Featured

පොලොන්නරුවෙ කලවැද්දා පොනිල් එක්ක නිදි වැද්දා

ධර්ම යාත්‍රා, පාද යාත්‍රා ශාසනයේ සුවිශේෂී මං සලකුනු විය.  තතාගතයන්  අනුදැන වදාළ “ චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යන වදන එයට සාක්‍ෂියකි. තතාගතයන් යොදුන්  ගණන් දුර  ගෙවා ජනයා අතරට  වැඩම කළ සේක.

ජනයාට තතාගතයන් දර්ශනය වීම තුළින් ශ්‍රද්ධාභක්තිය වැඩි විය. උන්වහන්සේ  කෙරේ මහත් ආදරයක් ඇති කලේය. මිත්ය දෘෂ්ඨින් පිටුදැකීමට ශක්තියක් විය. ධර්මදේශනා, ධර්ම සාකච්ඡා , දාන මාන ආදී කරුනු  තුලින් ජන විඥානය අවදි කලේය.

මෑත ඉතිහාසයේ මාටින් ලූතර් කිං ඇමෙරිකානු පුරවැසියන්ගේ සිවිල් අයිතිවාසකම් දිනා ගැනීම උදෙසා පා ගමනක නිරත වූයේය.චීන විප්ලවයට මාර්ගය විවර වූයේ ද  මාඕ සේතුංගේ දීර්ඝ පාද යාත්‍රාව තුලිනි. ඉන්දියාවේ නිදහස් සටනේදී මහත්මා ගාන්ධි සිය අනුගාමිකයන් සමඟ මහා පාද යාත්‍රාවක නිරත විය. රට ජාතිය උවදුරකින් මුදවා  ගැනීම මේ  පාද යාත්‍රා වල අරමුන වී තිබුනි.

ලක් ඉතිහාසයේ තීරනාත්මක අවස්ථා ගනනාවක්ම  පාද යාත්‍රා තුලින් කෙලවර විය.ෆෙඩරල් ක්‍රමයක් මූලිකව බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමක් අත්සන් කලේය.  ඊට එරෙහිව ජනයා පෙල ගැස්වීමට ජේ.ආර් කොළඹ සිට නුවරට පා ගමනක් සංවිදානය කලේය. ඉඹුල්ගොඩදී මාර්ගය අවහිර කිරීම නිසා පාගමන අතරමඟ නතර කෙරිණි. නමුත් දේශපාලන පෙරලිය නවතා දැමිය නොහැකි විය

යළි එවැනි පා ගමනක්  සංවිධානය කෙරුණේ  ප්රේමදාසගේ ආණ්ඩුවට එරෙහිවය.භීෂණයට එරෙහිව කතරගම බලා පාද යාත්‍රාව සිදු විය.එම පාද යාත්‍රාව ආණ්ඩු විරෝධය කුළුගැන්වීමට සමත් විය. ‘ජනබල මෙහෙයුම’ නමින් චන්ද්‍රිකාට එරෙහිව දියත් කල පාදා යාත්‍රාව හරහා බලය ඇලීමට රනිල් සමත්විය.රනිල් අත්සන් කල සටන් විරාමයට එරෙහිව ජ.විපෙ. පාද යාත්‍රාවක් ගියේය. ඒ සමගම රනිල්ගේ අවසානය සටහන් විය.

‘ජනසටන’ පාද යාත්‍රාව මෛත්‍රී – රනිල් ආණ්ඩුවට එරෙහිව  සංවිධානය කරනු ලැබ ඇත. පාද යාත්‍රා හරහා  සැරසෙන්නේ බල පෙරලියකට බව නොරහසකි . මෙතරම් කෙටි කාලයක් තුල නව රජය පෙරලා දැමීමේ යුක්ත යුක්ත බව පිලිබද තර්ක විතර්ක බෝහෝය.

අලුත විවාහ වූ කාන්තාවක් අනාචාරයේ හැසිරෙන්නේ නම් කල යුත්තේ කුමක්ද? බැදපු ගමන්නෙ , කමක් නෑ  කියා තව ටිකක් කල් ඉවසා සිටීමද ?   පස්සෙ හරියයි කියා බලාපොරොත්තු රදවා ගැනීමද ?

රනිල්  සිරිසේන දීගය උපන් ගෙයිම අනාචාරය, ඒ පිලිබද විමසා බලමු.

1. සිංහල මහ ජාතිය සතු වූ රජුන් තැනීමේ බලය  සුලු ජාතීන් අතට පත් කලේය.

2. නිදහස් පක්ෂයේ නියෝජිතයන් 95 පාර්ලීමේන්තු  යැවූයේය. ඉන් 45 දෙනෙකු  පාක්ෂික ජනතාවට පිටුපා පිල් මාරු කලේය. මේ මංකොල්ලය රනිල් – සිරිසේන මෙහෙය වූවකි.

3. අද ජවිපෙ එජාපයේ අසූචි සෝදයි, නිදහස් පක්ෂය කක්කුස්සියට වතුර අදියි .

4.  රට යන අත හසුරුවන දේශපාලන නාස් ලනුව ඉන්දියාවට බාර දුන්නේය

5. නොමිලේ වයිෆයි,රැකියා දසලක්ෂයක්, යතුරු පැදියක මිලට වාහනයක් වැනි පොරොන්දු කප්පරක් දී ජනතාව මුලා කිරීම

6. දෙමළ අන්තවාදයට පණ දීම, යාපනයේ විශ්ව විද්යාලයේ සිංහල සිසුන්ට අත් වූ ඉරණම හොද උදාහරනයක්.

7. රනිල් –  සිරිසේන දීගයේ කපුවා ඉන්දියාව, මගුල ගත්තේ කොටි ඩයස්පෝරුවෙ, හනිමූන් ගියෙ ඇමෙරිකාවෙ. දැන් උන් සනසන්ඩ ගේනව අලුත් ව්යවස්ථාව.

8. මහින්දට බයේ පුංචි චන්දය කල් දාල. නගර වල, ගම් වල පාලනය නිලදාරී කල්ලි වලට යටත් කරල. ජනතාව පීඩාවට පත් වෙලා.

9. ආණ්ඩුව ජනතාව මත අධික බදු බරක් පැටවූවා.

10. අපේ රටේ  රැකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරන එට්කා ගිවිසුම  අත්සන් කිරීමට සූදානම් වෙනවා. ඉන්දියාවේ විරැකියාව මිලියන 22යි.

11. රාජ්ය විශ්රාම වැටුප කප්පාදු කළා. පාසල් නිල ඇඳුම කප්පාදු කළා. ගොවි සහන  කැපුවා,සමෘද්ධිය කැපුවා.

12. හමුදාව බෙලහීන කලා.

13.  විදෙස් ගත ශ්‍රමිකයන්ට කොකා පෙන්නුවා.

14. යුද අපරාධ අධිකරණය තුලින් සිදුවන්නේ යාන්තමින් වියලෙමින් තිබෙන වාර්ගික තුවාලය යලි පෑරීමය . ප්‍රබාකරන් නම් මෙලෙච්චයා නන්දිකඩාල්  කලපුවේ අවසන් ගමන් ගියේය. ඌට අබුඩය ගැසුවෙ කවුද, වෙඩි තිබ්බේ කවුද, වෙඩි වැදුනේ මොන ඇටයටද සෙවීම රනිල් –  සිරිසේනට වැදගත් වුවද පොදු ජනයාට නොවැදගත්ය.

15. දුෂනය ඩබල් කරල  ජනතාව ඉදිරියේ ඇස්බැන්දුමක් පෙන්වනව.

මේ මහා අපරාධ  වලට එරෙහි ජනතා නැගිටීම මහින්දගේ ‘ජනසටන’ පාද යාත්රාව තුලින් කුලු ගැන්වී ඇත.ජාතියේ එකම ගැලවුම්කරු මහින්ද බව යලි ජනතාව එක හඩින් කියා සිටියි. යහ පාලනයට මුලා වූ ඇතමුන්  සමාව ඉල්ලා මහ මග හඩා වැටෙයි . හැඩි දැඩි පිරිමින් පැමින දෙපා මුල වැද වැටෙයි. දරුවන් සිය ලෝකයේ වීරයා සියසින් දැක සතුටින් ඉපිල යයි. දේශප්‍රේමයෙන් ඔද වැඩුනු ඇතමුන් ඔහු වැලද ගැගීමට පොර බදයි. සංඝ රත්නය පැමින ආශිර්වාද පූජා පවත් වයි. මේ අසමසම පෞර්ශය කිසිවෙකුට නැවතිය හැකිද.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

Top