Featured

රටින් පන්නන්න හැදු .කෝටි 16ක කළු සල්ලි වල අයිතිකරු මෙන්න

නීති විරෝධී ලෙස ඩුබායි බලා රැගෙනයාමට උත්සාහ කළ රු.කෝටි 16ක විදෙස් මුදල් මුදල් තොගයේ අයිතිකරුවා මේ වනවිට අනාවරණය වි ඇති බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

පසුගිය (19 දා) අලුයම 3.25ට පමණ කටාර් 669 ගුවන් යානයේ ඩුබායි බලා යැමට පැමිණි අවස්‌ථාවේ රේගු නිලධාරියා විසින් මෙම  විදේශ මුදල් තොගය සහ එය රැගෙන ආ තිදෙනා අත් අඩංගුවට ගත් අතර ඔහුන් සතුව තිබු මුදල්වල වටිනාකම පියල් මිලියන 166 ක පමණ වනවා. අදාල මුදල් තොගය තුල ක්‌වේට්‌ ඩිනාර්, කටාර් රියාල්, ඕමාන් රියාල්, සෞදි රියාල්, යූරෝ, ඇමරිකන් ඩොලර්, ස්‌විස්‌ ප්‍රෑන්ක්‌, ඩුබායි ඩිරාම් යන විදේශ මුදල් අන්තර්ගතව තිබුනා.

අදාළ මුදල් කොළඹ කොටුවේ රහසේම මුදල් මාරු කරන මධ්‍යස්ථානයක් සහ ‘උන්ඩියල්’ ක්‍රමය මඟින් කළු සල්ලි භාවිතා කරමින් කෝටි  ගණනින් මුදල් උපයන නීති විරෝධී ව්‍යාපාරික ජාලයක් මෙහෙයවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද  උපදේශක ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස පෙනී සිටින මොහොමඩ් රිස්වි ඉල්ලියාස් (Rizley Illayas)නොහොත් ඩිඩාගේ බව අනාවරණය වි තිබේ.REGU

අදාළ මුදල් තොගය සමග ගමන් මලු දෙකක සඟවාගෙන ගුවන් මගින් ඩුබායි බලා යැමට පැමිණි කාන්තාව (19 දා) අලුයම කටුනායක  ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය අමාත්‍යවරයාගේ නම සදහන් කර ඇති අතර එම ප්‍රකාශයන්  නොතකා අදාල කාන්තාව සහ ඇය සමග ඩුබායි බලා යැමට පැමිණි කාන්තාව සහ පිරිමි පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට රේගු අධිකාරිවරුන් කටයුතු කරනු ලැබුවා.

මේ අතර අදාළ මුදල් රැගෙන ආ සැකකාර කාන්තාව දේශපාලන ප්‍රභලයන් සමග සමීප සබඳතාවයන් ඇති බව ප්‍රශ්ණ කිරිම් වලදි අනාවරණය වි ඇති අතර පසුගිය කාලසිමාවේ ආර්ථික සම්බන්ධයෙන් වැඩිපුරම කතාබහට ලක්වු අමාත්‍යවරයේකුගේ බිරිඳක් විසින් නුගේගොඩ කන්දවත්ත පාරේ පවත්වාගෙන යන අමාත්‍යවරුන්ට සැප දිමේ ගණිකා මඩමේ සම්බන්ධීකරන කටයුතු වලට සහය දෙන එම ස්ථානයේ නිරන්තරයෙන් ගැවසේන කාන්තාවක් බවද අනාවරණය වි තිබේ.

මේ අතර අදාළ මුදල් තොගය අල්ලාගත් මුදා හරින ලෙසට රේගුවට බලපැම් එල්ල වෙමින් තිබේන බවද අප වාර්තාකරු සදහන් කළා.

මොහොමඩ් රිස්වි ඉල්ලියාස්ගේ ගොලයන් සල්ලි අරන් යන්න ගියේ කොහෙද?

http://www.lankanewsweb.today/archives/9650

http://www.lankanewsweb.today/archives/11734

Top