Featured

” මෙවැනි අධිකරණයක නඩු කීමට එම අපට ලැජ්ජයි ..ලැජ්ජයි…” විනිසුරුට ජනාධිපති නිතිඥයන් මුණටම කියයි

” මෙවැනි අධිකරණයක නඩු කීමට එම අපට ලැජ්ජයි ..ලැජ්ජයි…” විනිසුරුට ජනාධිපති නිතිඥයන් මුණටම කියයි…

මෙසේ ප්‍රකාශ කලේ පසුගිය දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ අසන ලද මේ වනවිට මහත් ආන්දෝලනයකට ලක්වී ඇති නඩුවකදීය. පසුගිය 17 දින මුල්‍ය අපරාධ කොට්ටාශය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලද්දේ දිවි නැගුම දෙපර්තුමන්තුවේ මුදල් අවභාවිතාවක් සම්බන්දයෙන්.

මොකද්ද මේ මුදල් අවභාවිතාව ? දිවිනැගුම පනතේ 6 ඕ වගන්තිය යටතේ “යම් රජයේ දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක්, පළාත් පාලන ආයතනයක්, පෞද්ගලික අංශයේ සංවිධානයක් හෝ රාජ්ය නොවන සංවිධානයක් විසින් දිවිනැගුම ප්‍රතිලාභීන්ට සපයන සේවා සඳහා පහසුකම් සැලසීම” යන්න මඟින් අදාල නිළධාරින්ට මෙවැනි කටයුතු ඉටු කිරීමට අවශ්‍යය ව්‍යවස්ථාමය බලය ලබාදී ඇත.මෙම බට මිළදි ගනීම සඳහා මුදල් ගෙවා ඇත්තේ දිවිනැගුම අරමුදල් වලින් නොව රාජ්‍යය අයවැයෙන් අනුමත අමාත්‍යයාංශයට වෙන්කර තිබූ මුදල් වලින් නිසා දුප්පත් ජනතාවට අයත් දිවිනැගුම අරමුදල් අවභාවිත කළාය යන්න සම්පුර්ණයෙන්ම අසත්‍යය ප්‍රචාරණයකි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මෙන්ම වෙනත් අමාත්‍යාංශ මඟින්ද පළාත් පාලන ආයතන වලට විවිධ ප්‍රතිපාදන සපයා ඇත. උදා; ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මඟින් ජෙනරේටර්, ගලි බවුසර්, වතුර බවුසර්, පරිසර අමාත්‍යාංශය මඟින් ට්‍රැක්ටර්, කසල එකතු කරන හා ප්‍රතිචක්‍රීය කරන වාහන, සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සායන සඳහා බෙහෙත් වර්ග, ඩෙංගු මදුරු උවදුර මර්ධනය කරන උපකරණ හා රසායනික බෙහෙත් වර්ග ලබා දී තිබේ.

පළාත් පාලන අමාත්‍යාංශය මඟින් මෙම වකවානුවේදී ම පළාත් පාලන ආයතන වලට ලබා දී GI බට ලබාදී තිබේ . එහෙත් ඒ කිසිදු අමාත්‍යාංශයක ඇමතිවරයාට හෝ ලේකම්වරයාට අමාත්‍යාංශයකට එරෙහිව පැමිණිල්ලක් තබා චෝදනාවක් එල්ල කර නැත. එසේ නම් බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයි ? බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නිතිඥයන් විනිසුරුවරයා හමුවේ තර්ක කලා. විනිසුරු වරයා ඔලුව වනමින් සමචලයට සිනා වෙමින් අසා සිටියා.ජනාධිපති නිතිඥයන් පසුගිය නඩුවේදී මහාධිකරණ විනිසුරු බැසිල් රාජපක්‍ෂ මහතාට අප ලබාදෙමින් ප්‍රකාශකළ සටහන්ද කියවනු ලැබුවා..විනිසුරු වරයා ලජ්ජාවෙන් අසා සිටියා.විනිසුරුවරයා නඩුව විනාඩි කිහිපයකට කල් දැම්මා. ආණ්ඩුවේ ඉහල තැන්වලට කෝල් ගත්තා … උපදෙස් ගන්න .. විනිසුරුකම තුන්වෙනි වතාවටත් උගස් කලා ..සුපුරුදු පරිදි නීතියේ දෙවගන මුදලට තනතුරුවලට වික්කා .. බැසිල් ව ලබන අගෝස්තු 1 දක්වා රිමාන්ඩ් කරන්න නියෝග කළා.

තීන්දුවේ බරපතල කම් කිහිපයක් පේනවා

1. විනිසුරුතුමා පාර්ලිමේන්තුවේ කටයුතු අබියෝගයට ලක්කිරීම. -අනාගතයේදී ඇමැතිවරුන්ට ඔවූන් කටයුතු සම්බන්දයෙන් අධිකරණයට අබියෝගයට ලක්කළ හැකිවීම.

2. නිතිය සැමට සාධාරණය වීම – නීතියේ ආධිපත්‍ය හැලුවට ලක්කිරීම.

3.මහේත්ස්ත්‍රාත් තනතුර හැලුවට ලක්කිරිම මගින් අනෙකුත් මහේත්ස්ත්‍රාත් වරුන්ගේ තනතුර ද හැලුවට ලක්කිරිම.

4. එදිරියේදී කඩුවෙල මහේත්ස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා දන නඩු තීන්දුවල නිත්‍යානුකුල හාවය සම්බන්දයෙන් ගැටළු ඇතිවේ.

5. ඔහුහේ නීති දැනුම සම්බන්දයෙන් දැනුම මද කම නිරුපණය වීම.

මේයින් ජනතාව තේරුම් හත යුත්තේ වර්තමාන ආණ්ඩුවට කිසිදු ආර්ථික සංවර්ධන කටයුත්තක් සිදු කිරිමට ඇති නොහැකියාව වසාගැනීම සදහා ආර්ථික සංවර්ධනය යනු ගසාකැමේ ව්‍යාපෘතියක් බව ජනතාවට ඒත්තු ගැන්වීම.ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා විසින් කරඇති සේවාවන් පිළිබද ජනතාව තුළ අප්‍රාසදයක් ඇති කිරීම.

Top