Featured

මේක සිංහල,බෞද්ධ රට … මහනායක හිමියෝ යහපාලනයට අනතුරු අගවයි

මේ සිංහල බෞද්ධ රට විනාශ කිරිමට තබන සෑම පියවරකටම එරෙහිව සමස්ත සංඝ සමාජය ප්‍රමුඛ සිංහල බෞද්ධයා එලියට බහින්න දෙවරක් නොසිත බව රාජ්‍ය පාලකයන් තරයේ මතක තබාගත යුතු බව අස්ගිරි පාර්ශවයේ නව මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන හිමියන් පිළිගැනීම වෙනුවෙන් අද (25) කොළඹ සම්බෝධි විහාරයේ බෞද්ධයා නාලිකාවේ පැවති උත්සවයකට එක්වෙමින් අවධාරණය කළා.

බුදු දහමට හිමි තැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු වී තිබිය යුතු බවත් අන්‍යාගමික රාජ්‍ය සංකල්පය පිළිගත නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළා.බටහිරින් පැමිණි මානව හිමිකම් නැමැති සංකල්පයට ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය යටපත් කිරීමට ඉඩදිය නොහැකි බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

“ආගමට හිමි විය යුතු තැන අහිමි වී වැනසී යන සමයක බුද්ධාගමට හිමි විය යුතු තැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික විය යුතුයි. අනාගමික රාජ්‍ය සංකල්පය අප පිළිගන්නේ නැහැ. බුද්ධාගම ශ්‍රී ලංකාවේ වාතාශ්‍රයට මුසු වී තිබෙනවා. අප හුස්ම ගන්නා විටත් ඒබව දැනෙනවා.“ යැයි කොළඹ සම්බෝධි විහාරයේ උත්සවයක දී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

“ශ්‍රී ලංකාවේ ජීවය ලෙස සැලකෙන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්මයයි. එවැනි ජීවන ක්‍රමයකට හිමි විය යුතු ස්ථානය හා ගෞරවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් අහිමි නොකළ යුතු දෙයක් ලෙසයි මා දකින්නේ. මේ කාරණය කිසිසේත්ම නොසලකා සිටින්න අපිට බෑ. මක් නිසාද අප ජීවත් වන්නේ බෞද්ධ පරිසරයකින් පෝෂණය වූ රටක නිසා. එම නිසා ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනතාවගේ අධ්‍යාත්මික ගුණ වගාව වෙනුවෙන් මහා සංඝරත්නය සමග කටයුතු කිරීමට අප සූදානම්“

“අපේ ජීවිත වලට යම් කිසි සිත් තැවුලක් හෝ වේදනාවක් ඇති වන හැම අවස්ථාවකම හිතේ සහනය ලබා ගැනීමට බුද්ධ ධර්මය ඉවහල් වන බව අපට විශ්වාසයි. මහා සංඝරත්නය කෙරෙහි අප තුළ තිබෙන්නේ බලවත් විශ්වාසයක්.”

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා

ReV_warakagoda (2) ReV_warakagoda (3) ReV_warakagoda (4) ReV_warakagoda (5) ReV_warakagoda (6) ReV_warakagoda (7) ReV_warakagoda (8) ReV_warakagoda (9)

Top