Featured

2019 මාරකයෙන් පනින්න බෑ…චම්පිකට තොටවත්ත කී අනාවැකිය

Published on: Jun 27, 2016- රාජපක්ෂලාට මේ රටේ යළි බලයට එන්න බැහැ. බලයට එන්නට හෙළ උරුමය ඉඩ දෙන්නෙත් නැහැ. 2020 අලුත් ආණ්ඩුව පිහිටුවීමේ යතුර ඇත්තේ ජාතික හෙළ උරුමය ළඟයි යනුවෙන් පසුගියදා මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති ප්‍රා නායක පාඨලී චම්පික රණවක කෑ මොරදිමට හේතුව අද අප විශේෂ් වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.හදිසියේම් තමන් මහා පොරක් යැයි කියා ගැනිමට ප්‍රා නායකයාට තදියම වි ඇත්තේ චම්පිකගේ විස්වාසවන්තමයා වන ඉන්දික තොටවත්ත දෛවඥයා විසින් කියන ලද අනාවැකියකින් මහත් සේ පිඩාවට මෙන්ම කලබයට පත්විම නිසා බවයි අප විශේෂ් වාර්තාකරු සදහන් කලේ.

පසුගිය දිනක ප්‍රා නායකයා ඉන්දික තොටවත්ත මුණගැසී ඇති අතර පසුව ප්‍රා නායකයා සිය කේන්ද්‍ර කොපිය පරික්ෂා කරගෙන තිබේ.එහිදි ඉන්දික තොටවත්ත පවසා ඇත්තේ චම්පික අමාත්‍යවරයාට 2019 වසරේ දැඩි මාරකයත් පවතින බවත් එය කිසිම ආකාරයකින් වෙනස් කිරිමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවයි.මේ වසරේ අප්‍රියෙල් මාසයේ 22 වැනිදා සිටම තදබල ලෙස අපල කාලයක් අමාත්‍යවරයා ගෙවන බවත් අගොස්තු මාසයේ 15 වැනිදායින් පසුව විවිධ පුද සත්කාර සහ පුජාවන් පැවැත්විමටද අමාත්‍යවරයාට ඉන්දික දෛවඥයා උපදෙස් ලබාදි තිබේ.

“සන්දීප්” යටකර පලායැමත් සමග සමාජ ජාලා වල සහ සිය විද්යුත් තැපෑලට මෙන්ම දුරකතනයටද ඇතැමුන් කතා කර නිරන්තරයෙන් හෙන ඉල්ලම හේතුවෙන් අමාත්‍යවරයා කලකිරිමට ලක්ව ඇති අතර ඒ අනුව ඉන්දික තොටවත්ත දෛවඥයා හමුවි සිය කේන්ද්‍රරය පරික්ෂා කර ගැනිමට කටයුතු කර ගත් බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

ජනාධිපති පුටුවේ ඉද ගැනිමේ මහත් අශාවෙන් පෙලෙන චම්පික සිය ජනපති සටන පසුගිය ජනාධිපතිවරණ සමයේ සිටම ක්‍රියාත්මක කරමින් සටන යලිත් අරඹා තිබේ. ජනාධිපති විමේ සිහිනය ඊළඟ ජනාධිපති මැතිවරණයේදි තමන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විමට නියමිත බවත් දැන් තියා සටන නිවැරදිව මෙහෙයවුහොත් නියත වශයෙන්ම තමන් ඊළග ජනාධිපති ලෙස පත්වෙන බව ප්‍රගීත් අතුරුදහන් කල,පසුගියදා සිල්වියාගේ යටිපතුල් ලෙවකා යන අතරතුර රාජගිරියේදි සන්දීප් යටකර පලාගිය, අමාත්‍ය පාඨ්ළී චම්පික රණවක සිය කණ්ඩායම සමග පැවැත්වු සාකච්ඡාවකදි අනාවරණය කර තිබේ.අදාල සාකච්ඡාව පසුගියදාඅමාත්‍යවරයාගේ නිළ නිවසේ පවත්වා ඇති අතර එම සාකච්ඡාව සදහා හෙළ උරුමය නැමැති දේශපාලන පක්ෂය ගණිකා වෘත්තීයේ යොදවමින් යහපාලනයේ විවිධ වරප්‍රසාදයන් ලබන යහපාලන නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය කරූ පරණවිතාරන,නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුලු කිහිප දෙනෙකුම සහභාගි වි තිබේ.

අදාල සාකච්ඡාවලදි ගත් තින්දුවකට අනුව ඉතා ඉක්මනින්ම සැම දිස්ත්‍රික්කයක් තුලම ජාතික හෙල උරුමයේ නායකත්වයක් ගොඩ නැගීමට කටයුතු කරන ලෙසත් ඒ සදහා විවිධ දේශනා රටපුරා පවත්වමින් සිය ප්‍රතිරූපය ගොඩනගා ගැනිමට චම්පික කටයුතු මෙහෙයවමින් සිටි.

මේ අතර පසුගියදා රටේ උද්ගතව ඇති තත්වය හමුවේ ජනතාව කලකිරීමට ලක්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් බවත් ඒ තත්ත්වය ශ්‍රිලනීප මධ්‍යම කාරක සභාව තුල දිගින් දිගටම සාකච්ඡා කර ඇති බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් සහ මහින්ද පිළේ ප්‍රබලයන් අතර රහසිගත සාකච්ඡා අවස්ථා ගණනාවකදි සිදුවි ඇති බවත් පැවසු චම්පික අදාළ සාකච්ඡා සිදුවි ඇති අකාරය පිළිබඳව සිය ෆයිල් එකෙන් ගත් කොලයක වු සටහනක්ද කියවා තිබේ.

මේ අතර ඔහුගේ සමිපතම ගොලයෙකු වන අනාවැකි කිමේ දක්ෂයේකු ලෙස තමන්ම හදුන්වා ගන්නා ජෝතිශ්‍යවේදී ඉන්දික තොටවත්තගේ පවතින ආණ්ඩුවේ අවසානය සම්බන්ධයෙන් කල තොරතුරු අනාවරණයක් සහිත සටහනක්ද රැගෙන පැමිණ ඇති ප්‍රා නායකයා එහි ඇති විස්තර කිහිපයක්ද අනාවරණය කර තිබේ.

“මෙම වසර අතිශයින්ම අහිතකර අයහපත් වසරක් වන බවත්, විශේෂයෙන්ම 1988 හා 89 වර්ෂ හා සමාන ආකෘතික ලක්ෂණ එනම්, එම වර්ෂවල සිදුවූ සිදුවීම්වලට සමාන සිදුවීම් සිදුවන වසරක් බව ද සඳහන් කරන තොටවත්ත මහතා, තමන් විසින් සංස්ලේෂණයෙන් කියූ කාරණා පසුගිය කාලසීමාව පුරාවටම සිදුවෙමින් තිබෙන බවත් සැප්තැම්බර් 18 දක්වාම ඒ තත්ත්වය පවතින ඉන්දික තොටවත්තගේ සඳහන් කර තිබේ.

චම්පිකගේ “බටයා” හෙවත් ධනුෂ්ක රාමනායකගේ කටුනායක ‘Eagles Lagoon View’ හෝටලයේ පැවති විවාහය උත්සවය දා චම්පික ගැන ඉන්දික කී අනාවැකිය

මේ අතර හදිසියේම මුණ ගැසුනු ඉන්දික තොටවත්ත දෛවඥයා ගෙන් මෙගා පොලිසි අමාත්‍ය චම්පික රණවක 2020 දී තමා ස්ථිර වශයෙන්ම ජනාධිපති වනවා දැයි තමන්ගේ කේන්දරය පරීක්ෂා කර පවසන ලෙස ඉල්ලා තිබේ.‘ඔබ තුමාගේ මම බැලුවා නේ ….ඒ කේන්දරේ නම් කිසිම රාජයෝගයක් නෑ. තමුන්නාන්සෙට වෙන්නෙ හැමදාම අරහෙට මෙහෙට පැන පැන ඇමතිකමක් ගැට ගහ ගන්න විතරයි. තමුන්නාන්සෙ ගැන කිසිම නායකයෙක්ට කිසිම විශ්වාසයක් නෑ. තමුන්නාන්සෙ හිටියෙ ගෝඨාත් එක්ක දිවෙන් දිව ගාගෙන නේද? අද මිනිහව ඇතුළට දාන්න ඉස්සරහින්ම වැඩ කරන්නෙ තමුන්නාන්සෙ නේද?’ යනුවෙන් කේන්දරය පරීක්ෂා කිරිමෙන් පසුව ඉන්දික තොටවත්ත දෛවඥයා පවසා තිබේ.

Top