Featured

සිරිසේනට දෙන්න ගිය පුජිතට රනිල්ගෙන් පයින් පහරක්

Published on: Sep 2, 2016- සිරිසේන ජනාධිපතිවරයාගේ පක්ෂයේ උවමනාවන් වෙනුවෙන් සහ අපරාධ කිහිපයකම සාක්ෂි වෙනතක යැවිමට කප්පම් ගැනිම් පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබි ඇති පැමිණිලි හේතුවෙන් රනිල්-පුජිත සීතල යුද්ධයක් ආරම්භ වි ඇති බව වාර්තා වේ.

FCID හරහා සිදුකරන ඇතැම් පරික්ෂණ වලදි පොලිස්පතිවරයා සිරිසේන ජනාධිපතිවරයාගේ නියෝග මත කටයුතු කිරිම සහ පසුගිය මාසයක් පමණ කාලය තුල වේගයෙන් රටතුල අපරාධ ඉහල යෑම මෙන්ම සුදුවැන් යොදවා ගනිමින් කිහිප දෙනෙකු අතුරුදහන් කිරිම මෙන්ම මාධ්‍ය ඉදිරියේ නීතිය සම්බන්ධයෙන් කල ඇතැම් ප්‍රකාශ පුජිත සම්බන්ධයෙන් අගමැතිවරයාගේ විශ්වාසය පළුදු විමට මුලිකවම බලපා තිබේ.

මිට අමතරව පරික්ෂණ කිහිපයකම සාක්ෂි වෙනතක යැවිම සදහා පොලිස්පතිවරයා කප්පම් ගැනිමේ මෙහෙයුමක් පිළිබඳව අගමැතිවරයාට සාක්ෂි සහිතව අනාවරණය වි ඇති බවද වාර්තා වේ.

මේ අතර හෙට (03) පස්වරු 02 ට පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පැවැත්වීමට නියමිත ‘ශ්‍රී ලංකා පොලීසියේ 150 වැනි සංවත්සර උළෙල’, එහි ප්‍රධාන සම ආරාධිතයා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි නොවි සිටිමට බොහෝදුරට ඉඩ ඇති අතර හෙට පැවැත්වෙන උත්සවයේ කෙටිකෑම සඳහා කොළඹ තරුපහේ හෝටලයකින් රුපියල් ලක්ෂ 50 ක කෑම ඇණවුම් කර ඇති අතර එය අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් වහාම අවලංගු කිරිමටද කටයුතු කර තිබේ.

මේ පිළිබඳව අගමැතිවරයාව දැනුවත් කර ඇත්තේ පොලීසියේ ඉහළ නිළධාරීන් පිරිසක් විසිනි. එකී ඇස්තමේන්තුව අධි ඇස්තමේන්තුගත (over estimate) එකක් බව එකී නිළධාරීන් විසින් අගමැතිවරයාව දැනුවත් කළ පසු මෙය වහා අවලංගු කොට තිබේ. මෙම කෑම සැපයීම බාරව සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාය.

නාමල් අත් අඩංගුවට ගැනිමේ සිද්ධිය ….

“පසුගියදා නාමල් අත් අඩංගුවට ගැනිමත් සමග අගමැතිවරයා පොලිස්පති පුජිත් ජයසුන්දරගෙන් ඒ සම්බන්ධයෙන් විමසිමක් කර ඇති අතර එහිදි ඔහු සදහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් කැදවා පිළිවෙලින් අත් අඩංගුවට ගතයුතු පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳව සාකච්ඡාවක් සිදුකල බවත් අදාළ සාකච්ඡා සදහා ශ්‍රීලනීප මහා ලේකම් දුමින්ද දිසානායක මහතාද සහභාගි වි සිටි බවයි. ”

සම්පූර්ණ කතාව කියවන්න –නාමල් වහාම අත් අඩංගුවට ගන්න නියෝග දුන්නේ ජනපති,පොලිස්පති අගමැතිට කියයි

පූජිත් ජයසුන්දර පොලිස්පතිතුමා රෑට නිදාගන්නෙ වෙනමම කාමරේක බවත් ඒම කාමරයට පොලීසියේ ඉන්න ලස්සන, තරුණ පොලිස් රාළහාමිලා පස්දෙනෙක් ආරක්ෂාවට බව කියමින් ලඟා තබාගෙන බව පුජිතගේ බිරිඳ අගමැතිවරයාට ලිපියකින් දැනුම් දි තිබේන බවද වාර්තා වේ.

Top