Featured

රදළියගොඩ පවුල් ගහ “ඉරිදා” ගිලගනී

සෙනසුරාදාට ආ “ඉරිදා” ජාතික පුවත් පත පවුල්වාදය විසින් ගිලගනිමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.විකල්ප ජාතික පුවත්පතක් ලෙස වෙළඳපොල තුල ඉහල ජනතා ප්‍රසාදයක් ලබා ගැනිමට පුවත්පතට හැකි වුවද සුධර්මන් රදළියගොඩ පවුලේ සියලු සමාජිකයන් පුවත්පතේ ඉහල තනතුරු සහ ඉහල වරප්‍රසාද බුක්ති විදිමින් නටන නාඩගම් පුවත් පතේ පැවැත්මට කෙලවමින් සිටින බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

මේ අතර මෙම පවුල්වාදය හේතුවෙන් ඉරිදා පුවත්පතේ ප්‍රධාන කර්තෘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මාධ්‍ය ලේකම්වරයා වූ ප්‍රවීන දේශපාලන විචාරක මොහාන් සමරණායක මහතාද කලකිරිමට ලක්ව සිටින අතර 40ක් පමණ වු සේවකයන්ගේන් පවුල්වාදයේ අතලොස්සක් හැරෙන්නට අනිකුත් සියලුම දෙනාද කලකිරිමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඉරිදා පුවත්පත සදහා සදහා මුළ්‍ය දායකත්වය ලබා දෙනු ලබන්නේ පානදුරේ පිහිටි විජිත ෆයිනෑස් සමාගම වන අතර ඔහුන් මේ වනවිට කෝටි 6ද ඉක්මවා පුවත්පත සදහා වියදම් කර ඇති අතර මාස 3ක් පමන මේ වනවිට ගතවි ඇතත් පුවත්පත සදහා දැන්විම් ලබාගැනිමට සමත් විම හේතුවෙන් පුවත්පතේ මාධ්‍යවේදීන් ඇතුලු කාර්‍යය මණ්ඩලයට පඩිගෙවා ගැනිමට නොහැකි තත්ත්වයක් ද හටගෙන තිබේන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පසුගිය මාසය සදහාද පඩි ගෙවා ඇත්තේ පඩියෙන් භාගයක් වන අතර මෙ සියල්ලටම් හේතුව වි ඇත්තේ සුධර්මන්ගේ පවුල් වදය වන අතර පුවත් පතේ දැන්විම් අංශයේ කළමනාකරු ලෙස කටයුතු කරනුයේද කර්තෘමණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස ස්වාධීන රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදළියගොඩගේ කිරිකජු පුත්‍රයා වන සචින් රදළියගොඩ වන අතර් ඔහු සතුව කිසිදු ව්‍යාපාරික හෝ මාධ්‍ය දැනුමක් නොමැති විම හේතුවෙන් දැනට ලැබි තිබේන දැන්විම් කිහිපයද ඉවත්කර ගැනිමට එම දැන්විම් ලබාදුන් සමාගම් කටයුතු කර තිබේ.

මේ අතර සුධර්මන්ගේ දියණිය සුධර්මන්ගේ ලේකම්වරිය ලෙස පත්කරගෙන ඇති අතර මීට අමතරව පවුල් වාදයේ අනන්තයටම යමින් වෙනත් අය සින් ලියන ලිපි සදහා සුධර්මන්ගේ බිරිඳගේ නම සහිතව පුවත්පතේ පලකිරිමටද කටයුතු කර තිබේ. සුධර්මන්ගේ වැඩ බැරි පවුලේ සාමාජිකයන්ට පඩි ගෙවිම සදහා මාසයකට ලක්ෂ 3 ඉක්මවු මුදලක් සහ වාහන ඇතුලු අනෙකුත් විවිධ වරප්‍රසාද වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරිමට සිදුවිම් සහ වැඩ බැරි ටාසන් ලා නිසා ආයතනයේ සේවය කරන් සේවකයන් 40කට පමණ පඩි ගෙවිම සදහා මසකට අවශ්‍ය ලක්ෂ 20ක පමණ මුදල උපයා ගැනිමට ආයතනය අසමත් වි තිබේ.

මේ අතර ආයතනික සම්ප්‍රදායන් ද බිද දමමින් සුධර්මන්ගේ සමිපතම මිතුරන් කිහිප දෙනෙකුද පවුල් පිටින් ආයතනය තුල සේවය කරන අතර ඔහුන් කිසිදු මාධ්‍ය ආයතනයක සේවය කර නොමැති අයවලුන් විම හේතුවෙන් පුවත් පතේ අන්තර්ගතයටද මේ වනවිට දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් තිබේන අතර රොෂාන් අහංගම සහ ඔහුගේ බිරිද වන අයේෂි රාජසුරිය මිට පෙර මාධ්‍ය ආයතනයක පස් පාගා නැති අය වුවද ඉරිදා පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් ලෙස පෙනී සිටිමින් පුවත්පතට බලපෑම් කරන අතරම ලක්ෂ ගණනක වැටුපකටද හිමිකම් කියමින් සිටි. මේ දෙදෙනාගේ බලපෑම ඉරිදා පුවත්පතේ ප්‍රධාන කර්තෘ මොහාන් සමරණායක,ජනිත් විපුලගුණ වැනි මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර ගනනාවක් කටයුතු කල මාධ්‍යවේදින්ටද එල්ල එමින් තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කලේ.

මිට අමතරව ආයතන සංග්‍රහයද උල්ලංඝනය කරමින් සුධර්මන්ගේ මිත්‍ර පවුල් ගහේ තවත් කිහිප දෙනෙකුම සුදුසුකම් නොමැතිව පුවත්පතේ ඉහලම තනතුරු සහ වරප්‍රසාද ලබමින් කටයුතු කිරිම හේතුවෙන් සෙනසුරාදාට ආ ඉරිදා පුවත්පත ලගදිම පවුල්ගහ විසින් ගිලගනු ඇති බවයි අප වාර්තාකරු සදහන් කර ඇත්තේ.

Top