‍රදේශය වටා බඳින මැල්ලුමය. මේ වනවිට මන්ත්‍රීවරයා මේ සියලු ප්‍රතිකාරයන් ලබාගන්නා අතර දින කිහිපයකින් වෘෂණ කෝෂ ආශ්‍රිත ඉදිමුම බැසයනු ඇති වාර්තාවේ.

මෙවන් දේශීය වෛද්‍ය ක්‍රම රැකගැනීම පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතු අතර එය සැබවින්ම යහපාලන සංකල්පයේ තවත් එක් අංගයක් විය යුතුමය.

Top