Featured

විද්‍යාපීඨය දැරියන් 06 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනය කලේ පුජිතගේ සගයෙක්

නුවර මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ නේවාසිකව සිටි දැරියන් 06 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම හා තවත් 02 දූෂණය කිරීමේ සිද්ධිය පිටුපස සිටිනා ප්‍රධාන සැකකරුවෙක් ලෙස සැලකෙන මාධ්‍ය ආයතන හිමිකරුවෙක් වූ නිමල් පීරිස් නැමැත්තා පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සමීපතමයෙක් බව හෙළි වී තිබේ.

මාධ්‍ය ප්‍රචාරණයට බෙහෙවින්ම රුචි වූ පොලිස්පතිවරයාගේ සියලුම මාධ්‍ය මෙහෙයුම් මේ තැනැත්තා විසින් මෙහෙයවා ඇති බවත් පොලිස්පති ධූරය රැගෙන නුවරට එන පොලිස්පතිවරයාගේ සියලුම බැනර් පෝස්ටර් හා කටවුට් නිර්මාණය කර ඇත්තේ මේ පුද්ගලයා විසින් බවත් වාර්තා වේ.

දැනට මේ තැනැත්තා නඩු දෙකක් සදහා වරෙන්තු පිට සිටින අයෙකි. තවත් නඩු දෙකක් උසාවියේ ඇසෙමින් පවතින බව පොලිස් ආරංචිමාර්ග කියයි. මේ පරිසරයේදීත් දැරියන් 8 දෙනා ලිංගික අපරාධයකට යොමුකළ බවට චෝදනා ලබනා නිමල් පීරිස් නැමැත්තාට අපේක්ෂිත ඇප ලැබී ඇත. වාර්තාවන ආකාරයට ඔහු මේ වනවිට සිටින්නේ අපේක්ෂිත ඇප මත මතය. මේ අපචාරය සිදුවූ මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨයේ භාරකරු ලෙස සැලකෙන චන්දිමාල් ගමගේ නැමැත්තා දැන් පොලිස් භාරයේ පසුවන බව පොලිසිය කියයි.

චන්දිමාල් ගමගේ නැමති මේ පුද්ගලයා මීට දෙසතියකට පෙර නායකත්ව පහුණුව පිළිබද වැඩමුලුවක් නුවර ආණ්ඩුකාර කාර්යාලයේ පවත්වා තිබේ. ඒ වැඩමුලුව පවත්වන මොහොත වනවිට මේ තැනැත්තාගේ ආයතනයේ නේවාසික දැරියන් දෙදෙනෙක් රාත්‍රියක ආයතනයෙන් පිටතට ගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බව හෙළි වී තිබේ. ආණ්ඩුකාර නිවසේ පැවති එම වැඩමුලුවට සම්පූර්ණ වියදම් දරා ඇත්තේත් නිමල් පීරිස් බව කියැවේ.

මේ අතරම නුවර සිටින ඉහළම පොලිස් නිලයන් හා ආණ්ඩුකාර නිවසේ බලවතුන් කෝටිපති ව්‍යාපාරිකයෙක් සමග මේ සිද්ධියට සම්බන්ධ වීමත්, නුවර සිටින පක්ෂ විපක්ෂ සෑම දේශපාලකයෙක්ම පාහේ මෙම මාධ්‍ය ආයතනකරුවාට මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල බිල් ගෙවන්නට ඇති ණය කාරයින් වීමත් නිසා මේ දූෂණය වූ දැරියන්ට දුෂ්කර තත්වයකට මුහුණ දෙන්නට වනු ඇතැයි තතු දත් ආරංචිමාර්ග පවසයි.

ලංකා නිවුස් ලයින්…

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති පුද්ගලික ආයතනයේ නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් 12 ක් එහි පාලකයා ලෙස සැලකෙන චන්දිමාල් ගමගේ නැමැත්තෙක් හා මහනුවර මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන නිමල් පීරිස් නැමැත්තෙක් විසින් මහනුවර ඉහළම ප්‍රභූවන් වෙත අලෙවි කිරීමේ නින්දිත සිදුවීමක් වාර්තා වුනා.

එම ලිංගික ගැනුම්කරුවන් අතර මහනුවර ප්‍රදේශයේ ඉහළම පොලිස් නිලධාරීන්, දේශපාලන බලවතුන් හා සුප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් වෙතැයි පැවසේ.

මේ අපරාධය හෙළි වී ඇත්තේ තමන්ට සිදුවන ලිංගික වද හිංසා දරාගැනීමට නොහැකිවූ සිසුවියන් සිව්දෙනකු ඊයේ (01) අලුයම එම මධ්‍යස්ථානයෙන් පැන හන්තාන ප්‍රදේශයේ කැලෑවක සැගවී සිට අනතුරුව අසල්වැසියන් මාර්ගයෙන් පැමිණ පොලීසියට පැමිණ සිද්ධිය සම්බන්ධව පැමිණිලි කිරීමෙනි. ඔවුන් මෙසේ පැන එන්නට ප්‍රථම ආයතනයේ මත්පැන් සාදයක් සංවිධානය කර තිබේ. එම සාදයෙන් අනතුරුව සිදුවන සුපුරුදු ව්‍යසනයට බිය වූ මේ දැරියෝ එතැනනින් පැන ගොස් සැගවී සිට පොලිසියට පැමිණ ඇත.

ආයනයෙන් පැනවිත කැලයේ සැගව සිටියදී දැරියන් 119 අමතා තමන්ට වූ හානිය පොලිසිය වෙත දන්වා තිබේ. එහෙත් එම ස්ථානයට පොලිසිය පැමිණ ඇත්තේ පැය ගණනාවක් ප්‍රමාද වීමෙනි.

පසුගියවර අපොස සාමාන්‍යය පෙළ විභාගයට පෙනීසිට අසමත්වූ සිසුසිසුවියන්ගේ මානසික තත්ත්වය වර්ධනයකර ඔවුන් විභායකට සූදානම්කරදීමේ හය මාසයක නේවාසික පාඨමාලාවක් සම්බන්ධව පුවත්පත්වල පලවූ දැන්වීමක් ඔස්සේ මෙම ළමුන් ඔවුන්ගේ දෙමව්පියන් විසින් මෙම ආයතනනයට භාර දී ඇත. ඒ රුපියල් 140000.00 ක පාඨමාලා ගාස්තුවක් ගෙවීමෙනි.

Top