Breaking
20 Apr 2025, Sun

බේරේ ගෙදර පාලකයන්ගේ මාධ්‍ය නිදහස රෙද්ද පල්ලෙන් බේරේ

මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බලයට පත් වීමට පෙර වැදි බණ දෙසූ යහපාලකයන්ගේ සැබෑ නිරුවත හෙළිදරව් කරමින් දිනමිණ පුවත්පතේ සේවය කරන මාධ්‍යවේදීන් සිවුදෙනකුගේ ප්‍රසාද දීමනා කපා හැරීමට ලේක්හවුස් පාලකයන් තීන්දු කර තිබේ.

මීට මාස කිහිපයක පෙරාතුරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීමට රජය ගත් තීන්දුව පුවත්පතෙහි පළ කිරීම මෙම මාධ්‍යවේදීන් සිවුදෙනාගේ ප්‍රසාද දීමනා කපා හැරීමට හේතු වී තිබේ.  එහෙත් දිනමිණෙහි පළ වීමට පෙර දිනයෙහි එම පුවත සෑම ජාතික පුවත්පතකම ප්‍රධාන පුවත ලෙස පළ විය.

රජයට අවාසිදායක ප්‍රවෘත්තියක් යැයි ලේක්හවුස් පාලනාධිකාරිය තීන්දු කර ඇති එම පුවත දිනමිණෙහි පළ වීම හේතුවෙන් ප්‍රසාද දීමනා අහිමී වී ඇත්තේ දිනමිණෙහි පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් වන ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය, දිනමිණ රාත්‍රී ප්‍රවෘත්ති කර්තෘ මහින්ද කුලතුංග සහ රාත්‍රී කර්තෘ ඉන්දික බණ්ඩාර යන සිවුදෙනාය.

එම ප්‍රවෘත්තිය පළ කිරීම සඳහා උපදෙස් දී ඇත්තේ දිනමිණ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘවරයා වන ටී. චන්ද්‍රසේකර නමැත්තා වන අතර එහෙත් ඔහුට හෝ ප්‍රධාන කර්තෘවරියට මේ සම්බන්ධයෙන් කිසිදු දඬුවමක් පනවා නැත.

පුවත්පතක පිළිගත් ආචාර ධර්මවලට අනුව පුවත්පතෙහි අවසන් වගකීම ප්‍රධාන කර්තෘ හෝ කර්තෘවරිය දැරිය යුතු නමුත් යහපාලන රජයෙන් උසස්වීමක් ලද මෙම කර්තෘවරිය අනේ මම දන්නේ නැහැ යනුවෙන් ඕනෑම සිදුවීමක දී ඇඟ බේරා ගැනීමට උපන් හපන්කම් දක්වන්නියකි.

මෙහි ප්‍රවෘත්ති කර්තෘ වන චන්ද්‍රසේකර නමැත්තාද ජනාධිපතිවරණයට පෙර වත්මන් ජනාධිපතිවරයා තරයේ විවේචනය කරමින් ලිපි ලියූ අයකු වන අතර ජනවාරි මස 08 වැනි දා හදිසි කරණමක් ගසා යහපාලනයට සෙට් වී මාධ්‍යවේදීන්ට විවිධ අඩන්තේට්ටම් කරමින් සිටියි.

මෙම පුවත පළ වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද පවත්වා ඇති නමුත් එය හොරාගේ අම්මාගෙන් පේන අහන ජාතියේ පරීක්ෂණයක් බවත් දැනගන්නට තිබේ. පරීක්ෂණය පවත්වා ඇත්තේ චන්ද්‍රසේකර නමැත්තා නිදහස් කර අනෙකුත් මාධ්‍යවේදීන් දඬුවමට ලක් කිරීමේ ඒකායන පරමාර්ථයෙන් බව පරීක්ෂණ වාර්තාවට අනුව පැහැදිලිය.

මාධ්‍ය‍ නිදහස ගැන පාරම් බෑ යහපාලන රජයක් යටතේ මෙවැනි ‍අසාධාරණකම් සිදුවීම බරපතළ ගැටලුවක් වී ඇති අතර එදා මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි කිසිදු මාධ්‍ය සංවිධානයක් මෙවැනි සිදුවීම් පිළිබඳ අවධානය යොමු නොකිරීමට ද මවිතයට කරුණකි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.