Featured

නාමල් වහාම අත් අඩංගුවට ගන්න නියෝග දුන්නේ ජනපති,පොලිස්පති අගමැතිට කියයි

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් අගමැතිවරයාක් කිසිදු මැදිහත් විමක් නොකල බව රනිල් පිළේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව මූල්‍ය සිද්ධියකට අදාලව අභූත චෝදනා නගා “සැක පිට” පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගැනිමත් සමග අගමැති වික්‍රමසිංහ මහතාට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට එහි අප්‍රසාදය එල්ල වෙමින් තිබේන අතර ඒ සම්බන්ධයෙන් පක්ෂයේ නායක අගමැති වික්‍රමසිංහ සමග පෙරේදා රාත්‍රීයේ කල සාකච්ඡාවකදි ඔහු අනාවරණය කර ඇත්තේ ……

නාමල් අත් අඩංගුවට ගැනිමට සුදානමක් ඇති බවට මාධ්‍ය හරහා වාර්තා කර තිබේන බවට විවිධ කණ්ඩායම් තමන්ගේන් විමසු බවත් නමුත් ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළ සාමාන්‍යයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බියවැද්දීම සදහා උප්‍රකමයක් ලෙස අදාල පුවත් වාර්තා සිදු කරන නිසා එය නොසලකා හැරිමට කටයුතු කල බවත්‍ ය.

නමුත් පසුගියදා නාමල් අත් අඩංගුවට ගැනිමත් සමග අගමැතිවරයා පොලිස්පති පුජිත් ජයසුන්දරගෙන් ඒ සම්බන්ධයෙන් විමසිමක් කර ඇති අතර එහිදි ඔහු සදහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් කැදවා පිළිවෙලින් අත් අඩංගුවට ගතයුතු පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳව සාකච්ඡාවක් සිදුකල බවත් අදාළ සාකච්ඡා සදහා ශ්‍රීලනීප මහා ලේකම් දුමින්ද දිසානායක මහතාද සහභාගි වි සිටි බවයි.

පසුව තමන් FCID ප්‍රධානින් මේ සම්බන්ධයෙන් දැනුවත් කල බවත් ජනාධිපතිවරයාගේ නියෝග මත ඉදිරි දින කිහිපයතුල තවත් පිරිසක් අත් අඩංගුවට ගැනිමට කටයුතු සුදානම් කර තිබේන බවද පොලිස්පතිවරයා අගමැතිවරයා හමුවේ අනාවරණය කල බව රනිල් පිළේ ප්‍රභලයා අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

අදාළ සාකච්ඡා අවසන් විමත් සමග ඉගිලෙන්න මාලුවෝ සමග බුදියන්න් ගිය දුමින්ද දිසානායක නාමල් සඳුදා අත් අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් කටමැත දොඩවා ඇති අතර පසුව එම පුවත් වෙබ් හරහා රටේ මාධ්‍ය දක්වා පැමිණ තිබේ.

Top