Anonymous Reporter

කිරිඇල්ලගේ දුව මාර්ග සංවර්ධනයට විදී

විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා සිය අමාත්‍යංශය හරහා සිදුකරන ඉදිකිරිම් කටයුතු සියල්ලම සිය දියණියගේ සමාගමට පැවරිම හේතුවෙන් ඉදිකිරිම් ක්ෂේත්‍රයේ සමාගම් බරපතල අර්බුදයකට මුහුණ දි තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කී ලක්‍ෂමන් කිරිඇල්ල ඕනෑම ගොනකුට විශ්වවිද්‍යාල කටයුතු පිළිබඳ ඇමතිවරයා වු කිරිඇල්ල සිය දියණිය වන චාමී කිරිඇල්ල (Chami Kirella)හදිසියේම අටවාගත් කැන්ඩි කන්ස්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට අමාත්‍යංශයේ ව්‍යාපෘති හා කොන්ත්‍රත් භාරගෙන ඉදිකිරිමි කටයුතු පවරන බවත් පසුව කුඩා ඉදිකිරිම් හා ව්‍යාපෘති මෙහෙයවන කණ්ඩයම් සදහා කොමිස් මුදල් ලබාදිමේ ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති පැවරිමට කටයුතු කරන බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ.

විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරුන් 56 දෙනෙකු බදවාගෙන ඇති අතර ඔහුන්ට මාසික වැටුප ලෙස රුපියල් 25000/= සහ ඉන්ධන දිමනාව 40000/= ලබා දිමට කටයුතු කර ඇති ඔහුන් අතර O/L අසමත් අයද සිටින බවත් මේ අතර තවත් මහජන සම්බන්ධිකරණ නිළධාරි 96 මහනුවරින් පමණක් බදවා ගෙන තිබේන බව අප පසුගියදා අනාවරණය කළා.

Top