Featured

විජාතික කපටි සූත්තර සහ ජාතියේ පසුබෑම

2015 ජනවාරි 8න් පසු මෙරට ආණ්ඩු බලය නැවත විජාතික නියෝජිතයින් අතට පත්වීම හැර වෙනත් දෙයක් සිදුවී නැත. මේ වංචනික ක්‍රියාව වසන් කළේ යහපාලනය නම් කඩතුරාවෙනි. මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ විජාතික ඉත්තන් නොසිටියාමයි කියා අප කියන්නේද නැත. ආණ්ඩු බල පෙරලිය ගැන කෙටියෙන් සඳහන් කළේ පෙර පරිදියි. මේ බල පෙරලියෙන් පසුවටත් ජාතිකත්වය පැත්තේ සිටි මහින්ද පිල පසුබෑම් වලට ලක් වූවා මිස ස්ථානෝචිත ප්‍රඥ්ඥාවෙන් කටයුතු කළ බවක් නොපෙනේ. මහින්ද පිලේ සිටි විවිධ පුද්ගලයන්ට විවිධ අරමුණු තිබුණා විය හැකියි. නමුත් සියල්ලන්ට පොදුවේ ජාතික අරමුණු වලට ප්‍රමුඛත්වය දීමේ හැකියාවක් නොතිබුණා කිව නොහැක. මේ වන විට අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් විජාතික පනත සම්මත වී හමාරය. එහි භයානක කමේ වපසරිය විස්තර කිරීමට තවත් කාලය නාස්ති කළ යුතු නොවන්නේ එය මේ වන විටත් විවිධ පාර්ශව විසින් රටට හෙලි කර තිබීම නිසයි. දැන් එහි අරමුණු මොනවාද යන්නවත් ඒ පසුපස සිටින්නන් කවුද යන්නවත් අමුතුවෙන් කියන්නට දෙයක් නැත. මේ ජාතිකත්ව විරෝධී පනත සම්මත වීමත් සමග ප්‍රීති ප්‍රමෝදයට පත් වූයේ පහුගිය වසරේ ජනවාරි 8 විජාතික නියෝජිතයා අතට ආණ්ඩු බලය ලබාදීමට ඇප කැප වූ මෙරට හා රටින් පිටත බලවේග එකතුවයි.

මෙපමණ ජයග්‍රාහී පිම්මක් විජාතික බලවේග විසින් පනින තෙක් ජාතිකත්ව පිල පසු බැස්සේ කෙසේද. ඊට හේතු විවිධාකාරවේ. අතුරුදන් වූවන් සෙවීමෙ පනත දේශපාලන බඩගෝස්තරවාදී නිල් කොළ රතු පාවාදීමේ ඔස්තාර්ලා ලවා හොර පාරෙන් සම්මත කර තිබෙන්නේ ඒ ගැන හරි හැටි විවාදයක් හෝ නොපවත්වායි. රනිල් වික්‍රමසිංහ සියළු මෙහෙයුම් අවසානයේ මහත් උජාරුවෙන් කියා සිටින්නේ මෙය කල්තියා කිසිවෙකු විසින් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කර නොතිබුණු බවකි. මෙහිදී එම කටයුත්ත ඒකාබද්ධ විපක්ෂයට මගහැරුනේ කෙසේද යන්නත් ගැටළුවකි. මේ ගැන කල්තියා දැනගෙන තිබුණු අවස්ථාවකත් එය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළ යුතුය යන කාරනය පිළිබඳව නිසි සංවේදී බවකින් ඒකබද්ධ විපක්ෂය කටයුතු කර නොතිබෙන්නේනම් එය බරපතල වරදකි. ඒකාබද්ධ විපක්ෂයේ නීති උපදෙස් කරුවන් නීතීඥ්ඥයන් කොහේ සිටියේද? මහින්ද රාජපක්ෂ මහතාද නීති විශාරදයෙකි. කෙසේ වෙතත් සියළු ඔස්තාර්ලාටත් අනෙකුත් ජාතික සංවිධාන වලටත් දැන් අත්‍යවශ්‍ය ජාතික කටයුත්තක් මගහැරී ජාතිකත්ව පිළ තවත් අසීරු අඩියකට වැටී ඇත. ඒ අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම කෙරෙන ආකාරය පිළිබඳ සියළු නිර්නායන් රාජ්‍ය නොවන සංවිධාන පිටස්තර විජාතික කණ්ඩායම් හා දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය ආකාරයට විජාතික හොර පනතෙන් තීන්දු කර තිබීම හරහාය.

දැන් කොලේ වසා රටට බොරු කියන රනිල් සිරිසේන ප්‍රමුඛ යහපාළු පිසාච රැල පෙන්වීමට යන්නේ මෙය 88/89 කාලයේ එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් අතුරුදහන් කරවූවන් ගැන සෙවීමටද මේ පනත ඉවහල් වන බැවින් මෙය ඉතා යහපත් එකක් බවයි. එහෙත් ඇත්ත කතාව වන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුම බටහිර බලපෑම් වලට නොබියව ඉදිරියට ගෙනගොස් ජයග්‍රාහී ලෙස අවසන් කළ රනවිරුවන්ට හා නායකයන්ට දඬුවම් කිරීම මෙහි යටි අරමුණ බවයි. ප්‍රභාකරන් බේරාගැනීමට නොහැකිව වියරු වැටුනු දෙමළ ජාතිවාදීන්ගේ බටහිර ස්වාමිවරුන් ඔවුන්ගේ වත්මන් නියෝජිතයින් වන රනිල් සිරිසේන දෙපල යොදාගෙන කොටි ත්‍රස්තවාදය පැරදවූ මෙහෙයුමේ රනවිරුවන්ගෙන් හා නායකයින්ගෙන් පලිගැනීමට ගැසූ ගැටය මෙයයි. රනිල් එක්ක නිදිවදින්නට ගිය රතු අලි නායක අනුර කුමාර ජනතාව රැවටීමට කියා සිටියේද සිරිසේනගේ කතාවමය. එනම් 88/89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ අතුරුදහන් වූවන් ගැන සෙවීමද මේ පනත හරහා කරගත හැකි බැවින් එය ඉතා හොඳ එකක් බවයි. එහෙත් මෙතැන තවත් ගැටළුවක් තිබේ. එනම් 88/89 කාලය තුල ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කළ එක්සත් ජාතික පක්ෂ රජයේ එවකට මර්ධනකාරී මෙහෙයුම් වල ප්‍රධාන චරිතයක් වූ බටලන්දේ වධකාගාරයකද වැඩකටයුතු මෙහෙයවන ලද රනිල් වික්‍රමසිංහ මෙදා මේ පනත හොරෙන් හා බලහත්කාරයෙන් සම්මත කිරීමට පියවර ගත් ප්‍රධාන චරිතයද වීමයි. එලෙස බලන කළ ජනතා විමුක්ති පෙරමුණේ අතුරුදහන් වූවන් ගැන සෙවීමට ගියහොත් රනිල් ඇතුළු තවත් එක්සත් ජාතික පක්ෂ දේශපාලුවන් ගනනාවක්ම ඊට වග උත්තරකරුවන් හා වැරදි කරුවන් වීම අනිවාර්ය වේ. දැන් මේ පනත ක්‍රියාත්මක කිරීමට වලි කෑ රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂ තක්කඩින් මේ පනතින් වරදකරුවන් වීමට බලාපොරොත්තු වෙයිද? එසේ සිතිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය හා පැටිකිරිය නොදත් ලදරුවෙකුට හෝ මන්දබුද්ධිකයෙකුට පමණි.

තවත් මේ ජාතිකත්ව විරෝධී පනත ගැන රනිල් සිරිසේන ප්‍රමුඛ යහපාලන පිසාච රැලත් දෙපිටකාට්ටු රතු අලි රැලත් කියන බේගල් විශ්වාශ කිරීමට අප මන්දබුද්ධිකයන් විය යුතු නොවේ. අතුරුදහන් වූවන් ගැන සෙවීමේ කොමිසමක් හරහා 88/89 කාලයේ අතුරුදහන් කලවුන්ට සාධාරනය ඉටු කිරීමට රනිල්ටත් එක්සත් ජාතික පක්ෂයටත් මෙතරම් තදියමක් ඇත්නම් මීට කලින්ම ඔය ටික කරන්නට තිබුණි. ඇරත් උතුරේ හමුදා මෙහෙයුම් වලින් අතුරුදහන් වූවන් සිටීනම් සුදු වෑන් වල ගෙනගිය අය ඇත්නම් ඒ අය වෙනුවෙන් සාධාරනය ඉටු කිරීමට පිටස්තර බලවේග ගාවා නොගෙන රටේ අධිකරණ පද්ධතිය තුලින් ඒ ගැටළුවට පිළිතුරු සොයා ගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබේ. මේ සිදුවන්නේ අන් කිසිවක් නොව 2015 ජනවාරි 8 වනදා සිට දෙමළ ජාතිවාදය නැගිට්ටවා සිංහල බෞද්ධ ජාතිකත්වය ඇදවැට්ටවීමේ විජාතික මෙහෙයුමේ එක් පියවරක් ඉදිරියට යෑම පමණි. පහුගිය වසරේ විජාතික බලවේග අතට ආණ්ඩු බලය මාරු වූ දා සිට ජාතිකත්වය නියෝජනය කළ මහින්ද පිල පසුබෑවා මිස නිසි කලට වේලාවට කලයුතු බොහෝ දේ කිරීමට නොහැකි විය 18 වන හා 19 වන ව්‍යවස්ථා සංශෝධන නියත ලෙස පරාජය කළ යුතුව තිබූ ඒවා විය. එහෙත් ඒ වන විටත් විපක්ෂයට වැඩි ආසන ගනනක් තිබියදීත් මේ සැලසුම්සහගත සංශෝධන පරාජය කිරීමට සංධානයට නොහැකි විය. දැන් තවත් භයානක හොර පනත් බලහත්කාරයෙන් සම්මත් කරගන්නේත් මේ සැලසුම් වල එක් පියවරක් ලෙසයි. ඒකාබද්ධ විපක්ෂය තවත් ලතවෙවී නොසිට දැන්මම මේ විජාතික පනතට එරෙහිව ගත හැකි පියවර කුමක්දැයි සොයා බැලිය යුතුය. මේ යන විදිහට ෆෙඩරල් හොර ව්‍යවස්ථාවද මේ ආකාරයෙන්ම සම්මත කරගැනීමට විජාතික නියෝජිතයින්ට හා බඩගෝස්තරවාදී පාවාදීමේ ඔස්තාර්ලාට හැකියාව තිබේ. එවැන්නක් සිදු වීමට පෙර ගත හැකි ක්‍රියාමාර්ග ගැන ඒකාබද්ධ විපක්ෂය දැන් සිට සැල්කිලිමත් විය යුතුය. තැනට සුදුසු ලෙස ක්‍රියාත්මක වීම අතපසු වී විදෙස් ආක්‍රමණය රට තුලටම පැමිණියහොත් තත්වය දරුණු අතට හැරේ. එබැවින් මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මාක්ස්වාදී වාමාංශිකයින්ගේ කේවට්ට උපදෙස් නොතකා ඉදිරියේදී ගෙනෙන හොර ව්‍යවස්ථාව ඇතුළු සියළු පනත් පරාජය කිරීමට අවශ්‍ය නීතිමය පසුබිමත් ඕනෑම තීරනාත්මක මොහොතක ක්‍රියාත්මක වීමට අවශ්‍ය දැවැන්ත ජනතා පවුරත් දැන් සිට ගොඩනගා ගැනීම කළ යුතුය. ප්‍රමාද වී පසුතැවෙන්නට ජාතියට නොහැකිය.

බණ්ඩාර දසනායක

Top