Featured

පුජිත පොලිස් මැරයා මාධ්‍ය මර්දණ මෙහෙයුමක

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ නේවාසික පාඨමාලාවකට  සම්බනධ වී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් 8 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම හා ඉන් දැරියන් දෙදෙනෙක් දූෂණය කිරීම සම්බන්ධව චෝදනා ලැබ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වි සිටින අංක එකේ බඩුකාරයෙකු මෙන්ම පොලු කාරයෙකු ලෙස ප්‍රසිද්ධ ටෙලි ෆික්ස් (TELE-PIX Group)සමූහ ව්‍යාපාරයේ සභාපති දේශ කීර්ති නිමල් එන් පීරීස් සහ පාදධ අනාචාරී චන්දිමාල් ගමගේ බේරා ගැනිම වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන ගජයා වන වත්මන් පොලිස්පති පුජිත් ජයසුන්දරගේ කැරැට්ටුව වෙබ් හරහා අනාවරණය විමෙන් පසුව කූජිතව සිටි පුජිතගේ නිරුවත මුද්‍රිත මාධ්‍ය ඔස්සේද පලවිමත් සමග භූනිතෙල් ගැවුනු ගැරඩියෙකු මෙන් කලබලයට පත්ව ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

පොලිස්පතිවරයා සහ නිමල් පිරීස් පාදධයා සමග ඇති සබඳතාවය අනාවරණ කල වෙබ් අඩවි සදහා ලගදිම ගේමක් දෙන බවට තැන තැන පඩ ටොක් දෙමින් සිටි පුජිත හදිසියේම හන්තාන දැරියන් අපයෝජනය කිරිම පසුපස කුජිතගේ සම්බන්ධය පිළිබඳව පුවත් පත් වාර්තා  කිරිමත් සමග සුදු පිරුවටයට ඇන්ද තක්කඩි පුජිතගේ සෑබෑ ස්වරූපය එලියට එමින් තිබේ.

“එක එක පොලිස් කාරයෝ එක්ක දාපු සෙල්ලන් මා එක්ක දැම්මොත් මම කරන දේ උන්ට හිතා ගන්නත් .බෑ..” යනුවෙන් පම්පොරි ද ගසා තිබේ.

පසුගිය ඉරිදා සත්හඩ පුවත්පතේ මාධ්‍යවේදි දයා නෙත්තසිංහ විසින් “හන්තාන් අපයෝජකයන් බේරන්න පුජිත් මෙහෙයුමක් ” ලෙස  පලකල පුවත් පිළිබඳව කුපිත වි ඇති පොලිස්පතිවරයා සත්හඩ පුවත්පතේ ප්‍රධාන කතෘ වන් රුවන් ප්‍රදිනැන්දිස් සම්බන්ධයෙන් වු පොලිස්  පැමිණි සහ පසුගිය රජය සමයේ වෙබ් මාෆියාවට සම්බන්ධ කල ඇතැම් සිද්ධින් සම්බන්ධයෙන් වු රහස් පොලිස් වාර්තා සියල්ලම ගෙන්වා ගෙන ඇති අතර මිට අමතරව අදාළ වාර්තාව පුවත් පතට ලියු දයා සම්බන්ධයෙන්ද තොරතුරු එකතුකර තිබේන බව වාර්තා වේ. මිට අමතරව පුවත්පතේ අයිතිකරු ලෙස නිළ නොවන මට්ටමින් පෙනි සිටින මෛත්‍රීපාල සිරිසේනගේ පැරෂුට් බත් බැලයා වන දුමින්ද දිසානායක හමුවිමටද පුජිත කටයුතු කර තිබේ.

කුජිත දුමින්ද හමුවි කල සාකච්ඡා මේ වනතෙක් අනාවරණය වි නොමැති අතර පොලිස්පතිවරයාගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලකිරිමට ලක්ව සිටින ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඒ පිළිබඳව සාකච්ඡාවක නිරත වි ඇති බවට තොරතුරුද වාර්තා වෙනවා.

මේ අතර මහනුවර හන්තාන ප්‍රදේශයේ පෞද්ගලික මානව හා නායකත්ව විද්‍යාපීඨය නමින් පවත්වාගෙන ගිය නේවාසික පාඨමාලාවකට සහභාගි වි සිටි දැරියන් පිරිසක් අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තවත් සැකකරුවකු වන ව්‍යාපාරික නිමල් පීරිස්ගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (9) ප්‍රතික්ෂේප කළේය.
අදාල ආයතනයේ භාරකරු වූ චන්දිමාල් ගමගේ පසුගියදා නීතිඥයකු මාර්ගයෙන් මහනුවර පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට බාරවු බව පොලිසිය පවසයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වු සිසු සිසුවියන්ගේ මානසික තත්වය වර්ධනය කර නැවත විභාගය සඳහා සහභාගි කරවීමට මාස 6 ක නේවාසික පාඨමාලවක් පවත්වන බව කියමින් පුවත්පත්වල පළ කළ දැන්විමකට අනුව මෙම සිසුන් අදාළ ආයතනයට බඳවාගෙන ඇති බවද එහි සිදුවන බව කියන අකටයුතුකම් ඉවසා ගැනිමට නොහැකි වු සිසුවියන් සිවු දෙනකු පසුගිය පළමුවැනිදා අලුයම එම ආයතනයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියකුගේ මාර්ගයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති.

මෙහි භාරකරු ලෙස පෙනි සිටි පුද්ගලයා සිසුන්ට දේශන පවත්වා ඇති බවත් වයස 15,16, 17 වන සිසුවියන් 9 දෙනකු ආයතනයේදි හා පිටතදි තමන් ලිංගික හිසාවට ලක්වු බව කියමින් පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ආදාළ ආයතනයේ පාලිකාව හා අයකැමිවරිය ද සඳුදා (8) අත්අඩංගුවට ගනු ලැබූහ.

දයා නෙත්තසිංහ ( සත්හඬ ) පුවත් පතට ලියු සටහන …...

“සර්… අනේ බුදු සර් අපි බේර ගන්න. අපි ඇකඩමි එකෙන් පැනල ඇවිල්ලා පාර අයිනේ කැලේ හැංගිලා ඉන්නේ… ඇකඩමි එකේ අපිට ඉන්න බෑ. ඉන්න දෙන්නේ නෑ. ඊයේ ? එතන පාටියක් තිබුණා. අපේ කාමරවලට චන්දිමාල් සර්ගේ යාළුවෝ එන්න කලින් අපි ඊයේ ? එතැනින් පැනගත්තා. බුදු සර් අපි බේර ගන්න…!”

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) මේ දුරකථන ඇමතුම ලැබුණේ අගෝස්තු මස පළමු දින අලූයම් කාලයේ ය. මහනුවර හන්තාන ප‍්‍රදේශයේ ලඳු කැලෑවක සැඟව සිට මෙලෙස පොලීසියේ පිහිට අයැද සිටියේ ජීවිතයේ හිරිමල් වයසට පා තබමින් සිටි බාලවයස්කාර දැරියන් සිව් දෙනෙකි. දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන ගණනාවකි. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල ඒ වෙනුවෙන්ම පත් කළ නිලධාරීහු සිටිති. මුල් ළමා විය සංවර්ධන නිලධාරී, ළමා හිමිකම් ප‍්‍රවර්ධන සහකාර, උපදේශන නිලධාරී සහ උපදේශන සහකාර යන තනතුරුය. ඊට අමතරව පරිවාස හා ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් ද සිටිති. පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කාර්යාංශය නමින් වෙනම ඒකකයකි. මේ සියලූ ආයතන වෙනුවෙන් අණපනත්, නීතිකෙටුම්පත් අඩු නැතිව තිබේ. දරුවන්ට සිදුවන අපරාධ වළක්වා ගැනීම සඳහා සාධාරණ වූ නියාමනයක් කි‍්‍රයාත්මක වී නැති බව හන්තාන බාලවයස්කාර දැරියන් මුහුණදුන් ඛේදවාචකය විසින් අපට පෙන්වා දෙයි.

මානව නායකත්ව ඇකඩමිය

1982 අංක 17 දරන සමාගම් පනත යටතේ Human LeaderShip Academyනම් වූ ආයතනය ලියාපදිංචි කර ඇත්තේ 2006 වසරේය. එහි පළමු සිසු කණ්ඩායම බඳවාගෙන ඇත්තේ 2006 ජූලි මස 27 වන දිනය.

 

”වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව ජාතික අවශ්‍යතාවය සඳහා පිහිටුවා ගන්නා ලද විශේෂ අධ්‍යාපන ආයතනයක් ලෙස පෙන්වා දුන් මෙම ආයතනයේ මූලික අරමුණ ‘ඉහළ නිපුණතාවක් සහිත සාර්ථක වෘත්තිකයන් බිහි කිරීම’බව ආයතනයේ ලිපි ලේඛනවලින් වැඩිදුරටත් පෙන්වා දී ඇත. පාඨමාලා විෂයන් ලෙස ඉංග‍්‍රීසි භාෂාව, ජනමාධ්‍ය තොරතුරු තාක්ෂණය, කළමනාකරණය, පෞරුෂ වර්ධනය යන ඒවා ඇතුළත් කර තිබිණි. එහෙත් උගන්වා ඇත්තේ වෙනත් විෂයකි.

ඉලක්ක කළේ කවුරුන්ද?

සාමාන්‍යයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් වසරකට අසමත් වන සිසුන් සංඛ්‍යාව දස දහසත් දොළොස් දහසත් අතර ප‍්‍රමාණයකි. මානව නායකත්ව ඇකඩමිය ඔවුන් ඉලක්ක කර පිහිටවූ ආයතනයකි. බලාපොරොත්තු බිඳවැටුණු දරුවන් තමන්ගේ යටි අරමුණ සඳහා මෙහෙයවීමට පහසු බව බැටළු හම පොරොවා ගත් වෘකයන්ගේ කල්පනාව වන්නට ඇත. ”සාමාන්‍ය පෙළ පුනරීක්ෂණ නේවාසික කඳවුර” හන්තානේ අටවන්නේ ඒ අනුවය. ආයතනයේ භාරකරුවා ජාතික අභ්‍යාස ගුරු ආචාර්ය චන්දිමාල් ගමගේය.

පාඨමාලා ගාස්තුව එක්ලක්ෂ හතළිස් දහසකි. දරුවන්ගේ මානසිකත්ව වර්ධනය, පෞරුෂ වර්ධනය කරන බව පෙන්වා දෙමින් මේ ආයතනය පුවත්පත් දැන්වීම් පළ කර සිසුන් බඳවාගෙන තිබිණි. දුගී දුප්පත් මවුපියන්ට පාඨමාලා ගාස්තු ගෙවන්නට තරම් මුදල් නැතත් වතුපිටි උකසට තබා හෝ දරුවන්ට ඉගැන්වීමට ඔවුහු පසුබට නොවෙති. නේවාසික කඳවුරේ පාගා දැමුවේ ඒ අහිංසකයන්ගේ ප‍්‍රාර්ථනාවන්ය.

අපරාධ වැලක සුලමුල

අගෝස්තු මස පළමු වන දින සිසුවියන් සිව් දෙනකු විසින් මහනුවර පොලීසිය හමුවේ කරන ලද ප‍්‍රකාශවලට අනුව පොලීසිය සිය විමර්ශන ආරම්භ කළේය. හන්තාන ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය නේවාසික අධ්‍යාපන කඳවුරේ සැබෑ මුහුණුවර එළියට ආවේ එතැන් සිටය. මෙහි නේවාසිකව සිටි සිසු දරුවන්ට ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබිණි. ඔවුන්ට ඔවුන්ගේ මවුපියන් හමුවීමට තිබෙන අවස්ථාවන් ද සීමා කර තිබිණි. මවුපියන් හමුවන අවස්ථාවල දී පවා පාලිකාවන් ඔවුන් ළඟ සිටියේ රහස් එළියට යාම වළක්වනු පිණිසය. ශිෂ්‍ය කණ්ඩායම් ගණනාවක් මේ වන විට මේ ආයතනයේ පුහුණුවීම්වලින් අනතුරුව විසිර ගොස් ඇත. ඔවුන්ගේ ඉරණම කෙසේ විසඳුණාදැයි සමීප රූපයක් 2016 අගෝස්තු පළමු වන දින මහනුවර පොලීසියට මේ ඇකඩමියේ වත්මන් සිසුවියන් විසින් කරන ලද පැමිණිල්ලෙන් ලබාගත හැකිය.

මෙහි භාරකරුවා ලෙස කි‍්‍රයා කළ චන්දිමාල් ගමගේ ඔහු හඳුන්වා දී තිබුණේ The Nation’sTraining Guru, Dr. Chandimal Gamageයනුවෙනි. ආචාර්ය චන්දිමාල් ගමගේ මේ ඇකඩමියේ වෘත්තීය නිපුණතාවය පෞරුෂ වර්ධනය ඇති කර ගැනීමට පැමිණි සිසුවියන්ට ප‍්‍රසිද්ධ නොකළ පාඨමාලාවන් උගන්වන්නට කටයුතු කර තිබිණි. දැන් සිසුවියන් නවදෙනකු මහනුවර පොලීසියට ඒ පාඨමාලාවන් පිළිබඳ පැමිණිලි කර ඇත. ”ප‍්‍රචණ්ඩත්වය,අමානුෂික වධහිංසා පැමිණවීම, මිනීමැරුම්, ලිංගික අපයෝජන, පරපීඩක කාමය උද්දීපනය කිරීම සහ වෙනත් කෲරත්වයන් විදහා පෑම මෙන්ම බිය උපදවනසුලූ ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී සංවේදීභාවය, සංයමය විචාරශීලී බුද්ධියෙන් වාර්තා කළයුතු යැයි ජනමාධ්‍යයට ඇති ආචාරධර්මය උල්ලංඝනය විය හැකි නිසාම ජුගුප්සාජනක සිදුවීම් සියල්ලම ඔබ හමුවේ තැබීමට අපට සදාචාරමය අයිතියක් නැත. එහෙත් අනාගත දරුවන්ගේත් මවුපියන්ගේත් දැනගැනීම ආරක්ෂාව වෙනුවෙන් අපි සොයාගත් කරුණු දැන් ඔබ හමුවේ තබමු. හන්තාන පුනරීක්ෂණ කඳවුරේ සිසුවියන් නවදෙනකු මහනුවර පොලීසියට කරන ලද පැමිණිලිවලට අනුව ඔවුන් නවදෙනකු සාපරාධී ලෙස අපයෝජනයට ලක් වී තිබේ. මානව නායකත්ව ඇකඩමියේ භාරකරු වන චන්දිමාල් ගමගේත් එහි හිමිකරුවා වන සාමදාන විනිශ්චයකාර, දේශශක්ති සිංහ, ජාතික රූපවාහිනී මාධ්‍යවේදී නිමල් එන්. පීරිස් ද ඊට හවුල්ය. මේ සිසුවියන් ඔවුන් විසින් අපයෝජනය කළා මදිවාට ඒ සිසුවියන් මහනුවර හා තදාසන්න ප‍්‍රදේශවල ප‍්‍රභූන්ට සහ කෝටිපති ව්‍යාපාරිකයන්ට ලිංගික වහලූන් ලෙස විකුණා ඇත. වෘත්තීයමය නිපුණතාවය දීමට කටයුතු කර ඇත්තේ මේ හිරිමල් වියේ දැරියන්ට ලොව පැරණිම රැකියාවෙහි නිරත වීමටද?

මුව දඩයම

මහනුවර පොලීසියට සිසුවියන් නවදෙනා විසින් කරන ලද පැමිණිලිවලට අනුව පසුගිය පොසොන් පොහොය දිනයේත් ඊට පසු දිනයකත් විනෝද චාරිකාවක් මුවාවෙන් සිසුවියන් වෙනත් ප‍්‍රදේශයකට කැඳවාගෙන ගොස් අලෙවි කිරීම සිදු කර ඇත. අක්ෂි රෝග තත්ත්වයක් හේතුවෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට මහනුවර රෝහලට කැඳවාගෙන පැමිණි සිසුවියක් චන්දිමාල් ගුරුවරයා විසින් සිය මෝටර් රථය තුළදීම අපයෝජනයට ලක් කළ බව ඇය පොලීසියට කියා ඇත. ආයතනයේ හිමිකරුවා වන දේශශක්ති නිමල් පීරිස් ඔහුට අයත් මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි TELE PIX Technologies (Pvt)Ltdහි දී සිසුවියන් අපයෝජනය කළ බවට පැමිණිලි දෙකකි. ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන නිමල් පීරිස්ට නම්බුනාම, තනතුරු සහ ආයතන රාශියක් ද ඇත්තේය. ඔහු දුම්බර සිංහ සමාජයේ සභාපතිවරයා ය. මහ පොළොව නුහූලන මේ මුව දඩයම කෙරුණේ දළදා හාමුදුරුවෝ වැඩසිටින කන්ද උඩරට රාජ්‍යයේ ය.

භාරකාරයා සහ අයිතිකාරයා

Human Leadership Academyආයතනයේ හිමිකරුවා වන්නේ මහනුවර පේරාදෙණිය පාර අංක 185, දරන ස්ථානයේ TELE PIX Technologies (Pvt) Ltdසමාගමේ ආයතන සමූහය හිමි නිමල් එන්. පීරිස් නමැත්තාමය. නමුදු ඇකඩමිය ලියාපදිංචි කර ඇත්තේ වෙනම ආයතනයක් ලෙස හැඟී යන ලෙසිනි. පොලිස් පරීක්ෂණවලින් සනාථ කර ගත් තොරතුරු අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසිය සූදානම් වුවත් ඊට පෙර අපේක්ෂිත ඇප අයදුම්පත‍්‍රයක් අධිකරණයට ඉදිරිපත් කර ඉන් ගැලවුණේ ය. භාරකරුවා වූ ආචාර්ය චන්දිමාල් ගමගේ අගෝස්තු තුන් වන දින මහනුවර පොලීසියට භාර වූයේ ය. චන්දිමාල් ගමගේ අගෝස්තු 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. නිමල්ගේ ආරක්ෂිත ඇප අයදුම්පත‍්‍රය සලකා බැලෙන්නේ අගෝස්්තු මස නව වන දිනය. නිමල් එන්. පීරිස් දුම්බර සිංහ සමාජයේ සභාපතිවරයා ය. ඔහුට අයත් සමාගම මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇති බලවත්ම ව්‍යාපාරික ආයතනයකි.

දැන්වීම් සේවා, කොන්ත‍්‍රාත්, ඩිජිටල් කලර්ලැබ්, විදේශ රැකියා නියෝජිත ආයතනය, ග‍්‍රැෆික් ඩිසයින්, ඛෑෘ පැනල්,පි‍්‍රන්ටින් ඇතුළු සමාගම්වලට අමතරව ප‍්‍රධාන පෙළේ දුරකථන සමාගමක කොටස්කාරයකු ලෙස ද ඔහු කටයුතු කරයි. මේ බලවන්ත භාවය නිසාම මහනුවර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රභූන්, දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් සමඟ ඇත්තේ සමීප ඇසුරකි. ඒ කිසිවකු නිමල්ගේ අකටයුතුකම්වලට කටක් හොල්ලන්නේ නැත. වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර ඔහුගේ හොඳම මිත‍්‍රයා ය. ඔහුගෙන් උපදෙස් ලබන මහනුවර පොලීසිය අසාධාරණයට අපයෝජනයට ලක් වූ දරුවන්ට සාධාරණය ඉටු කරන්නට කෙසේ කි‍්‍රයා කරනු ඇත්ද? ”අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව” අපයෝජනයට ලක් වූ දරුවන්ගේ මවුපියන් ඊඊක්‍ සංදේශයට ප‍්‍රකාශ කර තිබුණේ ද මේ නිසාම විය හැකිය. ඇකඩමියේ නාමයෙන් පවත්වාගෙන ගිය ලැගුම්හලේ කිසිදු පාලිකාවක් මේ වන තුරුත් අත්අඩංගුවට ගෙන නැත. අපයෝජනයට ලක් වූ සිසුවියන් පෙන්වා දී ඇත්තේ ඇකඩමියේ පැවති මත්පැන් සාදවල දී බයිට් හැදූමේ පාලිකාවන් තමන්ට සිදු වූ අපරාධ පිළිබඳව හොඳින්ම දන්නා බවයි. ලැජ්ජාවට පත් වීම අපකීර්තියට ලක් වීම හෝ රහස එළිදරව් වීමෙන් තමන්ට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා බොහෝ සිසුවියන් තමන්ට සිදු වූ අකරතැබ්බය තවත් කෙනෙකුට නොකියා සිටීම සාමාන්‍ය තත්ත්වයකි. මේ නරුමයන් ප‍්‍රයෝජන ගන්නේ ඒ අවස්ථාවෙන්ය.

ප‍්‍රභූන්ගේ සහභාගිත්වය

ශිෂ්‍ය කණ්ඩායම් බඳවා ගැනීමේදිත් විසිර යාමේදිත් ආණ්ඩුවේ බලවත් ප‍්‍රභූන් සිය උත්සවයට කැඳවා ගැනීමට භාරකාරයොත් අයිතිකාරයොත් ක‍්‍රියා කළේය. මේ තත්ත්වය මත අපි කාගෙන් සාධාරණයක් ඉල්ලා සිටින්නද යන ප‍්‍රශ්නය මත බොහෝ සිසුවියන් තමන්ට සිදු වූ අවනඩුව විවෘතව ප‍්‍රකාශ කරන්නට මැළි වන්නේය. ජනමාධ්‍ය විසින් ඔවුන්ගේ නම් ගම් හෙළිදරව් කළහොත් ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන ගැටලූව ද ඔවුන්ට වද නොදී සිටීද? මවුපියන්ට ද මෙවැනි අවස්ථාවල ඇති වන උභතෝකෝටිකය රහසේම වැළලී යනු ඇත. ඛේදවාචකයේ බිහිසුණුම ස්වභාවය එයයි.

මෙන්න ප‍්‍රභූන්

ඇකඩමියේ නාමයෙන් ක‍්‍රියාත්මක වූ අශිෂ්ට සම්පන්න නේවාසික පුහුණු කඳවුරේ උත්සවවලට සහභාගි වූ ප‍්‍රභූන් සහ ඔවුන්ගේ ඡායාරූප අන්තර්ජාලය පරීක්ෂා කිරීමෙන් අපි සොයා ගත්තෙමු. මේ ඉන් ටික දෙනෙකි.

x පොලිස්පති පූජිත ජයසුන්දර
x විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ලලිත් දිසානායක
x අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික සවිය වැඩසටහනේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්.එම්.ඩී.වී. සේනානායක
x ඉස්ලාම් ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මොහොමඩ් නියාස් මව්ලවි
x ප‍්‍රවීණ රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදක චන්දන බණ්ඩාර
x කථිකාචාර්ය සුමිත් කාරියවසම්
x City FM ගුවන් විදුලියේ අධ්‍යක්ෂ අරුණ ප‍්‍රියංකර එදිරිසිංහ
x මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක
x පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එච්.එම්. අස්වර්
x මර්වින් සිල්වා
x හඩ්සන් සමරසිංහ
x ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව
x කෙහෙලිය රඹුක්වැල්ල
x ඩිලන්ත විතානගේ

ලැයිස්තුවේ සිටින බොහෝ දෙනකු ඉකුත් ආණ්ඩුවේ ප‍්‍රබලයන්ය. ආණ්ඩු මාරුව නිමල් එන්. පීරිස් වැනි ව්‍යාපාරිකයන්ට එතරම් අදාළ නැත. ඔහු දැන් මේ ආණ්ඩුවේ ද ප‍්‍රබලයන් තමන්ගේ සාක්කුවට දමාගෙන අවසන්ය. මහනුවර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ප‍්‍රබල ඇමැතිවරු දෙදෙනකු නිමල් පීරිස් තමන්ගේ සමීපතමයන් බවට පත් කරගෙන අවසන්ය. ඒවා එතරම් අදාළ නැතැයි ඔබට ද සිතෙනු ඇත. එහෙත් ඒවා බලපාන්නේ, ක‍්‍රියා කරන්නේ වෙනත් මුහුණුවරින්ය. අපචාර ක‍්‍රියා කළ ඇකඩමියේ භාරකාරයා පොලීසියට භාර වීමත් සමඟ මහනුවර දිස්ත‍්‍රික්කයේ උසස් පොලිස් නිලධාරීන්ට ”නිමල් අත්අඩංගුවට ගන්න එපා එයා ඇප ඉල්ලූවොත් විරුද්ධ වෙන්න එපා” යැයි උපදෙස් දුන් ඉහළම පොලිස් ලොක්කා කවුරුදැයි ඔබ විසින්ම තේරුම්ගත යුතුව ඇත. චන්දිමාල් ගමගේ හා නිමල් එන්. පීරිස් විසින් දැරියන් ප‍්‍රභූන්ට අපයෝජනය සඳහා තෑගි කළා නම් ඒ කවුරුන්දැයි රටට හෙළිදරව් කළ යුතුය. පොලිස්පතිගේ පටන් ඇකඩමියට ආශිර්වාද කළ දේශපාලන පෙරමුණ ඒ තෑගි ලබා ගත්තේදැයි අපි දන්නේ නැත. නමුදු අප ඉදිරියේ සාධාරණ සැකයක් උපදී. කෙසේ වුව ද මේ වර්ගයේ අපරාධවලට ඉඩකඩ ලැබී ඇත්තේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති ආයතන මෙවැනි නේවාසික කඳවුරු හෝ ආයතන නිසි අයුරින් නියාමනය නොකිරීමය. නේවාසික පෞද්ගලික ඇකඩමි දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ නම් ඒවා තහනම් කිරීමටත් ඒවා පවත්වාගෙන යන්නේ නම් රජයේ දැඩි නියාමනයන් යටතේ පවත්වාගෙන යා යුතු බවත් අපට යෝජනා කළ හැකිය.

කුමක් කළ යුතුද?

දරුවන්ගේ අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් වෙහෙසෙන මවුපියන් ද මෙවැනි ආයතන සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කළ යුතුය. සිදු විය හැකි විපත් වළක්වාගත හැක්කේ එවැනි තත්ත්වයන් මත මිස මෙවැනි සිදුවීම්වලින් හඬා වැටී වේදනාව හෝ කෝපය පිට කිරීමෙන් නොවේ. මුදල්වලට දේශපාලන බලයට ඕනෑම අපරාධයක් වසන් කරන්නට හැකිය. අපේ ඉතිහාසයේ වැඩිපුරම ඇත්තේ එවැනි වසා දැමීම්ය. මකා දැමීම්ය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ආණ්ඩුකාර නිල නිවසට යාබද ශ‍්‍රවණාගාරය සැකකාර පුද්ගලයන්ට වැඩමුළු පවත්වාගෙන යාම සඳහා ලබා දුන්නාද යන්න අපි ඇයගෙන් විමසුවෙමු.

සැකකාර දේශකයාට ඔබතුමිය ශ‍්‍රවණාගාරය ලබා දීමට කටයුතු කළාද?

එයාට දුන්නේ නැහැ. ඒක දුන්නේ තරුණ සේවා සභාවට. ඒකේ එක වැඩසටහනක් කරන්න එයා ඇවිත් හිටියා. නටලා සින්දු කියලා මොන මොනවද කළා. ඒකත් එක ආකාරයකට ළමයි මෝහනය කිරීමක්.

මොන දවස්වලද ඒ වැඩමුළුව තිබුණේ?

2016 ජුනි මාසේ 9 වනදා.

ඔබ ඒ වැඩමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා?

ඔව්. ඒ වැඩසටහන කළේ තරුණ සේවා සභාවෙන්. මේ ගුරුවරයා ඒකේ කොටසක් කළා. ඔහුයි මායි අතර විශේෂ හිතවත්කමක් තිබුණේ නැහැ. මම කොහොමටත් ඔය අපරාධයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්න කියලා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිට කිව්වා.

මම වගේ වැදගත් කෙනෙක් ඔය වගේ පහත් වැඩ කරනවද? සාමදාන විනිශ්චයකාර ‘දේශශක්ති’ නිමල් එන්. පීරිස්

දැරියන් නවදෙනෙක් අතවරයට ලක් වුණාය කියන Human LeadershipAcademy ආයතනයේ අයිතිකාරයා ඔබද?

නැහැ, මම නෙවෙයි. ඒක අයිතිකාරයා චන්දිමාල් ගමගේ කියන කෙනා. මගේ සම්බන්ධයක් නෑ.

අපි දන්න විදිහට එයා භාරකාරයා, ඔබ අයිතිකාරයා?

මගේ නම පටලවලා තියෙනවා. මම ඒකට නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා.

Tele Pix Technologies (Pvt) Ltd. ආයතනය කාගේද?

ඒක මගේ.

ඒකට අනුබද්ධ සමාගමක් ලෙස නේද අර ඇකඩමි එක පවත්වගෙන ගියේ?

නැහැ. ඒකට මගේ සම්බන්ධයක් නෑ. මම හොඳ ව්‍යාපාරිකයෙක්. රටේ නමගිය කෙනෙක්. රූපවාහිනී සංස්ථාවේ මහනුවර වාර්තාකරු මම. මාධ්‍ය එක්කත් සම්බන්ධයි. මම ව්‍යාපාරිකයෙක්, මාධ්‍යවේදියෙක්.

නැහැ ඔබ වැරැදියි. අතවර කිරීමක් සම්බන්ධයෙන් දැරියන් තිදෙනෙකු මහනුවර පොලීසියට පැමිණිලි කරලා තියෙනවා නේද ඔබට විරුද්ධව?

ඒක මෙහෙමයි. එක දවසක් ඔය චන්දිමාල් කියන කෙනා මගෙන් මොකක්ද අත්සනක් ගන්න ළමයි හතර දෙනෙක් මගේ කාර්යාලයට එක්කගෙන ආවා. ඒ අතර හිටියා ටිකක් මොංගල් වගේ ළමයෙක්. එයාගේ ……………… ඇල්ලූවා ………………… මිරිකුවා කියලා පැමිණිල්ලක් දාලා මාස හතරකට පස්සේ. අනික් පැමිණිල්ලත් එහෙමයි. ඔය පැමිණිලි දෙක පදනම් කරගෙන පොලීසිය B වාර්තාවක් දාලා තියෙනවා මං අත්අඩංගුවට ගන්න. මං වගේ රටේ නම ගිය ප‍්‍රසිද්ධ පුද්ගලයෙක් එහෙම අත්අඩංගුවට ගන්න පුළුවන්ද? ඒක නිසා මම අපේක්ෂිත ඇප අයදුම්පතක් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක සලකා බලන්නේ ලබන නව වනදා. චන්දිමාල් 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා.

නම්බු නාම තිබුණට කරපු කැත වැඩ එළියට ආවා නේද?

එහෙම කියනවනම් ඒක අධිකරණයේ ඔප්පු කරන්න එපැයි. මම වගේ වැදගත් කෙනෙක් ඔය වගේ පහත් වැඩ කරනවද?

දැන් ඉන්න පොලිස්පතිතුමා යාළුවෙක්ද?

එතුමා මගේ හොඳ මිත‍්‍රයෙක්. එයා මධ්‍යම පළාත් DIG වෙලා ඉන්න කාලේ මම එතුමට උදව් කළා. මම ගරු කරන හොඳ චරිතයක්.

ඒක නිසා විශේෂ වරප‍්‍රසාද ලැබෙනවා ඇති නේද?

කවුද කියන්නේ? ඔය කියන අතවරවලට මම සම්බන්ධ නැහැ. ඒක කරලා තියෙන්නේ චන්දිමාල් වෙන්න ඇති. මම මේ රටේ කීර්තිමත් පුරවැසියෙක්.

නමුත් මහනුවර පොලීසියේ පැමිණිලි තුනක් තියෙනවා?

ඔව්. ඕන කෙනෙකුට පුළුවන්නේ පොලීසියේ පැමිණිලි දාන්න. අධිකරණයට ගියාම බලාගමු මොනවද වෙන්නේ කියලා. දැරියන්ට අතවරයක් වෙලා නෑ කියලා අධිකරණ වෛද්‍ය වාර්තාවක් නිකුත් කරලා තියෙන්නේ. ඒ ගැන ඔබතුමා දන්නෙ නැද්ද? මාස හතරකට කලින් වෙච්ච සිදුවීමකට මෙච්චර කල් පරක්කු වුණේ ඇයි පැමිණිලි දාන්න? ඕක වෙන කාගේ හරි උවමනාවට කරපු දෙයක්…!

ඔබ නිවැරැදි වෙන්න මේ පරීක්ෂණවලට මුහුණ දිය යුතුයි. ඔබ ඒක මඟහරින්නේ ඇයි…?

ඔය ආයතනය මගේ නෙවෙයි. බොරු පැමිණිලිවලට මම මොකටද අත්අඩංගුවට ගන්නේ? මම වගේ ප‍්‍රසිද්ධ පුද්ගලයෙක් පොලීසියට ඕන විදිහට B වාර්තා දාලා අත්අඩංගුවට ගන්න පුළුවන්ද? බලමු මොකද වෙන්නේ කියලා. මම දැන් නීතිඥයෝ එක්ක ඉන්නේ. පස්සේ කතා කරන්න…

මේ අතර නායකත්ව පුහුණුව මුවාවේන් තරුණියන් බිල්ලට දුන් අංක එකේ බඩුකාරයෙකු මෙන්ම පොලු කාරයෙකු ලෙස ප්‍රසිද්ධ ටෙලි ෆික්ස් (TELE-PIX Group)සමූහ ව්‍යාපාරයේ සභාපති දේශ කීර්ති නිමල් එන් පීරීස් නැමත්තා සහ වත්මන් පොලිස්පති පුජිත් ජයසුන්දර  අතර සබඳතාවයන් රැසක් මේ වනවිට අනාවරණය මෙමින් තිබේ.

http://www.lankanewsweb.today/archives/12413

http://www.lankanewsweb.today/archives/12345

 

Top