Featured

සිරිසේනට මැතිවරණ භීතිකාවක්-විනය ක්‍රියාමාර්ග නතර වේ

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තහනම් කිරිමට කටයුතු කලහොත් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑමට හැකි නොවනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රීයේ ශ්‍රීලනිප බත් බැලයන් සමග පැවැති සාකච්ඡාවේදි අවධාරණය කර තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රීය දක්වා මෛත්‍රීපාල සිරිසේනගේ නිළ නිවසේ පැවැති මෛත්‍රී පිළේ සාකච්ඡාවට සහභාගි වු කරන්න දෙයක් නොමැති නිසාම මෛත්‍රීගේ පිළිකන්නේ ලගින රාජ්‍ය අමාත්‍යධුරය දරණ ඇම්බැට්ටෙයකු අප වාර්තාකරු සමග පවසා ඇත්තේ බුද්ධි අංශ වාර්තා රැසක්ම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය කණ්ඩායමේ අවධානයට යොමුකල බවයි.

ඒ අනුව පාද යාත්‍රාවට පෙර එම යාත්‍රාවේ ගමන් කරන මෙන්ම සංවිධානය කරන කණ්ඩායම් ඉලක්ක කර ශ්‍රිලනිපය හරහා විනය ක්‍රියාමාර්ග නොගැනිමට ජනාධිපතිවරයා තින්දු කළ බව එම සාකච්ඡාවට එක්වු මෛත්‍රී පිළේ බත් බැලයෙකු අප විශේෂ වාර්තාකරු සමග සදහන් කර තිබේ.

මෙම සාකච්ඡාවේදි නාමල් රාජපක්ෂගේ කැපි පෙනෙන කාර්යභාරය පිළිබදව දිර්ඝ වශයෙන් සාකච්ඡා වි ඇති අතර පාද යාත්‍රාව පුරාම ජනතාව සමග පයින් ඇවිදිමින් විනාධියෙන් විනාඩියට සමාජ ජාලා හරහා ඒ සදහා පුලුල් ප්‍රචාරයන් ලබාදිම පිළිබඳව ජනාධිපතිවරයා සිය කණ්ඩායමේ අවධානය යොමුකර ඇති අතර එය අනාගත ශ්‍රිලනිප නායකත්වයට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දි තිබේ.

මැතිවරණ….

කෙසේවෙතත් අනාගතයේ මැතිවරණ පැවැත්විම මෙම බෙදිම දැඩි ලෙස වැඩි කිරිමට හේතුවෙන බවත් ඒ හේතුවෙන් මැතිවරණ හෝ ජනතා කැමැත්ත විමසිමේ කිසිදු ක්‍රියාවලියක් නොපැවැත්විමට කටයුතු කලයුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇති අතර ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහා ලේකම් දුමින්ද දිසානායකගේ වැඩ පිළිවෙළ මෙහිදි ජනාධිපතිවරයාගේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.

Top