Anonymous Reporter

නීතියට කොකා පෙන්වා සජින් ගෙදර යයි

බොරැල්ලේ පිහිටි කොස්මෝ කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමේ ගිණුම්වලට රුපියල් මිලියන 144ක මුදලක් ලැබීම සම්බන්ධයෙන් අද (08) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණර්ධන අද නිදහස් කිරිම සදහා එක්සත් ජාතික පක්ෂ සභාපති මෙන්ම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මෙහෙයුමක් දියත් කර ඇති බවත් ඒ අනුව අද දිනයේ සජින් නිදහස් වන බවට  අප දේශපාලන වාර්තාකරු කළ අනාවරණය තවුරු කරමින් සජින්ට අද ඇප නියම වුනා.

මේ අතර පසුගිය මහා මැතිවරණ සමයේ මලික් සමරවික්‍රමට මැතිවරණ ව්‍යාපාරය කරගෙන යෑම සදහා සජින් ද වාස් ගුණර්ධන විසින් මිලියන 500ක මුදලක් ලබාදි ඇති අතර ඒ අනුව මලික් මේ දින කිහිපයේම අදාළ පාර්ශවයන් හමුවි සජින්ට එරෙහිව ඇති තර්ජනය කිරිමේ චොදනාව අසත්‍ය එකක් ලෙස අධිකරණ හමුවේ පිළි ගන්නා ලෙසට බලපෑම් කර තිබේ.ඒ අනුව හෙට දිනයේ අධිකරණය හමුවේ සජින්ට ඇප ලබාදිමට නියමිත අතර පොලිසියට දුන් කට උත්තරය බලපෑම් මත ලබාදුන් එකක් බවට ප්‍රකාශයක් ලබාදිමටද කටයුතු කර තිබේ.

එජාපයේ ඩීල් එක ත ඇප ලබාගත් කූප්‍රකට සජින් ද වාස් ඉදිරියේදි අමුතුම ගේමක් දිමට සුදානමක් ඇති බවද අප වාර්තාකරු අනාවරණය කළා.

http://www.lankanewsweb.today/archives/11831

Top