Featured

රතු අලී පැටියාගේ අන්තරේ ළහිරු පාහර කොටියාට දෙකට නැමේ

විද්‍යාපීඨ සිංහල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබුණු මෙම පිළිගැනිම සදහා උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් සහභාගී කරවාගෙන තිබෙන අතර දමිළ සිසුන් එයට විරෝධය පළකරමින් සිංහල සිසුන් රැසකට අමානුෂික ආකාරයෙන් පහරදිම සම්බන්ධයෙන් රතු අලි පැටියාගේ අවජාතක අන්තරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එය පාහර කොටි ත්‍රස්ත ශිෂ්‍යයන්ගේ ක්‍රියාවක් නොව සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් ලෙස අර්ථ දක්වා තිබේ.ප්‍රහාරයට ලක්වු සිසුන් පුල පුලා සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණයන් කරද්දී කොළඹ අනුන්ගේ පිං බත් ගිලිනා ළහිරු කිචා මාධ්‍ය නිවේදන නිකුත් කරමින් බෙදුම්වාදීන්ට කඩේ යෑම ලැජ්ජා සහගතය.

විශ්ව විද්‍යාලයට නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක් අතරතුරයි මෙම ප්‍රහාරය සිදුව ඇති අතර එම ස්ථානයට කඩා වැදුණු කාලා පීඨ දෙමළ සිසුන් විසින් විශ්ව විද්‍යාල ආචාර්ය්‍යවරුන් බලා සිටියදීම පහරදීම සිදුකර තිබෙන අතර වීදුරු කඩා බිද දමමින් විශ්ව විද්‍යාල ගොඩනැගිවලටද හානිකර තිබෙනවා.(යාපනයේ කොටි බෙදුම්වාදීන් විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට පහර දුන් අයුරු පහතින් දක්වා තිබේ. )

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවා නිවේදනයක් නිකුත් කරමින් ඇතිවු සිද්ධිය කවර අකාරයේ එකක්ද යන්න අනාවරණය කළා….

එම නිවේදනය ….

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන 2016.07.17 සෙනසුරාදා දින සිදු වූ මිලේච්ඡ ප්‍රහාරය අපි ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. විශේෂයෙන්ම ආචාර්යවරු සහ යාපන විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරිපිටදී සිදු වූ මෙම ප්‍රහාරය සැලසුම් සහගතව ජාතිවාදී පදනමින් සිදු වී ඇති බව පැහැදිලිය.

දෙමල සිසුන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සිංහල සිසුන්ටද ඒ ආකාරයෙන්ම තිබිය යුතු බව අපගේ වැටහීමයි. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී යාපනයේ සහ වවුනියාව මණ්ඩපයේ සිංහල සිසුන්ගේ ආරක්ෂව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු. තව ද මේ ආකාරයේ ජාතිවාදී ක්‍රියාකාරකම් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් උතුරේ හමුදා ශක්තිය වර්ධනය කිරීමත් කිසිදු හමුදා කදවුරක් ඉවත් නොකිරීමටත් රජය කටයුතු කල යුතු බව අපේ අදහසයි.

ආචාර්ය චන්න ජයසුමන
ලේකම්,

රතු අලි පැටියාගේ පදේට නටන අන්තරය දැන් රටටම අන්තරාදායක බව හොදටම විශ්වාසය… පසුගියදා රතු අලී පැටියාගේ සහය ඇතුව ශිෂ්‍ය ව්‍යාපාරය ගොනාට අන්දවමින් දින ගණනක් බොරුවට හිරේ ලැග්ග ළහිරු කිචාට යමක් අවබෝධ කර ගැනිමට ඔලුවක්  තියේනවානම් පහත විඩියෝව නරබන්න ……

අන්තරේ නිවේදනය 

jaffnaISSSU

http://www.lankanewsweb.today/archives/12025

Top