Featured

සිරිසේනට රනිල්ගෙන් අභියෝගයක්…මේ පාරත් කෙලවුනොත් “ඔන්න මම නෑ”

ජනතාව ගොනාට අන්දවමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික විශේෂඥයන් ඉදිරිපත් කර පසුව අධිකරණයෙන් ශූන්‍ය කළ වැට්‌ බදු සංශෝධන පනතට යලිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැරලිකාර කණ්ඩායම වන ඒකාබද්ධ විපක්ෂය යලිත් ලේඩක් දැම්මොත් එහි වගකිම සම්පූර්ණයෙන් ජනාධිපතිවරයා භාරගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිසේන ජනාධිපතිවරයාගේ මුණටම කියු බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව එකතු කළ වටිනාකම් බදු (වැට්‌) සංශෝධන පනතට ඊයේ (13 දා) අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගත් අතර පසුව ජනපති,අගමැති මුදල් ඇමති,මලික් සහ සාගල යන අමාත්‍යවරුන් අතර පැවැති සාකච්ඡාවකදි අගමැතිවරයා මේ බව ජනපතිට පවසා තිබේ.

නව පනත අනුව වැට්‌ බදු ප්‍රමාණය සියයට 15 දක්‌වා වැඩි කිරීම එලෙසම තිබුණ ද තොග හා සිල්ලර වෙළෙම එම බද්දට හසුවන වෙළෙඳ පරිමාව වර්ෂයකට මිලියන 50 දක්‌වා වැඩි කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අධිකරණයෙන් ශූන්‍ය කළ පනතේ සඳහන් වූ තොග හා සිල්ලර වෙළෙමට යටත් වන වෙළෙඳ පරිමාව වසරකට මිලියන 12 ක්‌ විය. මේ නිසා දිනකට රු. 33,000 ක වෙළඳාමක්‌ කරන සුළු වෙළෙන්දන් ද වැට්‌ බද්දට යටත්වීම නිසා මුළු රටේම වෙළෙඳ ප්‍රජාවගේ බලවත් විරෝධයක්‌ ඇති විය.

මේ නිසා රජය සුළු වෙළෙඳ ප්‍රජාව වැට්‌ බද්දට හසු නොවන පරිදි තොග හා සිල්ලර වෙළෙඳාම බද්දට යටත් වන වෙළෙඳ පරිමාව නව පනතින් මෙසේ වසරකට රු. මිලියන 50 දක්‌වා ඉහළ නංවා ඇතැයි වාර්තා වේ.

 

මේ අනුව නව වැට්‌ පනත අයවැයට (2017) පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම ශ්‍රීලනිපයේ කණ්ඩායම් මර්දණය කිරිමේ වගකිම ජනපති සිරිසේනට පවරා තිබේ.

මේ අතර තමන් සමග සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක පින්සෙන්දු වි තිබේ.

ඩලස් අලහප්පෙරුම, රංජිත් ද සොයිසා, මහින්දානන්ද අලූත්ගමගේ, කුමාර වෙල්ගම සහ කෙහෙළිය රඹුක්වැල්ල,බන්දුල ගුණවර්ධන, පියල් නිශාන්ත සහ ජානක වක්කුඹුර මන්ත්‍රීවරුන් දුරකතයෙන් පෞද්ගලික ඇමතු ජනාධිපතිවරයා ඉතා ඉක්මනින්ම කැමති තැනකදි තමන් හමුවිමට පැමිණෙන ලෙස ඉල්ලික්මක් කර තිබේ.

Top