Featured

විගණකාධිපති ගෙන්වලා රනිල් තර්ජනය කරලා…..

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද(23වැනිදා) සවස පාර්ලිමේන්තුවට ගෙන්වා අගමැති රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් බැණවැදිමේ සිද්ධියක් හේතුවෙන් ඒ මහතා දැඩි ලෙස කලකිරිමට ලක්ව සිටින බව අප රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු අනාවරණය කලා.

පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගේ නිළ කාමරයට ආසන්නයේන් පිහිටි විශේෂ කාමරයක් වෙත කැදවා ඇති විගණකාධිපතිවරයාට අගමැතිවරයා දෝෂාරෝපණය කර ඇත්තේ 2016 වාර්ෂික වාර්තා හරහා වතමන් ආණ්ඩුවේ ආර්ථික අපොහොසත් භාවය අනාවරණය වි ඇති බවත් ඒ හරහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකා රජය ලබාගැනිමට ගිය ණය මුදලද දැන් අහිමි විමේ තත්ත්වයකට මුහුණ දි ඇති බවයි. දිගින් දිගටම මුදල් අමාත්‍යවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් එල්ල වු විවේචන හමුවේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසා ඇත්තේ…. තමන් විගණකාධිපති ලෙස පත් කලේ පාර්ලිමේන්තුව බවත් තමන් වගකියන්නේ පාර්ලිමේන්තුවට පමණක් බවයි.

අදාළ සාකච්ඡාව සදහා විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාට පැමිණිමේදි කිසිදු ලියවිල්ලක් හෝ කඩදාසියක් තියා පැනක්වත් රැගෙන නොඑන ලෙසද රනිල්පගේ ණිවිඩකරු බලපෑම් කර තිබේ.

යහපාලනයට උණගත් 2016 වාර්ෂික වාර්තා Read Now

ශ්‍රී ලංකා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය Read Now

මේ අතර විගණකාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ තුල ක්‍රියාත්මක වෙමින් තිබේන කුමන්ත්‍රණකාරී සැලැස්මක් අද විමල් විරවංශ මාධ්‍යයට අනාවරණය කළා.

“මේ සතියේ අපි පාර්ලිමේන්තුවේදී හොඳ නාට්‍යයක් දැක්කා. අනුර දිසානායක මුදල් ඇමතිවරයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නයම මම විශ්වාසභංගය පිළිබඳ විවාදයේදී මතු කළා. මුදල් ඇමති උත්තර දුන්නේ නැහැ. මේ ආණ්ඩුව 2015 වසර සඳහා පාර්ලිමේන්තුව අනුමත කළ ප්‍රමාණයට වඩා ණය අරගෙන තිබෙනවා. ‘ඩීල් කුමාරගේ’ ඒ ප්‍රශ්නයට ‘වැට් මෑන්’ උත්තර දෙන්න නැගිට්ටා. ’මම හෙට උත්තර දෙන්නම්’ කිව්වා. ඊළඟ දවසේ ‘වැට් මෑන්’ ඇවිත් විගණකාධිපතිවරයාට බනිනවා, ‘විගණකාධිපති ගණනය කිරිම් වරද්දලා. ගණනය කිරීම් කරන්න ඕනෙ මෙහෙම නොවෙයි. වැරදියට ගණනය කිරිම් කළ නිසයි මේ වැඩි වෙලා පෙනෙන්නේ කියලා.”

“ඊළඟට අගමැතිත් විගණකාධිපතිට බනිනවා. ඒක අහගෙන හිටපු ඩීල් කුමාර මොකද කියන්නේ? ‘එහෙම නම් විගණකාධිපති ඇතුළු නිලධාරීන් සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉන්න කමිටුවට කැඳවලා ප්‍රශ්න කරන්න’ කියලයි, ඩීල් කුමාර කියන්නේ. අගමැති සහ වැට් මෑන්ට ඕනේ වෙලා තිබුණේ මේක තමයි. විගණකාධිපතිව ගෙනැල්ලා බය කරන්න. මොකක්ද හේතුව? මහ බැංකු අධිපති ගැන දැන් අදාළ පරීක්‍ෂණ සිදු කෙරෙන්නෙ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හින්දා. විගණකාධිපති ඉල්ලපු තොරතුරු දෙන්න මහ බැංකු අධිපති බැහැ කීවා. ඊට පස්සේ මහින්දානන්ද අලුත්ගමගේ, වීරකුමාර දිසානායක යන මන්ත්‍රීතුමන්ලා දැඩි බලපෑමක් කරලා මහ බැංකු අධිපතිවරයාව කෝප් කමිටුව ඉදිරියට ගෙන ආවා. එදා උදේ ‘එයාව ගෙන්වන්න එපා… එපා…’ කියලා අගමැති වික්‍රමසිංහ කෝප් කමිටුවට දැඩි බලපෑමක් සිදු කළා.”

“ඒවාට යට නොවී අර්ජුන මහෙන්ද්‍රන් කෝප් කමිටුවට ගෙනවිත් විගණකාධිපති ඉදිරිපිට ඇහුවා ‘ඇයි තොරතුරු නොදෙන්නේ?’ කියලා. පසුව එයාට තොරතුරු දෙන්න වුණා. දැන් විගණකාධිපති දෙපාර්ත්මේන්තුව වංචා පිළිබඳව පරීක්‍ෂණයක් සිදු කරනවා. ඒ පරීක්‍ෂණ වාර්තාව තව ටික දිනකින් කෝප් කමිටුවට ලබාදීමට නියමිතයි. මේ ඇත්ත වාර්තාව එළියට ආවොත් මහ බංකු අධිපතිවරයාගේ සහ එයාගේ ගජ මිතුරාගේ රෙදි ගැලවෙනවා. ඒ නිසා ඒ වාර්තාව එන්න කලින් විගණකාධිපති බය කරන්න ඕනේ. බය කරන්න නම් මුලින්ම පාර්ලිමේන්තුවට ගෙන්නලා පාට් එකක් දාන්න ඕනේ. ඒකට වාතාවරණය හදා ගැනීම තමයි ඩීල් කුමාර ලව්වා ප්‍රශ්නයක් අස්සවලා රනිල් වික්‍රමසිංහ සිදු කළේ. ඒ නිසා ඒ රූකඩ නූලෙන් නැටවෙන ඩීල් වීපක්‍ෂයට කරන්න පුළුවන් දෙයක් නැහැ.”

Top