Featured

මගේ තාත්තා මැරුම් කෑවේ සෝලංගගේ ගෑණී නිසා….හිරූනිකා රහසක් කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය හරහා ආතල් මරණ දඩුවමක් හිමිවිමෙන් පසුව නාහෙන් අඩාගෙන ගේදර ගිය හිරුණීකා ඊයේ කල අනාවර්ණයක් හේතුවෙන් සමාජයේ කනින්,කොනින් මතුව තිබු රහසක් අතේ පත්තු වි තිබේ.

තමන්ගේ පියා අකාලයේ මියගියේ  (භාරත,ලකී අයියා) එවකට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රා දේශීය සභා සභාපතිගේ බිරිඳ වන තිවංකා සෝලංග ආරච්චි සමග පැවැති අනියම් සබඳතාවය හේතුවෙන් බව හිරුණිකා සිය සමිපතම අයෙකු සමග අනාවරණය කර ඇති අතර එම ස්ථානයේ සිටි භාරතගේ බිරිඳද එය තහවුරු කර තිබේ.අදාළ සිදුවිම සිදුවු දිනයේ භාරත දුමින්ද සොයා යෑමට හේතුව සෝලංගගේ බිරිඳ බව ඒ අනුව තහවුරු වෙමින් තිබේ.

“අපේ තාත්තාව ඔකී අල්ලගේන හුරගෙන කැවා….ඒ විතරක්ද හැම වෙලාවේම තාත්තාට Call කරකර කරදර කළා…..අන්තිමට එදාත් තාත්තා ඔය ගෑණීගේ මගුලකට පැටලිලා තමා මැරුණේ…” යනුවෙන් හිරූණීකා පවසා තිබේ.

ප්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිඳ තරමක් සුන්දර කාන්තාවක් වන අතර කාලයක් තිස්සේ ඇය සහ භාරත ලක්ෂමන් අතර අනියම් සබඳතාවයක් ඇති බවට විවිධ කට කතා කොළොන්නාව පුරා පැතිරි තිබු අතර භාරත ඝාතනය සිදුවු 2011 ඔක්තෝබර් 08 සෝලංගගේ බිරිද සහ තවත් පිරිසක් ඡන්දය භාවිතා කර පැමිණේන අවස්ථාවේ එම ප්‍රදේශයේ සැරිසරමින් සිටි දුමින්ද සිල්වා ඇය සමග ගැටුමක් ඇති කරගත් බවට භාරත ඝාතන නඩු තීන්දුව හරහාද අනාවරණය වි තිබේ.

“බස්නාහිර පළාත් පාලන මැතිවරණය පැවැති 2011 ඔක්තෝබර් මස 08 වැනිදා දහවල් 1.30 ට පමණ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ දුමින්ද සිල්වා මහතා තවත් සීයයක් පමණ පිරිසක් පිරිවරාගෙන ලෑන්ඞ් රෝවර් ඩිෆෙන්ඩර් ලෑන්ඞ් කෲසර් ජීප් සහ මෝටර් රථ වලින්ද යතුරුපැදිවලින්ද එම ස්ථානයට පැමිණි බවත් මන්ත්‍රීවරයා සුදු පාට ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකින් පැමිණි බවත් එලෙස පැමිණි විගස අනුර කඬේ ළඟින් ජීප් රථයෙන් බිමට බැසගත් දුමින්ද සිල්වා මහතා එතැන සිටි කාන්තාවන් අමතා “කාටද ඡන්දේ දැම්මේ” කියා විමසූ විට එහි සිටි එක් කාන්තාවක් කතා කොට “මං සෝලංගආරච්චිගේ වයිෆ් මං ඡන්දේ දැම්මේ මගේ මහත්තයාට” කියා කියනවාත් සමගම දුමින්ද සිල්වා මහතා ඇය සමග සිටි කාන්තාවකට පහරක් ගැසුවේ යැයිද දුමින්ද සමග පැමිණී සෙසු පිරිස ඒ අවට සිටි අයට පහර දීමට පටන් ගත්තේ යැයි ද කීය.”

නමුත් දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුගේ මතය වූයේ ඉතාමත් රූමත් කාන්තාවක් වූ ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ බිරිඳ එහි සිටීම නිසා දුමින්ද සිල්වා මහතා තමන් සමග සිටි පිරිස සමග එහි ගියත් එහි සිටි පිරිසට පහරදීමක් සිදු නොකළ බවය.

උපුටා ගැන්ම භාරත ඝාතන නඩු තීන්දුව

solanga1භාරත පවුල සහ සෝලංගාආරච්චි අතර ගැටුම….

භාරත ඝාතනය විමත් සමග සෝලංගගේ හැසිරිම ගැන අමුතුවෙන් රටේ ජනතාවට කියාදිය යුතු නැත.භාරත ඝාතනය විම ගැන වැඩියෙන්ම සතුටු වුයේ සෝලංගය ඊට ප්‍රධානම හේතුව තමන්ගේ බිරිඳගේ අනියම් ප්‍රේමය අවසන් විම නිසා මිස වෙන හේතුවක් නොව.මේ සිද්ධියේදි දේපාර්ශවයම උගුරට හොරා බෙහෙත් බිවු බව අමතුවෙන් කිවයුතු නැත.

භාරත ඝාතනයෙන් පසුව සෝලංග සමග භාරත පවුලේ සමාජිකයන් දැඩි ලෙස වෛර බැදගත් අතර භාරතගේ අවමගුලෙන් පසු කිසිම උත්සවයකට සෝලංග ඇතුලේ පවුලේ කිසිවෙකුටත් සහභාගි විමට ඉඩකවත් ලැබුනේ නෑ.පසුව හිරූණිකාගේ යහපාලන බලය භාවිතා කරමින් අවිස්සාවේල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස ප්‍රසන්න සෝලංග ආරච්චි මාරුකර යැවිමට පවා කටයුතු කල බව නොරහසකි.

තිවංකා සෝලංග ආරච්චි සහ ප්‍රසංග සෝලංග ආරච්චිගේ මංගල උත්සවයට වියදම් කලේද භාරත ලක්ෂමන් බව ප්‍රසිද්ධ රහසකි.

තවත් රහසක් ලගදිම බලාපොරොත්තු වන්න 

solw

sola

 

 

 

Top