Featured

ප‍්‍රසන්න අර්ජුනගේ රෙදි ගලවයි

සිය පියා මැරුණේ මහින්ද රාජපක්‍ෂ නිසා බවත්, එය සිය සහෝදරයා නොදන්නා බවත්, පවසමින් වරාය ඇමති අර්ජුන රණතුංග මහතා කර ඇති ප‍්‍රකාශයකට සිය දැඩි විරෝධය පල කරන ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අර්ජුන අයියා පිලිබදව තමන් ලැජ්ජාවන බවත්, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඔහු සිය තාත්තා වන රෙජී රණතුංග මහතාට ලැජ්ජා කරන බවත්, අවධාරණය කරයි.

කර්තෘ මණ්ඩලයක දුරකථන අංකයක් හෝ නොමැති පුවත්පතකට ලබා දී ඇති සම්මුඛ සාකච්ඡුාවකදී අර්ජුන රණතුංග ඇමතිවරයා සිය පියා වන රෙජී රණතුංග මහතා මිය ගියේ මහින්ද රාජපක්‍ෂ මහතා නිසා බවත්, එය ප‍්‍රසන්න රණතුංග මහතා නොදන්නා බවත්, එක්සත් ජාතික පක්‍ෂයෙන් පැමිණි අයට ඇමතිකම් දුන් මහින්ද රාජපක්‍ෂ මහතා සිය පියාට ඇමතිකමක් ලබා නොදුන් බව සදහන් කර තිබේ. මේ නිසා රෙජී රණතුංග මහතා මිය ගියේ ඉතාමත් දුකෙන් සහ කනස්සල්ලෙන් බවද මේ පිලිබදව සිය සහෝදරයාට (ප‍්‍රසන්න රණතුංග මහතාට* ගානක් නොමැති බවත්, අර්ජුන රණතුංග මහතා අදාල පුවත්පතට සදහන් කර ඇත. සිය පියාගේ සැමරුම් උත්සව සහ ඔහු සිහිපත් කර පැවැත්වෙන පිංකම් ප‍්‍රසන්න රණතුංග මහතා දේශපාලනයට ලක්කර ඇතැයිද අදාල ලිපියේ සදහන් වේ. අර්ජුන රණතුංග මහතාගේ මෙම සම්මුඛ සාකච්ඡුාව ඇතුලත් පුවත්පත සිය`ඵ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට යවා ඇති අතර, අදාල පුවත්පත මුද්‍රණය කිරීම සදහා මත්තේගොඩ පිහිටි මුද්‍රණාලයකට බාරදී ඇත්තේ අර්ජුන රණතුංග ඇමතිවරයාගේ කාර්්‍යය මණ්ඩල නිළධාරයෙකු බව අදාල මුද්‍රණාලයෙන් කල විමසුමකදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වන ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ සිය පියා දේශපාලනඥයෙකු මිස ව්‍යාපාරිකයෙකු හෝ කී‍්‍රඩකයෙකු නොවන බවයි. ඔහු මියගියාට පසු පලමුවන ගුණානුස්මරණය පැවැත්වුණේ අරලියගහ මන්දිරයේයි. එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයට සිය මව මෙන්ම සහෝදරයන්ද සහභාගී වූ බව ප‍්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. වාර්ෂික ගුණ සමරු උත්සව පවත්වන හැම විටකදීම ඒ සදහා තාත්තාගේ දේශපාලන සහෘදයින්ට ආරාධනා කරන බවත්, පියා සිහිපත් කර වාර්ෂිකව පැවැත්වෙන ධර්මදේශනා සහ දානමය පුන්‍යකර්මයේදී පවුලේ සිය`ඵ දෙනා තම තමන්ගේ හිතවතුන්ට ආරාධනා කල බවත්, රණතුංග මහතා කියයි. රුවන් රණතුංග මහතා පාර්ලිමේන්තුවේ සිටින කාලයේදී ඔහු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ආරාධනා කල බවත්, තමන් පළාත් සභා නියෝජිතයන්ට ආරාධනා කල බවත්, පවසන ප‍්‍රසන්න රණතුංග මහතා මේ සදහා සෑම වසරකදීම රාජපක්‍ෂ පවුලෙන් බැසිල් රාජපක්‍ෂ මහතා සහාභාගී වූ බව පෙන්වා දුන්නේය. මෙවර ගුණ සමරු උත්සවය සහ වාර්ෂික පිංකම සංවිධානය කොරුණේද පසුගිය කාලයේදී එය සංවිධානය කෙරුණු ආකාරයටමය. මේ පිලිබදව අර්ජුන රණතුංග මහතාට එක්කෝ අවබෝධයක් නොමැති බවත්, නැතිනම් ඔහු දේශපාලන වාසි ලබා ගැනීම සදහා බොරු කියන බවත්, ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයා පෙන්වා දෙයි. දේශපාලන මතවාදය කුමක් වුවත්, සිය පියාගේ බණට හා දානයට පුතෙකු සහභාගී නොවන්නේ නම් එය වැරදි බව පවසන ප‍්‍රසන්න රණතුංග මහතා සහභාගී නොවී බොරු චෝදනා නැගීම අර්ජුන රණතුංග වැන්නෙකුට නොගැලපෙන බවද, අවධාරණය කරයි.

සිය පියා මිය ගියේ මහින්ද රාජපක්‍ෂ මහතා ඔහුට තනතුරක් ලබා නොදීම පිලිබදව ඇතිවූ කනස්සල්ලෙන් යැයි අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කිරීම සිය පියාට කල දරුණුතම අවමානයකි. රෙජී රණතුංග මහතා පක්‍ෂය වෙනුවෙන් සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් වෙනුවෙන් සිය තනතුරු කැපකල අයෙකි. එවැනි අයෙකුට මෙලෙස අවමාන කිරීම පාපකර්මයක් බව ප‍්‍රසන්න රණතුංග මහතාගේ අදහසයි. 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත්වූ රෙජී රණතුංග මහතා නැවත පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ශී‍්‍රපති සූරියආරච්චි මහතාගේ අභාවයෙන් පසුවය. එවකට ජනාධිපතිවරයා වූයේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මහින්ද මහතාගේ කැබිනට්ටුව ඉතා විශාල බවට විරුද්ධ පක්‍ෂ ඒ කාලයේ චෝදනා නගා තිබිණි. ශී‍්‍ර ලංකන් ගුවන් සේවය නැවත පවරා ගැනීමේ උත්සවයේදී මගේ පියාට මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජ්‍ය කථානායක කම යෝජනා කලද පියා එය ප‍්‍රතික්ෂේප කල බවත්, ඔහු කීවේ මේ මොහොතේ තමන් ඇමතිකමක් භාර ගත්තොත් එය ආණ්ඩුවට ගැට`ඵවක් විය හැකි බැවින් පසුව ඒ පිලිබදව සලකා බැලිය හැකි බවත් යැයි ප‍්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

”අර්ජුන අයියලා කවදාවත් තාත්තාගේ දේශපාලනයට මැදිහත්වෙච්ච අය නෙමේ. තාත්තා ගැන මෙච්චර දුකෙන් කතාකරන අර්ජුන අයියගෙන් තාත්තගේ මැතිවරණයට වර්ල්ඞ් කප් ගන්න පින්තූරේ දෙන්නැයි ඉල්ලපුවාම බෑ කිව්වා. ඒත් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට තරග කරද්දී අයියා ඒ පින්තූරේ සරත් ෆොන්සේකාට පාවිච්චි කරන්න අවසර දුන්නා. එදා තාත්තට වඩා අයියට ලොකු වුණේ සරත් ෆොන්සේකා.

මහින්ද කරපු දේවල් හින්දා මහින්ද එක්ක එකතු වෙන්න බෑ කියලා අර්ජුන අයියා කියනවා . හැබැයි හිරිකිතයක් නැතුව 1977දී අපේ ගේ ගිණි තියලා තාත්තට පිහියෙන් ඇනලා අපිව පාරට ඇදලා දාපු යූ.එන්.පී. එකත් එක්ක එකතු වෙන්න අයියට පු`ඵවන්. 2001 මැතිවරණයේදී බොරු චෝදනා දාලා තාත්තව මාසයක් හිරේ දාපු යූ.එන්.පී යත් එක්ක එකතු වෙන්න අයියට පු`ඵවන්. එහෙම කරපු රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිකම් ගන්න හිරිකිතයක් නැතුව යූ.එන්.පී එකෙන් ඡුන්දය ඉල්ලන්න අයියට පු`ඵවන්. ඇත්තටම මේක කැතයි, නින්දිතයි, ලැජ්ජයි. දේශපාලන මතවාද මොනවා තිබුනත් තාත්තට අපහාස කරන එක ගැන මම ලැජ්ජා වෙනවා. ඇත්තටම මම අයියට ගරු කලත්, අයියගේ මේ හැසිරීම ගැන ලැජ්ජා වෙනවා. මේවයෙන් හෙලි වෙන්නේ. එයාගේ පටු දේශපාලන මානසිකත්වය මිසක් වෙන දෙයක් නෙමෙයි” ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Top