Featured

සංවත්සරයෙන් පසුව මෛත්‍රී,සජිත් අලුත් ආණ්ඩුවක් – අගමැති අනුර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යටතේ පවත්වා ගැනිම සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප මෛත්‍රී පිළේ බත් බැලයෙකු අගමැති කිරිමේ සැලසුමක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

65 වන පක්ෂ සංවත්සරයෙන් පසුව සජිත් පිළ සහ වෙනත් අයෙකු අගමැති ලෙස පත් කිරිමට ගන්නා තින්දුව මත ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනෙකුද අලුත් ආණ්ඩුව සදහා එකතු කර ගැනිම මෙම සැලසුමේ කොටසක් වි තිබේ.ඒ අනුව එම සැලසුමට අනුව පසුගිය මහා මැතිවරණය සමයේ සිරිසේනගේ කොන්ත්‍රාත්තුව අනුව වැඩ කරමින් අවසාන මොහොතේ සියල්ලම පාවාදුන් හිටපු ශ්‍රිලනීප මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා අගමැති තනතුර සදහා පත් කිරිමට යොජනා කර තිබේන අතර පසුව සිරිසේන අනුර ප්‍රියදර්ශන සිය කාර්යාලයට ගෙන්වා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත්තේ අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කමට සුදුසු ජේෂ්ඨ නායකකු බවත් ඔහු පක්ෂය වෙනුවෙන් කර ඇති කැපකිරීම තමා බෙහෙවින් අගයන බවත්ය. එසේම කුරුණෑගල ජනතාවගේ වැඩි මනාපය ලබා ගැනිමට අනුරට හැකියාව ඇත්නම් ඔහුව අගමැති කිරිමට කිසිදු බාධාවක් නොමැති බවත් ප්‍රකශ කර තිබේ.

Top