Featured

වැඩ බැරි “සිරිසේන” හමුවේ වැඩ පෙන්වන මොලේ කලදක් නැති අනාචාරි කලන්

රට පාලනය කිරිමට කොන්ද පණනැති නායකයනගේ ලක්ෂණ උපරිමයෙන් පෙන්වමින් පුස් ඒකාධිපතියෙකු ලෙස සත්‍ය වාර්තා කල දිවයින පුවත් පත ප්‍රසිද්ධියේ පෙන්වමින් තර්ජනය කල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රැක ගැනිම සදහා රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් අනාචාරී රංග කලන්සුරිය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය නිකුත් කරමින් අනාචාරියා තර්ජනය කර ඇත්තේ මාධ්‍යයන්හි අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් අනාචාරී රංග කලන්සුරිය මහතාට එකක් කියා දියයුතුය රටේ වම ජනබලයක් සහිත නිකමෙකු වන සිරිසේන වැනි අයෙකු වෙනුවෙන් පෙනී සිටිම හේතුවෙන් ජනතාව හමුවේ ඔබ ප්‍රතිකේෂ්ප වන පුද්ගලයකු වන බවය.

උපුටා ගැන්ම ….

‘මූලාශ‍්‍ර විමසීමේ ජනමාධ්‍යයේ මූලික අචාරධර්මය බිද දමමින් හා කිසිදු වග විභාගයකින් තොරව ප‍්‍රවෘත්ති පළ කිරීම මගින් සමාජයේ දුර්මතයක් පතුරුවන්නට ඇතැම් ජනමාධ්‍ය විසින් දරන උත්සාහයන් කිහිපයක්ම පසුගියදා දක්නට ලැබිණි.

ඒ සදහා ආසන්නම උදාහරණය වන්නේ පසුගිය සති අන්තයේ ඉරිදා පුවත්පතක් ජිනීවා මානව හිමිකම් කොමිසම සම්බන්ධ කරගනිමින් ‘යුද අධිකරණය තව මාස 09 කින් විදෙස් විනිසුරුවොත් එයි’යන අසත්‍ය ප‍්‍රවෘත්තිය ප‍්‍රධාන සිරස්තලයේ යොදමින් ප‍්‍රකාශයට පත්කිරීමයි.මේ ප‍්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර එය එම පුවත ලියූ මාධ්‍යවේදියාගේ හිතලූවක් පමණි.එබදු හිතලූ පුවත් පළකිරීමේ අරමුණ විය හැක්කේ ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීමයි.රටේ උද්ගතව තියෙන සංහිදියාව බිද දැමීමයි.

එසේම ඇතැම් අයගේ පුද්ගලික මට්ටමේ ක‍්‍රියාකාරකම් ජනමාධ්‍ය අවභාවිතයට ගෙනෙමින් ඒවා රජයට එරෙහි සංදර්භයක පිහිටුවා තබා පටු දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් මාධ්‍ය ආයතන ගෙන ඇති බව පෙනේ.ඒ සදහා උදාහරණයක් වන්නේ පසුගියදා මඩකලපුව මංගලාරාම නායක ස්වාමීන් වහන්සේ තම විහාරයේ ඉදිකරන ලද සමර ඵලකයක් කඩා දැමීමේ ප‍්‍රවෘත්තියයි.එම සිදුවීමට ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැත.එහෙත් මූලාශ‍්‍ර විමසීමේදී ආචාරධර්ම බිද දමමින් රටේ රාජ්‍ය නායකයාට එරෙහිව පුද්ගලික ද්වේශයක් මතුවන ලෙස එවැනි පෞද්ගලික මට්ටමේ පුවත් පළ කිරීම කිසිදු දියුණු මාධ්‍ය සම්ප‍්‍රදායක ලක්ෂණයක් නොවේ.

රටේ දැනට උද්ගත වෙමින් පවතින නිදහස් මාධ්‍ය වාතාවරණය ප‍්‍රයෝජනයට ගනිමින් හා මාධ්‍ය ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් රජයටත්,ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයේ නායකයන්ටත් එරෙහිව නිර්මාණය කළ අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හරිමින් සමහර මාධ්‍ය ආයතන ද්වේෂ සහගත හැසිරීමක නිරත වී සිටින ආකාරය මෙම කෘතීම ප‍්‍රවෘත්ති වලින් පෙනෙන්නට තිබේ.

මෙවැනි සාවද්‍ය පළ කිරීමට එරෙහිව දැනට පවතින මාධ්‍ය නියාමන හා නීතිමය යාන්ත‍්‍ර මගින් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුවන බවද සදහන් කළ යුතුව ඇත.

උපුටා ගැන්ම අවසන්….

මහා අනාචාරියාගෙන් අපි එකෙන් එක අහමු……

වැට් බද්ධ වැඩි කිරිම සම්බන්ධයෙන් පුවත් පතෙන් දැනගත් ජනාධිපතිවරයෙක් යුද අධිකරණය පැවැත්වෙන්නේ තව මාස 09 කින්ද 10 කින්ද එහෙමත් නැත්නම් 12කින්ද යන්න දන්නේද?

පසුගිය ජනාධිපතිවරණ සමයේ ඔය කියන් සිරිසේන උන්නැහේ රාජපක්ෂලාගේ ඇමරිකාවේ බකිංහැන් මාලිගාවෙන් ගෙනා බව කී රත්තරං අශ්වයන්,ලැම්බොගීනි,හෙලිකොප්ටර 6,ඩොලර් බිලියන් 18ක මුදල් සම්බන්ධයෙන් එවකට තලු මරමින් මාධ්‍ය වල සිදුකල වාර්තා පිළිබදව නීතිය ක්‍රියාත්මක කිරිමට අනාචාරි රංග කලන්සුරිය හැකිද?

පසුගියදා මඩකලපුව මංගලාරාම නායක ස්වාමීන් වහන්සේ තම විහාරයේ ඉදිකරන ලද සමර ඵලකයක් කඩා දැමීමේ ප‍්‍රවෘත්තියට ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නැති බවද ඔහු කියා තිබේ.එසේනම් මේ රටේ මාධ්‍ය වාර්තාක එම විඩියෝ අසත්‍ය එවාද?ඒවා නිර්මාණය කරන ලද එවාද?අඩුම තරමින් අනාචාරියා එම් විඩියෝව දැක තිබේද? එම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත්ද?

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ ඒකාබද්ධ විපක්‍ෂය ගැන සඳහන් කරමින් එහි කටයුතු වාර්තා කරන ජනමාධ්‍යවලට සියුම් තර්ජනයක් කල අතර අමාත්‍යංශ ලේකම්ගේ නිවේදනය ගැන තමාගේ සම්බන්ධයක් නැතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙන්ම අගමැතිවරයාද අවධාරණය කර සිටි අතර අන්තිමට බොපගේට වෙච්චි දෙයක් නැත. ඒ අනුව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් අනාචාරී රංග කලන්සුරිය මෙම නිවේදනය නිකුත් කලේ යහපාලනයේ සියලු දෙනාගේ කැමත්ත මතද යන්න රටේ ජනතාවට කිව යුතුය.

Top