Featured

ප්‍රොටෝකෝල් නෂීඩ්ට “පිස්සු බලු” රෝගය වැලදේ- නැගෙනහිර මුස්ලිම් ආක්‍රමණයක

නැගෙනහිර මහඇමති ‘සිංහල පළාත්‘වල සංවර්ධන කටයුතු නැවැත්වීමට දැවැන්ත සටනක. මුළු උතුරු නැගෙනහිර ටම ඇති එකම සිංහල ආසනය මුස්ලිම් ආක්‍රමණ අවධානමක

නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති ‘ප්‍රොටෝකෝල් නෂීඩ්‘ හෙවත් නෂීඩ් අහමඩ් විසින් නැගෙනහිර පළාතේ සිංහල පළාත්වල සංවර්ධන කටයුතු අඩපණ කිරීමේ දැවැන්ත වෑයමක නිරත වෙමින් සිටියි. උතුරු හා නැගෙනහිර දෙපළාතේම එකම සිංහල මැතිවරණ කොට්ඨාශය වන අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර මැතිවරණ කොට්ඨාශයට මෙහි බලපෑම දැඩිව දැනෙමින් තිබේ.

මෙහි කූඪප්‍රාප්තියක් සටහන් කරමින්, මහ ඇමතිවරයා අම්පාර බස් නැවතුම්පොළ ඉදිකිරීමේ කටයුතු වැලැක්වීම සදහා ‘පිස්සු බල්ලෙකු සේ‘ අදාල සෑම තැනකටම පාහේ ලිපි යවමින් මෙම කටයුත්ත නතර කිරීමට වෙර දරමින් සිටියි.

මෙම ඉදිකිරීම් සදහා මුදල් ලබා දී ඇති ලෝක බැංකුවට හා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් යොමු කරමින් මහඇමති නෂීඩ් කියා ඇත්තේ, දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදවන මුදල් වලින් අම්පාර බස් නැවතුම්පොළ ඉදිකිරීමෙන් ‘ජාතිවාදී ගැටළුවක් ඇති විය හැකි‘ බවයි. ඒ අනුව, මෙම මුදල් (රු.මි.300) සිංහල, දෙමළ හා මුස්ලිම් පළාත්වලට සමානව බෙදා දෙන මෙන් ඔහු ඉල්ලා ඇත.

ප්‍රදේශයේ පොදු සංවර්ධනයන් යනු ජාති-ආගම් හෝ වෙනත් කිසිදු බේදයකින් තොරව සියලු දෙනාට ප්‍රතිලාභ ගෙන දෙන්නක් බව ප්‍රොටෝකෝල් දන්නා මහඇමති නොදන්නේ ද එසේත් නැතිනම් දැන දැන නොදන්නවා වාගේ හැසිරෙන්නේ දැයි ගැටලුවකි. ඔහු එවැනි ප්‍රකාශයක් කළද, දිගු කාලයක් දෙමළ හා මුස්ලිම් මහඇමතිවරුන් යටතේ පාලනය වන පළාත් සභාව විසින් පළාතේ සංවර්ධනය වෙනුවෙන් යොදවන පහසුකම් හා මුදල් සියයට 90ක්ම වෙන් කර ඇත්තේ ඔහු පවසන ‘දෙමළ හා මුස්ලිම්‘ පළාත් වලට බව අම්පාර දිස්ත්‍රික්කයට පැමිණෙන ඕනෑම කෙනෙකුට දක්නට ලැබේ.

දිස්ත්‍රික්කයේ අගනගරය වන අම්පාරේ බස් නැවතුම්පොළ සදහා මුදල් වෙන් කිරීම අවශ්‍ය කටයුතු සකස් කිරීමට, මගහැරීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දරා අසාර්ථක වූ විට ලිපි ලේඛනාදියට අත්සන් තැබූ මහ ඇමතිවරයා, ඉනික්බිති නිමේෂයේ සිට මුදල් හා ආධාර ලබා දෙන අනෙක් පාර්ශව වලට ලිපි යවමින් මෙම මුදල් වෙන් කිරීම නවත්වන ලෙස දන්වා ඇත.

මේ අතර, මේ වන විට පළාතේ මහඇමතිවරයා මාර්ගයෙන් මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතිවාදී ප්‍රවේශයක් අම්පාර මැතිවරණ කොට්ඨාශය තුළ ව්‍යාප්ත වෙමින් තිබේ. එම පක්ෂයේ ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ වෙනුවෙන් කාර්යාල පිහිටවන බව පවසමින් රජයේ නාමපුවරුවලට මුවා වෙමින් දේශපාලන කාර්යාල අරඹා ඇති ඔවුන්, ‘සිංහල පළාත්‘ වල සමාජ ආර්ථික හා දේශපාලන ක්‍රියාවලට පමණක් නොව සංස්කෘතියට පවා බලපෑම් කරමින් සිටියි.

මෙහි අවාසනාවට කරුණ නම් පළාත් සභාවේ සභාපති සී. ගලප්පත්ති හා අවස්ථා දෙකේදීම අවසන් මොහොතේ බොට්ටුවෙන් පළාත් සභා ගිය මෙත්තානන්ද පෙරේරා යන මන්ත්‍රීවරුන් දෙදෙනාද තම පුද්ගලික කොන්තර බේරා ගැනීමේ අරමුණින් මහඇමතිවරයා පාවිච්චි කරමින් සිටීමය.

මේ අතර, ප්‍රෙටෝකෝල් ගැන දශමයට මායිම් කරන මහඇමතිවරයා රටේ නිළ නාමය ගැන සත පහකට මායිම් නොකරන බවද දක්නට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් නිළ නාමය වන්නේ, ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය‘ යන්නයි. නමුත්, මහඇමතිවරයා නිරාවරණය කරන ඵලක වල කිසි හිරිකිතයක් නැතිව රටේ නම විකෘති කිරමින් ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජය‘ යනුවෙන් ලියා ඇත. මෙය එක් පැත්තකින්, රටටත් කරන මහා අගෞරවයකි.

උද්දච්ච හා නිරන්තරයෙන් ම සිංහලයන් සමග කිපීමෙන් කටයුතු කරන මෙම මහ ඇමති වරයා මීට පෙර නාවික හමුදා නිළධාරියකු වෙත අමනෝඥ ලෙස බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද දැඩි ආන්දෝලනයක් ඇති විය.

විශේෂ ලියුම්කරුවකු විසින්.

http://www.lankanewsweb.today/archives/10831

http://www.lankanewsweb.today/archives/11907

http://www.lankanewsweb.today/archives/10880

Top