Featured

හිමිවරුන් පෝලිමේ අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම ඇරඹෙයි,ඥානසාර අල්ලනු මුස්ලිම් කවුන්සිලය පොලිස්පතිට කියයි

බොදුබල සේනාව මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් කරනු ලබන ද්වේශ සහගත, වෛරීය හා තර්ජනසහගත හිංසාවලට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු අන්තවාදී (මුස්ලිම් අර්ථකතනය අනුව ) හිමිවරුන්ට විරුද්ධව පියවරක් ගන්නැයි මුස්ලිම් කවුන්සිලය පොලිස්පති පූජිත විජේසිංහගෙන් ඉල්ලිමක් කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන් එම් අමීන් ලිපියක් යොමුකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලා.

පසුගිය 23 වෙනිදා පොලිස්පති වරයා වෙත යොමු කළ ලිපියක් මගින් මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එන් අමීන් ඉල්ලා ඇත්තේ අලුත්ගම සිද්ධිය නැවත සිදු කරන බවට ඥානසාර හිමි තර්ජනය කර ඇති බවත් ඒ හරහා මුස්ලිම් ජනතාව භීතියට පත්ව සිටින බවයි.

මේ අතර ඥානසාර හිමියන් විසින් 21 වන දින මහියංගනයේදි පවත්වන ලද කතාව, ඇතුලු විවිධ සිංහල සංවිධාන නියෝජනය කරමින් ස්වාමින්ව හන්සේලා කල කතා ඇතුලත් විඩියෝ පට කිහිපයක්ද  මුස්ලිම් කවුන්සිලය විසින් පොලිස්පති වෙත ඉදිරිපත් කර තිබෙනවා.

“අපිදන්නා පරිදි මීට අවුරුදු දෙකකට පෙර එනම් 2014 ජූනි 15 ඥානසාර හිමියන් කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව, අලුත්ගම හා බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව හිංසාවට පත් කිරීමට, මරණයට පත් කිරීමට, හා විනාශ කිරීමට උසිගන්වනු ලැබුවා. ඒ කෝලාහලය නිසා මුස්ලිම් ජිවිත දෙකක් නැති වූ අතර රුපියල් මිලියන ගනනක් වටිනා දේපල විනාශයක් සිදු වූවා. මේ පිළිබඳව මුස්ලිම්ජනතාවගේ පැමිණිලි පිළිබඳව පාලනාධිකාරිය පසු වූයේ බිහිරි කන් ඇතිවයි. අවුරුදු දෙකකට පසුව ඥානසාර හිමියන් එම අලුත්ගම සිද්ධිය නැවතත් මහියංගනයේ ඇති කරන බව බොහෝම ආඩම්බරයෙන් පවසනවා,” අමීන් තම ලිපියේන් දක්වා තිබේ.

අගමැතිවරයා සහ පොලිස්පතිවරයා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා යන තිදෙනාගේ නිර්දේශ මත යහපාලන බෙදුම්වාවැඩසටහනට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන් සහ කණ්ඩායම් ඉලක්ක කර නීතිය ඉදිරියට දමමින් මර්දනය කිරිමේ වැඩපිළිවෙලේ තවත් පියවරක් ලෙස ස්වාමින් වහන්සේලා අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම දියත් කර තිබේන අතර එම මෙහෙයුම පසුපස මුස්ලිම් අන්තවාදි කිහිප දෙනෙකුම සිටින අතර මුස්ලිම් අන්තවාදි අමාත්‍යවරයෙකු වන රිෂාධ් බදියුදීන් විසින් ලබාදි ඇති නාම ලේඛනයට අනුව පොලිසිය අත් අඩංගුවට ගැනිමට අවශ්‍ය මෙහෙයුම් දියත් කර තිබේන බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

http://www.lankanewsweb.today/archives/11415

Top