Featured

සිරාට කෙලවෙන බව පෙනේ…පවුලත් අරන් තිරුපති දුවයි

යහපාලනයේ වසර සැමරිම සදහා මාතර ජනතාව ගොනාට අන්දවන්න ගොස් පස්ස පැත්තේ අං පාර සිහිවටනයක් කරගෙන කොළඹ පැමිණි සිරිසේන තමන්ට කෙලවෙන බව දැස මානයේම පෙන්න්නට තිබෙන බව දන්නා නිසා වහාම තිරුපති දෙවොලේ දෙදින වන්දනා සංචාරයක් රෙද්ද උස්සන් ගොස් තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි තිරුමාලා කඳුවැටියේ වෙන්කතේෂ්වර (තිරුපති) දෙවොලේ දෙදින වන්දනා සංචාරයක් සඳහා පැමිණ ඇතැයි ඉන්දියාවේ පළවන ‘ද හින්දු‘ පුවත්පත වාර්තා කර ඇති අතර විශ්ණු දෙවියන් වෙනුවෙන් කැපවුණු වයිශ්නාවා ශාස්ත්‍රධරයෝ පිරිසක් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට, ඔහුගේ බිරිඳ ජයන්ති පුෂ්පකුමාරි සිරිසේනට, පුතා දහම් සිරිසේනට හා අනෙකුත් පවුලේ සාමාජිකයින්ට තිරුපති කෝවිලේ රංගනායකුල මණ්ඩලයේදී වේදාර්ශිවාද පවත්වා රහසිගත පුජාවක්ද කර තිබේ.

මිට අමතරව තනි රත්තරං වලින් තැනු විශේෂ දේව පිළිමයක්ද ජනාධිපතිවරයා විසින් පුජා කර ඇති අතර එහි වටිනාකම සම්බන්ධයෙන් මේ වනතෙක් අනාවරණය වි නෑ.

මිට අමතරව මෙම සංචාරය අතරතුර ඉන්දිය රජයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුද රහසිගතව හමුවිමට නියමිතව තිබේන අතර ඒ sසම්බන්ධයෙන්තොරතුරු බලාපොරොත්තු වන්න.

කලින් තිරුපති වදින්න ගිහින් කෙලවා ගත්තු හැටි…

බලයට පැමිණි වහාම ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණු ජනපති සිරිසේන තිරුපති දේවාලයේ සංවිධානය කරනු ලැබූ විශේෂ පුජාවක් සදහා පසුගිය 2015 පෙබරවාරි 2 වැනිදා පෙරවරු 2.15 ට පමණ ගොස් ඇති අතර , එම අවස්ථාවවේදී තිරුපති දේවාලයේ ප්‍රධාන පුජකතුමන් විසින් පුජාව පැවැත්වීම සදහා දේවාලයේ රන් දොර ඇරීමට උත්සහ කල අවස්ථාවවේදී ,කොපමණ උත්සහ කලත් එය අසර්ථක වී ඇති අතර., එම රන් දොරට අයත් රත්‍රන් යතුර කැඩී තිබෙන අතර , යතුරේ භාගයක් රන් දොරේහි ඇතුලේ හිරවී ඇති අතර ඉන් පසු අමතර යතුරක් හෝ භාවිතා කිරීමට නොහැකි වී ඇත .

මෙම අවස්ථාවේදී ….මෙය ඉතාමත්ම අසුභ පෙරනිමිත්තක් බව පෙන්වා දී ඇති ප්‍රධාන පුජකතුමන් ,දොර පිළිසකර කරන තෙක් අති පුජනීය තිරුපති රන්දොරට අත තැබීමෙන් වැලකි සිටීම කගේ කාගේත් ජිවිත වලට හොද බව පෙන්වා දී ඇත .කෙසේ වුවද ඉන්දීය රජයේ ආරාධනයෙන් පැමිණි ශ්‍රී ලංකා ජනපති සිරිසේන තිරුපති දේවාලයට පැමිණ රන්දොර ඇරගනිමට නොහැකිව , පුජාවට සහබහාගී නොවී යෑමට, ඉන්දීය රජයට ඉඩ දිය නොහැකි බව සිරිසේන සමග තිරුපති දේවාලය වෙත පැමිණි ඉන්දීය නිලධාරීන් ,දේවාලයේ ප්‍රධාන පුජක තුමන් වෙත දැනුම් දී තිබේ.

පසුව ඉතා අකමැත්තෙන් කියත් භාවිතා කරමින් රන් දොරේ අගුල කපා දොර ඇර ඇති පුජකවරුන් පවසා ඇත්තේ ,මෙය දෙවියන්ගේ අකමැත්තෙන් කරන පුජාවකට හා සමාන බවත් , දෙවියන් මෙම පුජාව ප්‍රතික්ෂේප කල බවත්ය.
පසුව බොහෝ වේලාවක් රන් දොර අරින තෙක් හිටගෙන සිටි ජනපති සිරිසේන සහ සිරිසේන මැතිණිය පුජාව පවත්වා ඇත .

තිරුපති දේවාලයේ රන් දොර කඩා පුජාවක් පැවැත්වූ එකම සහ ප්‍රථම පුද්ගලයා බවට ඉතිහාස ගතවෙමින් ජනපති සිරිසේන පුජාව පවත්වා ඇත . මේ අතර ජනපති සමග මෙම පුජාවට ගිය සමහර ශ්‍රී ලංකික නිලධාරීන් මෙම පුජාවට සහභාගී වීමෙන් වැලකි සිට ඇත.පසුව පැය 24ක් යන්නට ප්‍රථමයෙන් රන් දොර අලුත්වැඩියා කර අලුත් රන් යතුරක් ලබාදීමට ඉන්දීය බලධාරීන් ක්‍රියාත්මක වී ඇත.මෙම සිදුවීම දැන ගත් බොහෝ බැතිමතුන් සහ පුජකවරුන් පවසා ඇත්තේ මෙය ඉතාමත්ම අසුබ ලකුණක් බවයි එම හේතුවෙන් මෙම යාග හොම සියල්ලක්ම ආරම්භ කර තිබේ.

MS_THRU (1) MS_THRU (2)

http://www.lankanewsweb.today/archives/5550

Top