Featured

රවී,අර්ජුන අන්දොස් වේ …..එදිරිසිංහගේ ඔස්ට්‍රේලියානු සගයා FCIDය අල්ලයි

මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙන්ම වරාය අමාත්‍ය අර්ජුන රණතුංගගේ කලු සල්ලි මාෆියාකරු වන වරාය අධ්‍යක්ෂක ධුරයක් දරණ  “එදිරිසිංහ ස්පෙයාර් පාට්ස්” හි එදිරිසිංහ ගේ පුත් සුරේෂ් එදිරිසිංහගේ ඔස්ට්‍රේලියානු සගයා අත් අඩංගුවට ගැනිමට  FCID ය කටයුතු කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා. මේ වන විට FCID කල නියෝගයකට අනුව ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයද අහෝසි කර ඇති අතර  මේ වනවිට ඔහුන්ගෙන් ප්‍රශ්ණ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම අත් අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවි කරුණානායක මෙන්ම වරාය අමාත්‍ය අර්ජුන රණතුංගද දැඩි ලෙස තැතිගෙන සිටින අතර ඉට ප්‍රධානතම හේතුව වි ඇත්තේ සුරේෂ් එදිරිසිංහ හරහා සිදුකෙරෙන සියලුම මාෆියා කටයුතු මෙහෙයවනු ලබන්නේ අදාළ ඔස්ට්‍රේලියානු ජාතිකයා හරහා විමයි.

එදිරිසිංහ මෝටර්ස් හිමිකරුගේ පුතෙකු වන සුරේෂ් එදිරිසිංහ (සුරේෂ් බඩා), වරාය ඇමති අර්ජුනගේ ගජයෙක් වන අතර මේ යාළුකම තරමක් පැරණි එකක්ද වනවා.යහපාලනය උදාවිමත් සමග  මෛත්‍රී පාලනය හරහා අර්ජුනට සෙට් වු සුරේෂ් බඩා එම යාලුකම අලුත් කර ගත්තේ අර්ජුන සුරේෂ්ගේ බිරිය හොර අඹුකමට ගැනිම හරහාය. ඒ හරහා  සුරේෂ්ට වරායේ අධ්‍යක්ෂ ධූරයක් ද ලබාගැනීමට සමත් විය.

සුරේෂ් අර්ජුණ ළඟින්ම ඉඳ ‘අයියා‘ නමින් ආමන්ත්‍රණය කරමින් බලා සිටින්නන්ට ඔවුන්ගේ ළඟ ඇසුර පෙන්වා ඔහුගේ ව්‍යාපාර කටයුතු කරගෙන යයි. සුරේෂ්ද කාන්තාවන්ට ඉතාම ලොල් තැනැත්තකු වන අතර ඔහු අර්ජුණ ‘අයියා‘ටද රිසි සේ කාන්තාවන් රැගෙන විත් දෙනු ලබයි. අර්ජුනත් නිකන් කන්න බොන්න රුසියකු වන අතර මෙම දොලපිදේනි  ලබාගෙන ඔවුන්ට ඕනෑම දෙයක් කර ගැනීමට ඉඩ ලබා දී ඇත. සුරේෂ් අර්ජුනගේ වරායේ නිල නිවස වන හිල්හවුස් නිවසේදී නිතර දැක ගත හැකිය.

සුරේෂ් එදිරිසිංහ යනු ඉඟුරු කඩේ හන්දියේ ඇති එදිරිසිංහ ඔටෝකෝට් සමාගමේ අයිතිකරුගේ  වැඩිමල් පුත්‍රයා වන සුරේෂ් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා  අත දිගහැර වියදම් කරන අයෙකු වන අතර යහපාලනය උදා විමට පෙරසිටම රවි කරුණානායකගේද සමිප ගජයෙකි.රවිට මුදල් ඇමතිකම් ලැබිමත් සමග සිය මාෆියා කටයුතු පුලුල් කල සුරේෂ් මුදල් අමාත්‍යංශයටද අත තිබ්බේ රවිගේ මාෆියා වැඩ සදහා සහය ලබා දිම හරහාය.

Top