Featured

නාමල් ඇල්ලු මෙහෙයුමෙන් ශ්‍රීලනීපය සලීත වෙයි….මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයේ නිලධාරියා විනිශ්ෂයකාරවරයා ඉදිරියේ ගොත ගහලා

නාමල් රාජපක්ෂ අත් අඩංගුවට ගැනිමට කටයුතු කිරිම හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මෙන්ම රටතුලද රාජපක්ෂලාගේ බලය තව තවත් වැඩි වෙමින් තිබේන බවත් එය ශ්‍රීලනීප ඒජාප ජාතික් ආණ්ඩුව ඉක්මනින්ම බිඳවැටීමේ ලක්ෂණයක් බවද මෛත්‍රී පිළ පෙන්වා දෙනවා. අද සවස ජනාධිපති නිළ නිවසේ පැවැත්වු හදිසි මෙන්ම විශේෂ හමුවේදි මෛත්‍රී පිලේ බත් බැලයන් මේ බව පෙන්වා දි තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව මූල්‍ය සිද්ධියකට අදාලව අභූත චෝදනා නගා “සැක පිට” පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගැනිමත් විමල් වීරවංශ මහතා ප්‍රමුඛ කණ්ඩායම ණ්ඩුවේ ජනතාද්‍රෝහී අනීතික වැට් බදු අත්හිටුවූ “අතුරු තහනම් නියෝගය” සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා මෙම සාකච්ඡාව කැදවා තිබු අතර එහිදි මෛත්‍රී පිළ පෙන්වා දි ඇත්තේ “හොරු අල්ලනවා” යැයි ජනතාවට දුන් පොරොන්දු මහ බැංකුව හොරා කැමෙන් පසුව තවදුරටත් වලංගු නැති බවත් දැන් සිද්ධ වේමින් පවතිනුයේ එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවා ගැනිමේ උවමනාව ඉටු කරගැනිම සදහා ජනාධිපතිවරයා ඇතුලු ශ්‍රීලනීපය අපහසු තාවයට පත් කිරිමට එජාපය දියත් කල මෙහෙයුමක් බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවණයෙන් පසු එක්සත් ජාතික පක්‍ෂ තනි ආණ්ඩුවක් බිහිකිරීම සදහා සියළු කටයුතු සූදානම් කර ඇති බව ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්ච කල ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද එම සාකච්ඡා වලදි අවධානය යොමුකර ඇති අතර මිට අමතරව පසුගියදා ජනාධිපතිවරයා විසින් රාජ්‍ය බුද්ධි අංශ මෙහෙයවා ලබාගත් වාර්තා කිහිපයක් පිළිබඳවද අවධාණය යොමුකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් මුළු වැඩසටහන පුරාම සිය අණසක පැතිරවිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බත් බැලයන් සලිත වි සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ජාතික ආණ්ඩුවේ කැබිනට් රැස්විමෙන් අනතුරුව පැවැත්වෙන ශ්‍රිලනිප මෛත්‍රී බත් බැලයන්ගේ රහසිගත කැබිනෙට්ටුවෙදි නාමල්ගේ පුනරාගමනය සම්බන්ධයෙන් සාකච්ඡා වි ඇති අතර එහිදි මෛත්‍රී බත්බැලයන් පෙන්වා දි ඇත්තේ පසුගියදා හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සහභාගි වෙමින් නාමල් කල කතාබහ වන අතර එය අනාගත ශ්‍රිලනිප නායකත්වයට අභියෝගයක් වන බවද ඔහුන් පෙන්වා දී තිබේ.

මේ අතර පසුගිය දින කිහිපයේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාද යාත්‍රා සහ මිනිස් දම්වැල් වලට නායකත්වය දීම නිසාත්, මහනුවර සිට කොළඹට පැමිණීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පෙළපාලිය මර්දනය කිරීම සඳහාත්, මහින්ද රාජපක්ෂට පුද්ගලිකව බලපෑම් කරමින් එතුමාගේ දේශපාලනය අඩාල කිරීමේ අසාර්ථක අරමුණෙනුත් මෙම දේශපාලන සිරගත කිරීම සිදුකර තිබේ.

ලැම්බොගිණි, රත්තරං අශ්වයින්, හෝටල්, බකිම්හැම් මාලිගා ආදිය ගැන කරන ලද මඩ චෝදනා සියල්ලම අතේ පත්තු වීම නිසා යන එන මං නැති වූ යහපාලකයින්, “සැක පිට” අත් අඩංගුවට ගැනීමේ ක්‍රමය භාවිතා කරමින් විරුද්ධවාදීන්ව දේශපාලන සිරකරුවන් කිරීමේ මෙහෙයුම සිදුකරමින් පවතියි.

මීට පෙර යෝෂිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්වරුන්ව අත් අඩංගුවට ගත්තත් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකරගත නොහැකිව නිදහස් කෙරුණි. මේ ආකාරයෙන් නාමල් රාජපක්ෂ මහතාවත් “සැක පිට” අත් අඩංගුවට ගැනීමේ වරප්‍රසාදය යොදාගනිමින් දින කිහිපයක් සිරගත කර තබාගෙන තම කුරිරු දේශපාලන පළිගැනීම යහපාලකයින් සිදුකරනු ඇත.

ශ්‍රී ලංකා ‍පොලිසියට ‍පොලිස් ආඥාපනත යටතේ සිදුකළ හැක්කේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ හෝ වෙනත් බලාත්මක නීති පද්ධතියක් යටතේ හෝ වරදක් සේ ගැනෙන යම් සිද්ධියක් හෝ කරුණක් හෝ ක්‍රියාවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා නඩු පැවරීම පමණක් බවත් ඊට පරිබාහිර කිසිදු කරුණක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ‍පොලිස්පතිවරයාට හෝ කුමන ‍පොලිස් ඒකකයකට හෝ නොහැකි බවත් එබැවින් මෙම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීති විරෝධී ‍පොලිසියක් හෙවත් ‘හොරා ‍පොලිස් ඒකකයක් බවත් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වා දී තිබේ. 1978 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ‘ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසම’ පිහිටුවන ලද්දේ ‍පොලිසිය හරහා එවැනි කටයුතු කරගත නොහැකි බව ඔහු වටහාගත් නිසා බවද ජනාධිපති නීතිඥවරයා තවදුරටත් කියා සිටියේය.

ඒ අනුව “සිවිල්” කටයුත්තක් වන මූල්‍ය සිද්ධීන්ට අදාලව චෝදනා නගා සැක පිට පුද්ගලයන්ව අත් අඩංගුවට ගැනීම නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකි. මෙම ව්‍යවස්ථා විරෝධී පොලිස් ඒකකයට එරෙහිව නඩු පවරා තිබුණි.

UPDATE 1 : නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට එරෙහිව අදාල පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ වසන්ත සමරසිංහ නැමැති ජනතා විමුක්ති පෙරමුණෙන් පරාජයට පත් වූ ජවිපේ පාක්ෂිකයන්ගෙන්ම ප්‍රතික්ෂේප වූ පුද්ගලයා විසිනි.

UPDATE 2 : ගොත ගසන්නේ නැතිව, බොරු කියන්නේ නැතිව සෘජුවම පැමිණිල්ල ඉදිරිපත් කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයේ අදාල නිලධාරියාට විනිශ්ෂයකාරවරයා විසින් අවවාද කරනු ලැබිණි.

UPDATE 3 : නාමල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම ගැන ඒ මහතාගේ නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා මාධ්‍ය වෙත අදහස් පල කලේ මෙසේය.

http://www.lankanewsweb.today/archives/11014

Top