Featured

සිරිසේන එජාප සුළු ඡන්ද හලා රනිල්ට ගේමක් දෙයි….

සිරිසේන ජනාධීපතිවරයා සහ එජාප කැරලිකාර කණ්ඩායම එක්ව ඒජාප නායකත්වය පරදවා දැමිම සඳහා සීමිත මෙන්ම රහසිගත කුමන්ත්‍රණයක තොරතුරු අනාවරණය වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හටගෙන ඇති සිතල යුද්ධය පිළිබදව අප දේශපාල වාර්තාකරු රනිල් පිළේ ප්‍රබලයෙකු සමග කල සාකච්ඡාවකදි මෙම කරුණු අනාවරණය වි තිබේ.

එම කුමන්ත්‍රණයට අනුව මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂයට කවදත් හිතවත් මෙන්ම මැතිවරණ වලදි එකට තරග කිරිමට කටයුතු කරන සිංහල නොව සුළු දේශපාලන පක්ෂ (ද්‍රවිධ ජාතික සන්ධානය,ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය) වැනි මැතිවරණ වලදි  තීරණාත්මක සාධකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ සමග එකතු කිරිම හරහා එජාපය දුබල කිරිම මෙම කුමන්ත්‍රණය හරහා ක්‍රියාත්මක වන බවයි රනිල් පිළේ ප්‍රබලයා අනාවරණය කර ඇත්තේ.

එම කුමන්ත්‍රණය හරහා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම සම්පූර්ණයෙන් බිඳදමා ඒ හරහා ඉදිරි මැතිවරණ වලදි එක්සත් ජාතික පක්ෂය පරජය කිරිමත් ඒ හරහා රනිල්ගේ නායකත්වය අඩපණ කිරිමත් අරමුණ වි ඇති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ..මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයා සමග සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බවත් ඉදිරියේ ඒ පිළිබඳව ගන්නා තින්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිතව ඇති බවද  රනිල් පිළේ ප්‍රබලයා අනාවරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පුලුල් අනාවරණයක් බලාපොරොත්තු වන්න

Top