Featured

හොර උපාධි කඩ එපා! SAITM විරෝධී සටන කොළඹට

මාලබේ හොර උපාධි කඩය අහෝසි කරනලෙස රජයට බලකෙරෙන දැවැන්ත පාගමන මේ මොහොතේ හැව්ලොක්ක ටවුම පසු කරමින් කොළබට

1.සයිටම් ප‍්‍රතිඵල සටහන අනුව ශිෂ්‍යන් 23 න් 19 ක් සමත් වී ඇත.සමත් වී මේ ප‍්‍රතිශතය 83%කි.දෙවන පන්තියේ ඉහළ සාමාර්ථ 05 ක් ද දෙවන පන්තියේ පහළ සාමාර්ථ 10 ක් ද සහිත ව පන්ති සාමාර්ථ ලත් ප‍්‍රතිශතය සමත් සිසුන්ගෙන් 79% කි. මෙය රාජ්‍ය වෛද්‍ය පීඨයක කිසි කලෙක දැකිය නොහැකි ප‍්‍රතිඵලයකි.වෛද්‍ය උපාධිය මුදලට විකුණන සයිටමි ආයතනයේ පමණක් දැකිය හැකි විස්මය ජනක ප‍්‍රතිඵලයකි.උසස් පෙළ විභාගයෙන් ඉහළ සුදුසුකම් ලැබූ රාජ්‍ය වෛද්‍ය පීඨ ශිෂ්‍යන් අතර මෙවන් විශිෂ්ඨයන් දැකිය නොහැකිය.ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව විසින් 2015 සැප්තැමිබර් 04 දින තීරණය කරන ලද්දේ සයිටම් වෛද්‍ය උපාධිය වෛද්‍ය ආඥ පනත යටතේ ලියා පදිංචි කළ නොහැකි බවයි.ඒ සයිටම් ආයතනයේ ශිෂ්‍යන්ට ලැබෙන සායනික පුහුණුව ඇතුලූ අනෙකුත් පුහුණුව හා දැනුම ප‍්‍රමාණවත් නොවීම නිසා ශී‍්‍ර ලාංකීය ජනතාවගේ ජීවිත වල සම්පූර්ණ වගකීම දැරිය හැකි වෛද්‍යවරුන් උක්ත ආයතනයෙන් බිහි නොවන බව ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව විශ්වාස කළ නිසාය.මේ බව පුවත් පත් දැන්වීම් හරහා පළ කරමින් මහජනතාව දැනුවත් කරන ලදී.නමුත් සයිටම් ප‍්‍රතිඵළ පෙන්වන්නේ ඒ තත්වය නොවේ.යම් හෙයකින් ඉදිරියේදී මෙම ප‍්‍රතිඵල ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව පිළිගතහොත් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව පිළබ`ද මහජන විශ්වාසය සම්පූර්ණයෙන් බි`ද වැටෙන අතර ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව හුදු නාමික ආයතනයක් පමණක් වනු ඇත.

2. 2016 අපේ‍්‍රල් 17 වන දින පුවත්පත් සාකච්ඡුාවක් පවත්වමින් සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සභාපති ලෙස හ`දුන්වා ගනු ලැබූ ගැමුණු විජේරත්න නැමැත්තා පවසා සිටියේ සයිටම් ආයතනය බොරු කරන බවත් නිසි පරිදි සායනික පුහුණුව නොදෙන බවත්ය.එවන් ආයතනයක ප‍්‍රතිඵල සත්‍ය ලෙස පිළිගත හැකිද?

SAITM (2)3.වෛද්‍යවරයකු වශයෙන් ලියාපදිංචි කරන පුද්ගලයා වෛද්‍යවරයකු වශයෙන් කටයුතු කිරීමට සුදුසු තැනැත්තකු බවට වෛද්‍ය සභාව සහතික වේ. ඒ අනුව හුදු උපාධි සහතිකය නැමැති කඩදාසියක් ලබා දීමෙන් පමණක් වෛද්‍යවරයකු වන්නේ නැත. එමෙන්ම වෛද්‍ය විද්‍යාලයේ අවසාන විභාගයෙන් යමකුගේ ප‍්‍රවීනත්වය පිළිඹිබු වන්නේ නැත. ලොව පුරා වෛද්‍ය සභා සිසුන් බඳවා ගන්නා ක‍්‍රයාපටිපාටියේ සිට වසර පහක් හයක් පුරා එක් එක් සිසුවා කෙරෙහි අධීක්ෂණයකින් සිටින්නේ එබැවිනි.එම නිසා මෙම සයිටම් සිසුන්ගේ දෙවන වසර විභාගයේ ප‍්‍රතිඵල හා පැවැත්වූ ආකාරය පිළිබ`දව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව දැනුවත් කර ඇතිද?

4.එමෙන්ම දැන ගන්නට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙම විභාගය ස`දහා ශිෂ්‍යන් 23 ක් පෙනී සිටියද විභාග පරීක්ෂකවරුන් 60 ක් පමණ සහභාගී කරවාගෙන ඇත.ඔවුන් ප‍්‍රධාන කාණ්ඩ 04 කට වර්ග කළ හැකිය.පළමු කාණ්ඩය වන්නේ සයිටම් ආයතනයේ අභ්‍යන්තර ආචාර්ය වරුන්ය.දෙවැනි වර්ගය වන්නේ සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන දරුවන් සිටින දෙමාපියන්ය ( .තෙවන කණ්ඩායම වන්නේ සයිටම් ආයතනයේ පැවැත්ම ප‍්‍රර්ථනා කරන අයයි.මෙම කණ්ඩායම් 03 නෙන් ලබා ගන්නා ප‍්‍රතිඵලවල විශ්වාසනීයත්වය තහවුරු කළ හැක්කේ කෙසේද? මෙය හොරාගේ අම්මා ගෙන් පේන ඇසීමක් නොවන්නේද?අවසන් කණ්ඩායම වන්නේ විභාග පරීක්ෂකවරුන් වශයෙන් නම, නාම ලේඛණයේ ඇති මුත් ඒ පිළිබ`දව දැනුවත් කමක් හෝ නොමැති පිිරිස ෙවි.

5.විශ්වාසනීය ආකාරට දැන ගැනීමට ලැබුණේ මෙම සිසුන්ගේ සායනික විභාගය ස`දහා යොදා ගත් රෝගීන්ම යොදා ගෙන විභාගයට පෙර අභ්‍යන්තර ආචාර්ය මණ්ඩලය මගින් පෙර පුහුණුවක් සිදු කර ඇති බවයි.බොහොමයක් ඉන්දීය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල මෙම ප‍්‍රවණතාවය නිරීක්ෂණය කළ හැකිය.

6. මේ වන විට ඉහත ප‍්‍රතිඵල පිළිගෙන එම සිසුන් වෛද්‍ය ආඥ පනත යටතේ ලියා පදිංචි කරන ලෙසට කරන බලපෑම් වලට වෛද්‍ය සභාව ලක් වී ඇති බව දැන ගන්නට ලැබී ඇත.2016 ජූනි 07 දින පාර්ලිෙමින්තුවේදී එස් . බී දිසානායක පවසා සිටියේ වෛද්‍ය සභාවේ තීරණය හිතුවක්කාර තීරණයක් බවයි.

7.එම ආයතනයේ ශිෂ්‍යයන් කෙරෙහි අනුකම්පාව දැක්විය යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇත. එහෙත් අනුකම්පාව මත වෛද්‍යවරුන් බිහිකරන රටක් ලෝකයේ නැත. හැගීම්වලට වහල්වී ඔවුනට වෛද්‍යවරුන් ලෙස මෙරට හෝ පිටරට සෞඛ්‍ය සේවාවට එක් වීමට ඉඩ හැරියහොත් සිදුවන්නේ ව්‍යාපාරික-දේශපාලන-නිලධාරි තන්ත‍්‍රයේ සහ එම සිසුන්ගේ පුද්ගලික අවශ්‍යතාව ඉටු වීමත් සුවහසක් ජනීජනයාගේ සහ අනාගත පරපුරේ සෞඛ්‍යය, අධ්‍යාපනය, වෛද්‍ය සේවාව පමණක් නොව ආර්ථිකයද පරිහානියට පත්වීමත්ය. එවැනි දෙයක් යෝජනා කිරීමට හෝ දැනට සිටින පරම්පරාවට අයිතියක් නැත. ඒ ඔබ අප සියළු දෙනා හුදෙක් වෛද්‍ය අධ්‍යාපනයේත්, වෛද්‍ය සේවාවේත්, සෞඛ්‍ය පද්ධතියේත්, අධ්‍යාපන පද්ධතියේත් තාවකාලික භාරකරුවන්, පවත්වාගෙන යන්නන්, රැුකියාලාභීන් හෝ ප‍්‍රතිලාභීන් විනා ඒවායේ නිර්මාපකයින් හෝ ස්ථිර අයිතිකරුවන් නොවන බැවිනි. වර්ථමාන පරම්පරාවේ වගකීම වන්නේ ඒවා වඩාත් දියුණු සහ සාධාරන සේවාවන් බවට පත්කර ඊළග පරම්පරාවට භාරදීමය.

8.සයිටම් ආයතනයේ උපාධිය දැනටමත් මහා බි‍්‍රතාන්‍ය වෛද්‍ය සභාව මගින් ලෝකයේ සැකකටයුතු වෛද්‍ය උපාධි අතරට එක් කර ඇත.එවන් ආයතනයකට පිළිගැනීම ලබා දුන හොත් අප රටේ වෛද්‍ය උපාධියට ලෝකයේ පවතින පිළිගැනීම අහෝසි වනු ඇත.වර්තමාන තත්වය හා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවට එල්ලවන බලපෑම් පිළිබ`දව මහා බි‍්‍රතාන්‍යය , ඔීස්ටේ‍්‍රලියාව හා ඇමරිකාව ඇතුලූ රටවල වෛද්‍ය සභා දැනුවත් කිරීමට අප සංගමය තීරණය කර ඇත.

9. පොදු ජනතාව තමාගේ හෝ තම දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම වෛද්‍ය වෘත්තිකයින්ට පවරන්නේ ඒ සඳහා ඔහු හෝ ඇය සුදුසු යැයි යන විශ්වාසයෙනි. වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින පුද්ගලයකුගේ අධ්‍යපන සුදුසුකම් හෝ කුසලතා පරීක්ෂා කිරීමේ හැකියාවක් මහජනතාවට නැත. මහජනතාව වෙනුවෙන් රජය එම වගකීම ගන්නා අතර ප‍්‍රයෝගිකව එය සිදු කිරීමේ වගකීම වෛද්‍ය සභාවට ලබා දේ. ඒ අනුව, මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාකිරීමට බැඳී ඇති වෛද්‍ය සභාව වෛද්‍ය වරයකු ලෙස පෙනී සිටින පුද්ගලයින්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් උපරිම වශයෙන් සහතිකවනු ඇතැයි මහජනතාව විශ්වාස කරන අතර සැකයකින් තොරව තමාගේ සහ තම දරුවාගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම වෛද්‍යවරුන්ට ලබාදේ.

(වෛද්‍ය අසංග වික්‍රමසිංහ)

දහසකට අධික වෙෙද්‍ය සිසුන් ලක්ෂ දෙසීයකට අධික ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් අද පාරට බසිති. අද දින පාරට බැසිය යුතුව තිබුණේ මහ ජනතාවය. නමුත් අවාසනාවකට අදවනතෙක් අපේ ජනතාවට සයිටම් (SAITM) අායතනයෙන් ශ්‍රී ලාංකීය සෞඛ්‍යය ක්ෂේත්‍රයට වන හානිය පිළිබඳව වැටහීමක් නැත. එබැවින් ඔබ වෙනුවෙන් අද පාරට බසින ලද වෙෙද්‍ය සිසුන්ට ගැරහීමට පෙර ඔබ SAITM ආයතනය ගැන දන්නේ දැයි විමසා බලන්න.

සයිටම් අායතනය, කිසිඳු විදෙස් වෙෙද්‍ය විද්‍යාලයකට සම්බන්ධ නැත.

වෙෙද්‍ය උපාධියක් ලබාදීමට ශ්‍රී ලාංකීය හෝ විදේශීය කිසිඳු ‍ උසස් අධ්‍යාපන අායතනයක අනුමැතිය ලබා නැත.

මේ නිසා SAITM අායතනයෙන් පිටවන වෙෙද්‍ය උපාධිධාරීන්ට ලෝකයේ කිසිම රටක වෙෙද්‍යවරයෙකු ලෙස කටයුතු කළ නොහැක.

වෙෙද්‍ය විද්‍යාලයක් ලෙස ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වීමට අවශ්‍ය තත්ත්ව සපුරා නැත.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වීමට සුදුසුකම් සපුරා නැති ආචාර්යවරුන්ගෙන් යුක්තය.

කිසඳු ප්‍රමිතියකින් තොර වෙෙද්‍ය විභාගයක් පවත්වා, වෙෙද්‍ය උපාධිය ලබා දී අැත.

වෙෙද්‍යවරයෙකු වීමට අත්‍යාවශ්‍ය සායනික දැනුම (එනම් රෝගයක් හඳුනාගැනීම හා එයට ප්‍රතිකාර කිරීම පිළිබඳ දැනුම) SAITM සිසුන්ට නැත.

අඩුම තරමේ උසස් පෙළ විභාගය සමත් නොවූ සිසුන්ට පවා වෙෙද්‍ය උපාධිය ලබා දී අැත.

අවසන් වශයෙන් එක දෙයක් කිව යුතුය. අද දින පාරට බසින ලද සියලු වෙෙද්‍ය සිසුන්ට තමන්ගේ පවුලේ අයට නිසි පරිදි ප්‍රතිකාර කර ගැනීමේ හැකියාව අැත. එනිසා හොර වෙෙද්‍යවරු බිහිවුණා කියා ඔවුන්ට හෝ ඔවුන්ගේ පවුලේ අයට කිසිඳු පාඩුවක් සිදු නොවේ. තවදුරටත් SAITM ප්‍රශ්නය වෙෙද්‍යවරු හා වෙෙද්‍ය සිසුන්ගේ ප්‍රශ්නයක් කියා සිතනවා ද, ජාතික ප්‍රශ්නයක් ලෙස සිතා එයට එරෙහි වෙනවාද යන්න ඔබට භාරය.

(වෛද්‍ය කසුන් ජයසුන්දර විසිනි )

SAITM (3) SAITM (1)

Top