බෙදුම්වාදී යහපාලන ආණ්ඩුවේ ඇම්බැට්ටයන් ලවා මහින්ද රාජපක්ෂ මහතා සමග ඇති සබඳතාවයන් බිද දැමිම සදහා සියුම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු අවස්ථා ගණනාවකදි අප විසින් අනාවරණය කළා.මේ අනාවරණයද සාක්ෂී සහිතව වගකිමකින් යුතුව අපගේ හිතවතකු විසින් ලියා එවන ලද්දකී
දරණාගම කුසලධම්ම හිමියන්ද අප මෙන්ම මහින්ද මහතාට ඉතා පක්ෂපාතීව කටයුතු කරන ප්‍රගතිශීලී ස්වාමින් වහන්සේ නමකි. නමුත් එම ස්වාමීන් වහන්සේගේ වටා එක්වී කටයුතු කරන පිරිස ස්වාමීන් වහන්සේගේ අදහස් වෙනස් කරමින් සිටින රනිල්ගේ හෙංචයියන් පිරිසකි.
ඉතා සූක්ෂමව ඔවුන් මෙය කරයි.සැමදා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්ද ආන්ඩුවේ සීනිබෝල වර්ණනාවක් නියත වශයෙන්ම සිදු කරන අතර කුසලධම්ම හිමියන්ද සූක්ෂම ලෙස රවට්ටමින් නොමග යවමින් සිටී. මේට මාස 2කට පමන පෙර සම්බෝධි විහාරයේ පෙරහරට අලින් යොදා ගනීම අධිකරණ නියෝගයක් මගින් මෙම රජය විසින් තහනම් කරන ලද අතර කුසලධම්ම හිමියන් ඒ පිළිබඳ ඉතාම කලකිරී කණස්සල්ලෙන් කල් ගෙවුවේය. නමුත් අපේ ජනාධිපති තුමා මේ සම්බන්ධව වෙහෙස වී කටයුතු කරමින් අපිට අලි ලබා දීමට උත්සාහ කිරීම සතුටට කරුණක් යනුවෙන් ස්වාමින් වහන්සේ පසුව ප්‍රකාශ කරන්නට විය. එනම් ඇතැම් විට ස්වාමින් වහන්සේ වටා සිටින හෙංචයියන් මයිත්‍රීපාල ලවා දුර ඇමතුමක් දෙකක් ලබාදී ස්වාමින් වහන්සේට අස්වැසිල්ලක් වන ලෙස වදන් පවසා රවට්ටා ගන්නට ඇත.
ඒ එක් අවස්ථාවකි. පසුගිය සෙනසුරාදා කුසලධම්ම ස්වාමින් වහන්සේගේ උපන්දිනයට සුබ පතා එවූ සන්දේශද රාත්‍රී ප්‍රවෘත්ති මගින් කියවිනි. ඒ අතරින් රනිල් එවු චාටු සුබ පැතුම ප්‍රවෘත්ති කරුවන් විසින් සම්පූර්ණයෙන්ම කියවූ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පණිවුඩයේ “මෙසේ කියා” ඇත යනුවෙන් එහෙන් මෙහෙන් ටිකක් පල කලේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සම්බෝධි විහාරයේ ආරම්භ කල සෙත්සුව මැදුර හෙවත් වස විස නැති පොල, සඳහාද වෙළෙන්දන් ලෙස පත් කර ඇත්තේද රනිල් ගැන අසත්‍ය පම්පෝරි ගහන හෙංචයියන්ය. එක් ඇම්බැට්ටයෙක් “දැන් පන්සලේ රත්තරන් ගොඩක් තියෙනව හොඳ වෙලාවට දැන් ගෝථාභය එන්නෙ නෑ. ආව නම් රත්තරන් ටික ඉවරයි” යනුවෙන් වරක් ප්‍රකාශ කලේය. එම පොල ආරම්භ කල කාලයේ දහවල් 2.00 වන තුරුත් විශාල පාරිභෝගිකයින් ප්‍රමාණයක් පැමිණි අතර දැන් උදෑසන 9.30 පමණ වන විට පාලු ස්වභාවයක් ගනී.
නාරාහෙන්පිට පදිංචි, කැඳ සපයන වෛද්‍යවරියකවිසින් එවූ කැඳ සැපයීමට එවන ලද වෙළඳ මහත්මියකට අත් උදවු කාරිය වශයෙන් පළමුව එම ඇම්බැට්ටයාගෙ බිරිය පොළට පැමිණියාය. පසුව එම පළමු වෙළඳ මහත්මියගෙන් අවසර ගෙන එම ඇම්බැට්ට බිරිය වෙනම කැඳ භාජනයක් ගෙනැවිත් පොලේ තබාගෙන විකුනා එම පළමු වෙලඳ මහත්මිය පසුකරමින් අහක බලාගෙනම ගෙදර යාමට පුරුදු වූවාය. පොලේ සිටි පොත් අලෙවි කරන වෛද්‍ය වරයෙක් තම ස්ථානයෙන් ඉඩ ස්වල්පයක් ඇයට දුන්නේය. වෛද්‍ය වරයාගේ පොත් අලෙවිය අඩු නිසා ඔහු දැන් එන්නේ නැත. පසුව ඇගේ අම්බැට්ට මනුස්සයා දියාරු එලකිරි භාජනයක් ගෙනැවිත් පොලේ විකුණමින් සිටියේය. කෙමෙන් එම ඇම්බැට්ටයා කෑම වර්ග සාදාගෙනැවිත් විකුණන්නට විය. පොලේ පාලකයා ප්‍රබල යූ ඇන් පී හෙංචයියෙකි. ඔහුටද ඇම්බැට්ටයා උදෑසනින්ම කැඳ කෝප්පයක් දිගු කරයි. පලමු කැඳ වෙළද මහත්මිය, වෙළඳාම අඩු වීම නිසාත් ඇයට ඇතිවූ වෙනත් ගැටළුවක් නිසාත් වෙළඳාම නැවැත්විය. පලමු කැඳ වෙළෙඳිය අපට සඳහන් කලේ එම ඇම්බැට්ට බිරිය “පොඩි එවුන්ට කන්න නෑ අක්කෙ” කියමින් තම නිවසට පැමිණි විට තමන් කෑමට යමක් දෙන බවයි. ඔවුන් තමාට මග පෙන්වූ තැනැත්තියට සැලකූ ආකාරය බැලූ විට පාරිභෝගිකයින්ට කුමක් කරයිද යන්න අලුතින් සිතිය යුතු නොවේ. ඔවුන් අසල සිටින තවත් රනිල්ගේ හෙංචයියන් පිරිසක් කරන්නේ ඔවුන් සමග මිත්‍රව අනෙක් වෙළඳුන් පිළිබඳ කේලාම් කියමින් රණ්ඩු ඇති කිරීමට උත්සාහ කිරීමය.
වරෙක එවැනි කේලමක් අසා ඇම්බැට්ටයා අප වෙත ඇවිත් චන්ඩියකු මෙන් වහසි බස් දොඩන්නට විය. ඔහු පැවසුවේ “මගෙ කස්ටමර්ස්ලට මම මැටි දුන්නත් කමක් නෑ ඕගොල්ලො මගෙ කස්ටමර්ස්ලට කියල තියෙනව මගෙ කෑම හරිනෑ කියල” යනුවෙනි. මා ඔහුට කියා සිටියෙ දවල් කාලයේ මා හමුවන ලෙසත් මේ උදෑසන පාරිභෝගිකයින් වැඩිපුර ගැවසෙන හෙයින් අවැදගත් ලෙස හැසිරීම නුසුදුසු බවත්ය. නමුත් එම හෙංචයියා වැදගැම්මක් පිළිබඳ කිසිදු අවබෝධයක් නැති එකෙකි. ඔහු “මට දවල්ට කතා කරන්න ඕනෙ නෑ” කියමින් චණ්ඩි කමට ඔහුගේ කයිවාරුව ගැහුවේය. මෙවැනි සිදුවීම් මගින්ද පාරිභෝගික විශ්වාසය බිඳ වැටෙන අතර එකිනෙකා හඳුනන වෙළෙන්දන් අතරත් තත්වය මෙසේ නම් වෙළෙන්දන් සහ ආගන්තුක පාරිභෝගිකයින් අතර සම්බන්ධතාවය ගැන කිව යුතු නැත. ඒ අනුව කස්ටමර්ස්ලා ඔහුගේය. ඔහුගේ මැටි ගිල්ලවීමේ සංකල්පය යොදා ගනිමින් කුසලධම්ම ස්වාමින් වහන්සේගේ පොලෙන් මුදල් උපයා ගැනීම නිසා දැන් පාරිභෝගිකයින් ශීග්‍ර ලෙස අඩු වී ඇත. එම ඇම්බැට්ටයා නමින් සුරංගය. එමෙන්ම අනෙක් වෙලෙන්දන්ද පිටකොටුවේ මිල ගණන් සන්සන්දනය කරමින් වැඩි මුදලට භාණ්ඩ අලෙවි කිරීම නිසා පාරිභෝගිකයින් මිල වැඩිකම පිළිබඳව අපට පවසා ඇත. මහින්ද මහතාගේ කාලයේ රුපියල් 180ට විකුණූ මීකිරි මුට්ටිය දැන් විකුණන්නේ 250ටය.
මීට මාසයකට පමණ පෙර එක් වෙලෙන්දියකට සම්බෝධි විහාරයේ කාර්යාලය මගින් සාමජිකත්වය අත්හිටුවා තිබුනි. ඇයට එරෙහිව පාරිභෝගිකයින්ගෙන් තිබූ චෝදනාව නම් හොරට, අඩු බරට බඩු කිරා දීමය. නමුත් ඇය කාර්යාලයට තර්ජනය කර ජනාධිපති තුමාටත් වාර්තා කරන බව කියමින් සති තුනකින් පමණ නැවතත් සාමාජිකත්වය ලබාගෙන ඇත. මේ අනුව කුසලධම්ම හිමියන් ජනතාවට වස විස නැති ආහාර සැපයීමට උත්සුක වී සිටින්නේ කුමන ආකාරයේ මිනිසුන් ජාතියක් සමගද යන්නත්, එය පාලනය වන්නේ කාගේ බලපෑමකින්ද යන වගත් සිතාගත හැක.
මුල් කාල වල පාරිභෝගිකයින් වෙත කැමරා යොමු කරමින් ඔවුන්ගේ අදහස් ප්‍රවෘත්ති විකාශයෙන් ඉදිරිපත් කල අතර දැන් එය සිදු කරන්නේ ඉතා කලාතුරකිනි. අද එතරම් ජනශුන්‍ය වී ඇත.
වරක් එම පොල පවත්වන පරිශ්‍රයට අලුතින් පුටු වර්ගයක් ගෙනැවිත් තිබුනි. පොලෙහි ඇතැම් වෙළෙන්දන් එම පුටු තම භාණ්ඩ තබා ගැනීමට භාවිතා කර ඇති ආකාරය දුටු එහි පරිපාලක පැවසුවේ එම පුටු නොගන්නා ලෙසත් කුසලධම්ම හිමියන් දුටුවහොත් බැණ වදින බවත්ය. කලින් දිනෙක එම පුටුවක කුඩා දරුවෙකු අතින් ගත් මවක් අසුන්ගෙන ඇති බව දුටු ස්වාමින් වහන්සේ එතැනට පැමිණ “නැගිටිනව ගෑනියෙ ඕව ඕස්ට්‍රේලියාවෙන් හම්බුන වටින පුටු” යනුවෙන් කෑ ගැසූ බව සඳහන් කලේය. එම කාන්තාව ලැජ්ජාවෙන් පිටවූ බවත් පැවසුවේය. එය සත්‍යයක්ද නැතිනම් කුසලධම්ම හිමියන්ට අපහාස කිරීමට යොදා ගත් උපක්‍රමයක් දැයි නොදනිමි. අදටද එම පුටු එම ස්ථානයේ තිබෙන අතර එම ස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු නිසා ඒවා මේ වන විට ඉතා ජරාජීර්ණ වී ඇත.
එම පාලකයා වෙලෙන්දන් සමග එක්ව මහින්ද මහතාට පක්ෂපාතී අයවලුන්ටද අපහාස කිරීමට ප්‍රිය කරයි. වරක් ඔහු වෙළෙන්දෙකු සමග කියා සිටියේ “දෙරණ ටී වී එක කඩේ යන්නෙ වැරදියටනෙ” යනුවෙනි.
කුසලධම්ම හිමියන් හොඳින් හඳුනන අයෙකු විසින් ස්වාමීන් වහන්සේට මෙම තත්වය පැහැදිලි කර නැවත් එම පොල යථා තත්වයට ගත හැක. නැතිනම් මෙම ලිපිය හෝ ස්වාමින් වහන්සේගේ අවධානයට ලක් කරන්නේ නම් එහි පැවැත්මට ඉමහත් රුකුලක් වනු ඇත. එමෙන්ම සම්බෝධි විහාරයේ සාර්ථක පැවැත්මටත් කුසලධම්ම හිමියන්ගේ කටයුතු සඵල වීමටත් ඉවහල් වනු ඇත. නැතිනම් සෝම හිමියන්ට වූ ආකාරයෙන් තමන් වහන්සේගේ වටා සිටින ජාතිද්‍රෝහී කුම්භාණ්ඩයින්ගේ රැවටීමට ලක්ව සියලු කටයුතු අසාර්ථක මාර්ගයකට ඇද වැටෙමින් පවතී. කුසලධම්ම ස්වාමින් වහන්සේ වටා සිටින්නවුන්ගෙන් විශ්වාස කටයුතු පුද්ගලයින් සිටින්නේ ඉතා ස්වල්පයකි. එය ස්වාමින් වහන්සේටනම් කිසි සේත් අවබෝධ වීමට හෙංචයියන් ඉඩ නොතබනු ඇත.
ප්‍රබල එජාප හෙංචයියකු වූ ස්ටැන්ලි ලියනගේ හා ඔහුගේ බිරිඳ වන කාංචනමාලා මහවිතානගේ පුතෙකුද එහි නිවේදකයකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි. කාංචනමාලාද රුක්මනී දේවි සංගමය නම් සංවිධානයේ සභාපතිකම තම සැමියාගේ වියෝවෙන් උරුම වී මාසයකට වරක් සාමාජික මුදල් එකතු කිරීම සඳහා පමණක් සාමාජිකයන් රැස් කරමින් මහින්ද මහත්මාට අපහාස ප්‍රචාරය කරන හෙරකි.